පුරවැසි කොලම

‘සම්මුතියේ මාලිමාව’ යනු විද්වද් භික්ෂු සංසදය හා තවත් ජාතික සංවිධාන ගණනාවක් එකතු වී පත් කරන ලද මහජන කොමිසමක් විසින් සම්පාදනය කරන ලද දේශපාලනික හා සමාජීය ප‍්‍රතිසංස්කරණ යෝජනාවකි. මෙහි මුඛ්‍ය අරමුණ වන්නේ 1956 දේශපාලන පෙරලියේ දිශානතිය සඳහා මතවාදිමය පදනමක් සැපයූ 1955 බෞද්ධ කොමිසමේිදස පනත’ අනුව යමින් නූතන යුගයට ගැලපෙන දස පනතක් සම්පාදනය කරීමයි. මීට අවුරුදු කීපයකට පෙර මහාචාර්ය ජී. පී. මලලසේකර මහතා ගැන ලියවුණු කෘතියක් දොරට වැඞීමේ අවස්ථාවේදී කතා කරමින් ආචාර්ය සරත් අමුණුගම මහතා 1956 දස පනත ගැන කිසිවෙකුත නොදන්නා තොරතුරුක් හෙළි කළේය. ඔහු කියා සිටියේ 1956 දස පනත සම්පාදනය කිරීමෙන් පසු බෞද්ධ කොමිසම විසින් එම ලියවිල්ල සඳහා දේශපාලන සහයෝගය ලබා ගැනීමේ කාර්යය මහාචාර්ය මලලසේකර මහතාට භාර කළ බවයි. මහාචාර්යතුමා ඇතුලූ පිරීස මුලින්ම ගොස් තිබුණේ ඩඞ්ලි සේනානායක මහතා හමුවීමටය. නමුත් එකල ඩඞ්ලි සේනානායක මහතා දේශපාලන කටයුතුවලින් ඈත් වී සිටීම හේතුවෙන් ඔහු යෝජනා කර තිබුණේ ඒ දස පනත එස්. ඩබ්. ආර්. ඞී. බණ්ඩාරනායක මහතා සමඟ සාකච්ඡුා කළ යුතු බවයි. බණ්ඩාරනායක මහතා එම දස පනත පිළිගත්තා පමණක්් නොව එය ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයටද ඇතුළත් කළේය. බණ්ඩාරනායක මහතාගේ නායකත්වයෙන් පැවති ශී‍්‍රලනිපයේ මතවාදිමය නැඹුරුවේ කොටසක් බවට එම දස පනත පත්වූයේ එලෙසය

1956 මුල් දසපනතේ අන්තර්ගතය වූයේ මෙවැන්නකි – 1. සියලූ කටයුතුවලදී අවිහිංසාව, ප‍්‍රතිපත්තියක් බවට පත්කර ගැනීම. 2. කුමන වේශයෙන් ආවත් මාරයාගේ බලවේගවලට එරෙහි වීම. 3. බෞද්ධ කොමිෂන් වාර්තාවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරීම. 4. සිංහල භාෂාව රාජ්‍ය භාෂාව බවට පත් කරීම. 5. ප‍්‍රජාතන්ත‍්‍රවාදය ප‍්‍රවර්ධනය කර ෆැසිස්ට්වාදී හෝ කොමියුනිස්ට්වාදි ඒකාධිපතිත්වයකට වැට බැදීම 6. දේශීය කලාවන්, වෛද්‍ය සම්ප‍්‍රදායන් සහ ජාතික උරුමයන් ප‍්‍රවර්ධනය කර අල්පේච්ඡු ජීවන රටාවකට හුරුවීම. 7. සියලූ දෙනාටම තම තමන්ගේ ආගම් ඇදහීමේ නිදහස තහවුරු කරන අතර බුදු දහමට සුවිශේෂ තත්ත්වයක් සහතික කරීම. 8. සියලූම පුරවැසියන්ට සතුටුදායක ජීවන තත්ත්වයක් සහතික කරීම. 9. ජාතික ධනය සාධාරණව බෙදී යන ආකාරයට සැලසුම් සම්පාදනය කරීම. 10. ජාතීන් අතර බේද ඇති කරන කිසිදු සංවිධානයකට හෝ ආයතනයකට ආණ්ඩුවේ උදව් උපකාර නොදීම.

