ප‍්‍රධාන පුවත්

අයවැය ඇස්තමේන්තු අතිශයෝක්තියට නංවා තිබීම නිසා අවසාන වශයෙන් එය රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලූවක් කරා මඟ විවර කරනු ඇතැයි රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාව රජයට අනතුරු අඟවයි.

2019 රාජ්‍ය අයවැය ලේඛනයේ මූල්‍ය හා ආර්ථික උපකල්පනයන් ඇගයීමට ලක් කරමින් රජයේ මුදල් පිළිබඳ කාරක සභාව විසින් පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද වාර්තාවේ මේ බව සඳහන් වේ.

මෙසේ රාජ්‍ය අයවැයේ ආදායම් ඇස්තමේන්තු අතිශයෝක්තියට නැංවීම නිසා පාර්ලිමේන්තුව විසින් ඉහළ වියදම් මට්ටම් අනුමත කිරීමට යොමු වනු ඇතැයි ද එවිට අපේක්‍ෂිත ආදායම් නොලැබී යාමෙන් රජයේ අයවැය හිඟය ඉහළ යනු ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

මෙසේ ඉහළ අයවැය හිඟයක් කරා ගමන් කිරීම නිසා ඉහළ ණය ගැනීමේ අවශ්‍යතාවක් මතුවීමෙන් අවසානයේ රාජ්‍ය මූල්‍ය පවත්වා ගැනීමේ ගැටලූවක් කරා මඟ විවර වනු ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ.

මෙසේ රට අධික ණයගැතිභාවයකට පත් වීමෙන් ණය ගෙවීමේ හැකියාවට අදාළ අන්තර්ජාතික අවදානම් මට්ටමේ ශ්‍රේණිගත කිරීම්වලින් පහළ ශ්‍රේණිගත කිරීමේ අගයක් ලැබීමට ඉඩ ඇතැයි ද සඳහන් කරන එම කාරක සභා වාර්තාව අදාළ වියදම් යෝජනාවලට පාර්ලිමේන්තුවට එකඟ වීමට පසුගිය වසරවලදී සිදුව ඇති නිසා මේ ගැටලූව සම්බන්ධයෙන් විශේෂ පරීක්‍ෂාකාරී වීමක් අවශ්‍ය බවට ද අවධාරණය කර ඇත.

විශේෂයෙන් වසර ගණනාවක් පුරා බදු රැුස්කර ගැනීමට අසමත් වූ හා ඒ හේතුවෙන් රජයේ ආදායමට බරපතළ හානියක් සිදුවීමට වගකිව යුතු නිලධාරීන් පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වීම හා අදාළ නිසි කි‍්‍රයාමාර්ග ගැනීමට හෝ ඒ සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තුවට වගකීමක් ඇතැයි ද එහි සඳහන් වේ.

රජයේ මුදල් පිළිබඳ කාරක සභාවේ සභාපති එම්. ඒ. සුමන්දිරන් මහතා මේ වාර්තාව පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න (Video)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡ...


Read More

“මද්‍රසා පාසල් තහනම් කරනු..! පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි” – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි!

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවා...


Read More

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ ර...


Read More