ව්‍යාපාරික පුවත්

රුපියල් බිලියන 21.4 ක පරිපූරක ඇස්තමේන්තුවක් අද (08) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරුණි.

මේ සම්බන්ධයෙන් එළැඹෙන ඔක්තෝම්බර් 23 සහ 24 යන දෙදින තුල පාර්ලිමේන්තු විවාදයක් ලබාදෙන බව කථානායක කරූ ජයසූරිය මහතා සභාවට ප්‍රකාශ කළේය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් අදාල පරිපූරක ඇස්තමේන්තුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේය.

ඒ අනුව ජනාධිපතිවරයා වෙනුවෙන් ගෙන්වන ආරක්ෂක වාහන දෙකට සුඛෝපභෝගී බද්ද වෙනුවෙන් රුපියල් කෝටි 10.1ක් වෙන් කර තිබේ.

මියගිය සහ තුවාල ලැබු සොල්දාදුවන් වෙනුවෙන් වන්දි ගෙවීමට රුපියල් කෝටි 20.9 (209,610,000)ක් , විදුලි බල අමාත්‍යවරයාගේ උපදේශකයින්ට දීමනා ගෙවීමට
රුපියල් ලක්ෂ 14ක් , විදුලි බල මණ්ඩලයේ යෝජිත කාර්යාලයක් සදහා බදුකුලී ගෙවීමට රුපියල් කෝටි 20 (200,000,000 )ක් මෙන්ම තවත් මුදල් ප්‍රතිපාදන රැසක් පරිපූරක ඇස්තමේන්තුවේ සදහන්.

මීට අමතරව මැතිවරණයක් ආසන්නයේ දිස්ත්‍රික්ක 25 ආවරණය වන ලෙස හරිත සමාජ නමින් මුදල් වෙන්කිරීමක් මෙම පරිපූරක ඇස්තමේන්තුවේ ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More