සම්මුතියේ මාලිමාව ලියවිල්ලේ අඩංගු නූතන දස පනත සම්පාදනය වී ඇත්තේ වෙනමම විදග්ධ මට්ටමකිනි. මෙම ලියවිල්ලේ ව්‍යවස්ථා ප‍්‍රතිසංස්කරණ, ජාතික ආරක්ෂාව, දේශීය ව්‍යාපාර රැුකගැනීම, ජල මූලාශ‍්‍ර හා පරිසරය රැුක ගැනීම, නීතියේ ආධිපත්‍යය, දුෂණය හා වංචාව පිටුදැකීම, ජාතික සම්පත් ආරක්ෂා කර ගැනීම, සෞඛ්‍ය, අධ්‍යාපනය හා සාධාරණ බදු ප‍්‍රතිපත්තියක් හරහා ජනතාවගේ සුබසාධනය තහවුරු කරීම, දැනුම පදනම් කරගත් ආර්ථිකයක් කෙරෙහි තරුණ පරම්පරාව යොමු කර පර්යේෂණ සංස්කෘතියක් ඇති කිරීම, බෞද්ධ සභ්‍යත්වය හා දේශීය වෛද්‍ය විද්‍යා ක‍්‍රම ඇතුළු සාම්ප‍්‍රදායික බුද්ධිමය උරුමයන් ප‍්‍රවර්ධනය කර ඒ හරහාත් නව ආර්ථික අවස්ථාවන් පාදාගැනීම, ඇතුළු අංගසම්පූර්ණ ප‍්‍රතිසංස්කරණ න්‍යාය පත‍්‍රයක් නූතන දස පනතට ඇතුළත් වෙයි.

මෙහි වැදගත්ම ලක්ෂණ වන්නේ ඉහත කී සියලූම ක්‍ෂේත‍්‍ර සම්බන්ධයෙන් ඇති යෝජනා හුදෙක්ම අභිලාශයන් හැටියට පමණක් සඳහන් නොකොට කෙළින්ම කි‍්‍රයාත්මක මට්ටමට නැංවිය හැකි නිශ්චිත ප‍්‍රතිසංස්කරණ හැටියට සම්පාදනය කර තිබීමයි. මේ සම්බන්ධයෙන් දක්වා ඇත්තේ ප‍්‍රායෝගික ප‍්‍රතිපත්ති සම්පාදකයන්ගේ ආකල්පයක් බව කිව හැකිය. මෙකී නූතන දසපනතේ අන්තර්ගතය සම්බන්ධයෙන් වත්මන් ලේඛකයාගේ විශේෂ අවධානය නිරායාසයෙන්ම යොමු වන්නේ එහි අඩංගු ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ යෝජනා කෙරෙහිය. එය දේශපාලන විචාරකයකු වන මගේ විෂය පථයට ඍජුවම සම්බන්ධ කාරණයකි. මේ රටේ ජාතික සංවිධාන මෙතෙක් කර තිබෙනවාට වඩා ඉතාමත්ම සෘජු හා විප්ලවකාරී ව්‍යවස්ථාමය ප‍්‍රතිසංස්කරණ ගණනාවක් නූතන දසපනතෙන් යෝජනා කර ඇත. මේ අවස්ථාවේ ඒ සියලූ කාරණා සාකච්ඡුා කිරීමට ඉඩක් නොමැති නිසා මෙහි සඳහන් ප‍්‍රධානම යෝජනා තුනක් පිළිබඳව පමණක් මෙහිදී අපි අවධානය යොමු කරන්නෙමු.

1. නූතන දසපනතෙන්ල විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් කරා යා යුතු බවට යෝජනා කර ඇත. එවන් පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් යටතේ රාජ්‍ය නායකයාව පාර්ලිමේන්තුව විසින් පත් කරනු ලබන අතර ඔහු අග‍්‍රාමාත්‍යවරයාගේ හා කැබිනට් මණ්ඩලයේ උපදෙස් අනුව කටයුතු කරනු ඇත.

2. වර්තමාන මනාප මත පදනම් වූ සමානුපාතික ඡුන්ද ක‍්‍රමය අහෝසි කොට 60% – 40% අනුපාතයට කේවල ආසන හා සමානුපාතික දෙමුහුන් ඡුන්ද ක‍්‍රමයක් ඇති කිරීමට යෝජනා කර ඇත.

