විදේශ පුවත්

සිරියානු ජනාධිපති බෂාර් අල් අසාද්ගේ රජය නැවත වරක් රසායනික අවි භාවිත කළ හොත් නැවත නැවතත් ප්‍රහාර එල්ල කරන බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනි නිකී හේලි ඊයේ (14) ආරක්ෂක කවුන්සිලයේදී පැවැසූවාය.

ඇමෙරිකාව ප්‍රමුඛ හමුදා සිරියාවේ ඩැමැස්කස් නුවර රසායනික අවි ඇතැයි සැක කෙරෙන ඉලක්ක වෙත මිසයිල සහ ගුවන් ප්‍රහාර එල්ල කිරීමත් සමඟ හදිසි ආරක්ෂක කවුන්සිල රැස්වීමක් කැඳවන්නැයි රුසියාව ඉල්ලා සිටියේය. එහිදි අදහස් දක්වමින් ඇමෙරිකා තානාපති නිකී හේලි එම අනතුරු ඇඟවීම කළාය.

“සිරියාවේ රසායනික අවි වැඩසටහන දුර්වල කළ බව අපිට විශ්වාසයි. අපි මේ පීඩනය දිගටම පවත්වාගෙන යනවා. සිරියානු රෙජීමය අපේ හැකියාව ශක්තිය සහ ධෛර්ය පරීක්ෂා කිරීමට තරම් මෝඩ වුවහොත් අපි දැනට වඩා පීඩනයක් එල්ල කරනවා. සිරියානු රෙජීමය නැවත වරක් විස වායු යොදාගත්තොත් ඇමෙරිකා එක්සත් ජනපදය එසැණින් ප්‍රහාර එල්ල කරනවා.” නිකී හේලි තවදුරටත් අනතුරු ඇඟවූවාය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More