මුහුණු පොතෙන්

යහපාලන කම්බා හොරුන් හෙළිදරව් කිරීම’ යන ශීර්ෂ පාඨයෙන් යුතු ‘මාධ්‍ය හමුව’ බ්‍රහස්පතින්දා විපක්ෂනායක කාර්යයාලයේදී පැවැත්වුණේ, මහින්දානන්ද අලුත්ගමගේ, ෂෙශාන් සේමසිංහ, ඩී. වී. චානක, තේනුක විදානගමගේ, ආනන්ද අලුත්ගේ යන මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙනි. මුලින් ම මෙම වැඩසටහන ‘ටොප් ටෙන්’ ලෙසින් නම් කර ‘යහපාලන හොරුන්’ 10 දෙනෙකු අනාවරණය කළ අතර පසුව එය ‘ටොප් ටුවෙන්ටි’ ලෙස වෙනස් කර ‘අනාවරණය කරන හොරුන් ගණන’ 20 දක්වා වැඩි කෙරිණි. පසුගිය බ්‍රහස්පතින්දා හෙළිදරව් කෙරුණේ ’11 වැනි හොරා’ ගැන ය. එනම් ‘රවී කරුණානායක’ගැන ය.

‘‘රවි කරුණානායකගේ බලාගාර ‍ගනුදෙනුව නිසා රුපියල් කෝටි 180ක පාඩුවක් රටට සිද්ධ වෙනවා… යෝජනා කරලා තිබුණු බලාගාර ටික නොහදා විදුලි අර්බුදයක් මැව්වේ මේ ගනුදෙනුවට පාර කපා ගන්නයි… මේක දෙවෙනි වෙන්නේ මහ බැංකු හොරකමට පමණයි…’’ මහින්දානන්ද කීවේ ය.
‘‘රවී ගිය තැන ඉවරයි… සතොසට ගියා සතොස කෑවා… මහ බැංකු හොරාගෙන් ගෙවල් ගත්තා… දුවට ගුදම් පිටින් නිකන් දුන්නා… රේගුවෙන් වාහන පැන්නුවා… කොච්චර චෝදනා තියෙනවද…? හැබැයි ආණ්ඩුව කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ…’’යැයි කීවේ ෂෙහාන් ය.

‘‘ආණ්ඩුව කොහේ පියවර ගන්නද…? මහ බැංකු හොරකමට ඇමැතිකමෙන් අයින් කරලා ටික දවසක් තිබ්බා… ආයෙත් විදුලි බල ඇමැතිකම දුන්නා… මං හිතන්නේ ඒක දෙන්න ඇත්තේ අයින් වෙලා හිටපු ටිකේ හොරකම් කරන්න නොලැබුණු නිසා වෙන්න ඇති…’’ ඩී. වී චානක කීවේය.

මොවුන්ගේ කතාවට ඇහුම්කන් දෙමින් සිටි මාධ්‍යවේදියෙකු පැවසුවේ ‘‘මොනව වුණත් රවී එකොළොස්වැනියට වැටිච්චි එක දුකයි… අඩුම තරමෙ පළමුවැනි පස් දෙනා අතරට යන්න තිබුණා…’’යනුවෙනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More