3. වර්තමානයේ ඇති පළාත් සභා අහෝසි කර ඒ ඒ පළාත්වල පළාත් පාලන ආයතන ප‍්‍රධානීන්ගේ සම්මේලනයට පළාත් බලතල හෙබවීමට සැලසීමට යෝජනා කර ඇත. මධ්‍යම ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමැතිවරයකුට සමාන තත්ත්වයක් සහිතව සෑම පළාතකටම පළාත් ඇමැතිවරු 6 බැගින් පත් කිරීමට ද ඒ යටතේ යෝජනා වී ඇත.

මේ රටේ ජාතිකවාදී පිරිස්වල මතයට අනුව විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට තිබුණු ප‍්‍රධානම බාධකය 13 වන ව්‍යවස්ථාවෙන් හඳුන්වා දුන් පළාත් සභා ක‍්‍රමයයි. නමුත් නූතන දසපනත ප‍්‍රකාශයට පත්වන්නේ මේ රටේ පළාත් සභා ක‍්‍රමය ස්වභාවික මරණයකට ලක්වී ඇති අවස්ථාවකයි. පළාත් සභා වල පල්ලට යැවීමට බලය බෙදීම ඉල්ලා මරහඬ දෙන පිරිස්ම මුල් වී තිබීම දෛවයේ සරදමක් හැටියට අපට සැලකිය හැක. තමන්ගේ දේශපාලන ආධිපත්‍ය රැුක ගැනීමට පළාත් සභා ක‍්‍රමයන් බීලි දීමට දෙමළ ජාතික සංවිධානය පසුබට නොවූහ. 2017 සැප්තැම්බර් මාසයේදී අංක 17 දරණ සංශෝධන පනතින් පළාත් පාලන ඡුන්ද ක‍්‍රමය සංශෝධනය කිරීමට ආණ්ඩුව පියවරගත් අවස්ථාවේදී මේ ආකාරයට කඩිමුඩියේ ඡුන්ද ක‍්‍රමය වෙනස් කරන්නේ ඒ අවස්ථාවේදී දින කිහිපයකින් විසිර යන පළාත් සභාවලට ඡුන්ද නොපවත්වා සිටීමට බව මුළු රටම දැනගෙන සිටියේය.

එය සම්මත කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බලයක් නොමැතිව එම සංශෝධනය සම්මත කළ නොහැකි බව නීතිපතිවරයා කතානායකවරයාට දැනුම් දුන්නේය. දෙමළ ජාතික සංධානයේ ඡුන්ද නොමැතිව පළාත් සභා ඡුන්ද ක‍්‍රමය වෙනස් කිරීමට ආණ්ඩුවට ඉඩ ලැබෙන්නේ නැත. එය සම්මත කිරීමෙන් පසු කවුරුත් බලාපොරොත්තු වූ ආකාරයටම සීමා නීර්ණය කි‍්‍රයාදාමය සම්පූර්ණ නොකොට අවුරුදු දෙකකට වැඞී කාලයක් මුළු පළාත් සභා ක‍්‍රමයම ඇණහිටියේයග 2017 අංක 17 දරණ පනත කි‍්‍රයාත්මක කළ නොහැකි තත්ත්වයක පවතින නිසා අර්ථ නිරූපණ පනතේ 6(2* වගන්තිය යටතේ පැරණි ඡුන්ද ක‍්‍රමයට අනුව පළාත් සභා ඡුන්ද පැවැත්විය හැකිදැයි ජනාධිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් කළ අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් තර්ක කළේ පැරණි ක‍්‍රමය යටතේ වත් පළාත් සභා ඡුන්දයක් නොපැවත්වෙන තැනටය.
පළාත් සභා ඡුන්දය අලූත් ක‍්‍රමයට හෝ පැරණි ක‍්‍රමයට පැවැත්විය නොහැකි බවට ශ්‍රේෂ්ඨාධිකරණයත් තීන්දුවක් දුන්නේය. ඒ අනුව ව්‍යවස්ථාවේ ලිඛිතව පැවතියද අද වන විට බීම් මට්ටමින් පළාත් සභා ක‍්‍රමයක් නැත. පළාත් සභා පොලිස් බලතල පිළිබඳ නීති පසුගිය අවුරුදු 30 මුළුල්ලේ ව්‍යවස්ථාවේ ලියවී තිබුණත් එය කිසිදාක කි‍්‍රයාත්මක නොවුණේය. අද වන විට මුළු පළාත් සභා ක‍්‍රමයම ඒ පළාත් සභා පොලිස් බලතල ගිය මාවතේම ගොස් ඇත. පාර්ලිමේන්තුවේ විශේෂ බහුතරයකින් සම්මත කළ පනතක් සාමාන්‍ය බහුතරයකින් නිෂ්ප‍්‍රභා කළ නොහැක. එම නිසා පළාත් සභා ක‍්‍රමය යළිත් පන ගැන්වීමට නම්ල ව්‍යවස්ථාව සංශෝධනය කිරීමට අවශ්‍ය පාර්ලිමේන්තු බහුතරයම අවශ්‍ය වෙයි. තත්ත්වය එසේ වෙතත් පළාත් තුළ රික්තයක් පවතින්නට ඉඩ හැරීම ලංකාවට හිතකර කාරණයක් නොවේ. දැන් පළාත් සභාත් නොමැති තත්ත්වයක් තුළ බෙදුම්වාදී බලවේග ජාත්‍යන්තරයට ගොස් ඔවුන්ට දැන් තිබුණු දෙයත් නැති වී ඇති බවත්ල කොළඹ ආණ්ඩුවෙන් සියල්ල උදුරාගෙන ඇති බවත් කියමින් අරගල කිරීමට නිමිත්තක් ලැබී ඇත. පළාත් සභාවට ආදේශයකයක් හැටියට ඒ ඒ පළාත්වල පළාත් පාලන ප‍්‍රධානීන්ගේ සම්මේලනයට කටයුතු කිරීමට නීතිමය ඉඩ ප‍්‍රස්ථාවක් සැලසිය යුතු බවට නූතන දසපනතින් කර ඇති යෝජනාව වඩාත් ප‍්‍රඥාගෝචර වෙන්නේ මේ නිසාය.

