2015 වසරේ සිට 2018 වසර දක්වා කාලය තුළ රාජ්‍ය ආයතන තුළ සිදුවූ දූෂණ, අක්‍රමිකතා හා රාජ්‍ය සම්පත් හා වරප්‍රසාද අනිසි ලෙස භාවිත කිරීම පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපති පරීක්ෂණ කොමෂන් සභාවක් පත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පියවර ගෙන තිබේ.
විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතාගේ සභාපතීත්වයෙන් යුත් එම කොමිසමට සාමාජිකයින් 05 දෙනෙකු ඇතුළත් වන බව සඳහන්ය.
අදාළ කොමිසම විසින් 2010 වසරේ සිට 2015 වසරේ ජනවාරි මාසය දක්වා කාල සීමාව තුළ සිදුවු දූෂණ අක්‍රමිකතා පිළිබඳව ද විමර්ශන සිදුකල අතර එම වාර්තාව පසුගිය 02 වනදා ජනාධිපතිවරයා වෙත බාරදී තිබුණි.
ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...
කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...
පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...