19 වන සංශෝධනයෙන් ඇති කළ අවුල නිසා විධායක බලය එක්කෝ ජනාධිපතිට නැතිනම් අගමැතිවරයාට ලැබෙන ආකාරයට වියවස්ථා සංශෝධනයක් ගෙන ඒමේ දැඩි අවශ්‍යතාවයක් ඇත. වර්තමානයේ අපට සිටින්නේ බාගෙට ජනාධිපති කෙනෙක් හා බාගෙට අගමැතිවරයෙකි. 1978 ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාගේ බලතල කණු තුනක් උඩ රඳා පැවතියේය. රාජ්‍යයේ සියලූම වැදගත් නතුරුවලට එනම් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, නීතිපති, පොලිස්පති වැනි පත්වීම් කරනු ලැබුවේ ජනාධිපතිවරයාය. කැබිනට් ඇමැතිවරුන් පත් කළේත්, නෙරපුවේත්, ඔවුන්ට විෂයන් පැවරුවේත් ජනාධිපතිවරයාය. ඕනෑම විෂයක් තමන්ට පවරා ගැනීමටත් ජනාධිපතිවරයාට බලය තිබුණි. අවසන් වශයෙන් තම අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසිරුවා හැරීමේ බලය පැවතියේද ජනාධිපතිවරයා අතේය. 19 වන සංශෝධනයෙන් ජනාධිපති බලතල රඳා පැවැති මේ කණු තුනම ගලවා ඇත.

දස දෙනෙකුගෙන් සමන්විත වයවස්ථාදායක සභාව සමඟ අනිවාර්ය එකඟතාවයක් නොමැතිව කිසිදු වැදගත් රාජ්‍ය පත්වීමක් කිරීමට අද ජනාධිපතිවරයාට බලතල නැත. ව්‍යවස්ථාවේ 70 වෙනි වගන්තියට කරන ලද සංශෝධන නිසා අවුරුදු හතරහමාරක් යනතුරු ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමටද බලයක් නැත. 19 වන සංශෝධනයෙන් පසු ව්‍යවස්ථාවේ 43 වන වගන්තියට අනුව අමාත්‍යාංශ ගණන හා එම අමාත්‍යාංශවලට හිමිවන ආයතන තීන්දු කරනු ලබන්නේ ජනාධිපතිවරයාය. ඔහු කැමැති නම් පමණක් අග‍්‍රාමාත්‍යවරයාගෙන් ඒ පිළිබඳව මතය විමසිය හැකිය. නමුත් මේ ඇමැතිකම්වලට මන්තී‍්‍රවරුන් පත් කිරීමේදී අගමැතිවරයාගේ මතය විමසීමට ජනාධිපතිවරයා අනිවාර්යෙන්ම බැඳී සිටි. මේ ආකාරයට කැබිනට් මණ්ඩලය පිහිටුවීමෙන් පසු ජනාධිපතිවරයාට කැමති වෙලාවක විෂයන් බෙදී යාම හා කැබිනට් මණ්ඩලයේ සංයුතිය වෙනස් කළ හැකිය. කැබිනට් මණ්ඩලයක් පිහිටුවූ පසු එහි විෂයන් හා සංයුතිය වෙනස් කිරීමට අගමැතිවරයාගෙන් විමසිය යුතුද යන්න ගැන 43 වගන්තිය නිහඬය.

නමුත් 43(2* වගන්තියේ වදන්වලින් පැහැදිලි වන්නේ අමාත්‍ය ධුර දැරීමට මන්තී‍්‍රවරුන් පත් කිරීමේදී කැබිනට් මණ්ඩලය පිහිටුවීමට පෙර වුවත් පසුව වුවත් අග‍්‍රාමාත්‍ය වරයාගෙන් නොවිමසා ජනාධිපතිවරයාට එය කළ නොහැකි බවකි. 19 වන සංශෝධනයට පෙර ඕනෑම විෂයක් ජනාධිපතිවරයාට තමාට පවරා ගැනීමටත් වෙනත් ඇමැතිවරයකුට පවරා නැති විෂයක් නිරායාසයෙන්ම ජනාධිපතිවරයාට හිමිවන පරිදි විධි විධාන සලසා තිබුණු 44(2* වගන්තිය දැන් ව්‍යවස්ථාවේ නැත. ඉදිරියේදී පත්වෙන ජනාධිපතිවරයකුට ඒ අනුව තමාට විෂයන් පවරා ගැනීම හෝ වෙනත් ඇමැතිවරයකුට පවරා නැති විෂයක් තමන් යටතේ තබාගැනීමට නොහැකි වනු ඇත. මේ හේතුවෙන් ජනාධිපතිවරයාගේ බලතල විශාල වශයෙන් අඩුවී ඇත. වර්තමාන ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන ආරක්ෂක ඇමැති ධුරයත් වෙනත් ඇමැතිකම් කීපයකුත් දරන්නේ 19 වන සංශෝධනයේ සංක‍්‍රාන්තික විධිවිධාන නිසා පමණි.
තව සති කීපයකින් සිරිසේන ජනාධිපතිතුමාගේ ධුර කාලය අවසන් වන විට ඒ සංක‍්‍රාන්තික විධි විධානද බල රහිත වෙයි.

ඊළඟ ජනාධිපතිට කිසිම අමාත්‍යාංශයක් හෝ වෙනත් ඇමැතිවරයකුට පවරා නැති විෂයක් තමන් යටතේ පවත්වාගෙන යාමට ව්‍යවස්ථාවේ විධි විධානයක් නැත. තවද, ජනාධිපතිවරයාගේ කි‍්‍රයාකාරකම් ශේ්‍්‍රෂ්ඨාධිකරනයේ ගොනු කරන මූලික අයිතිවාසිකම් පෙත්සමක් මාර්ගයෙන් අභියෝගයට ලක් කිරීමට 19 වන සංශෝධනයෙන් ඉඩ සලසා තිබේ. පසුගිය ඔක්තෝබර් මාසයේදී ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරිය අවස්ථාවේදී මේ විධි විධානය කි‍්‍රයාත්මක වූ අතර ශ්‍රේෂ්ඨාධිකරණය ඒ සම්බන්ධයෙන් දුන් තීන්දුව නිසා තවත් බලතල ජනාධිපතිවරයාගේ අතින් ගිලිහී ගොස් ඇත. 19 වන සංශෝධනයෙන් මේ ආකාරයට ජනාධිපතිවරයාගේ බලය කප්පාදු කර තිබුණත් අගමැතිවරයාගේ කාර්යභාරය නිශ්චිතව සඳහන් කර නැත. අගමැතිවරයා කැබිනට්ටුවේ සිටියද ඔහු කැබිනට් මණ්ඩලයේ ප‍්‍රධානියා හෝ ආණ්ඩුවේ ප‍්‍රධානියා නොවෙයි. මේ තනතුරු දෙකම තාම ඇත්තේ ජනාධිපතිවරයාටය. 43(2* වගන්තියෙන් ඇමැතිවරු පත් කිරීමේදී කේන්ද්‍රීය කාර්යභාරයක් අගමැතිවරයාට පවරා තිබීම මත පමණක් ඔහුට යම් බලයක් පැවරී ඇත.

මේ ආකාරයට නායකයන් දෙදෙනෙකුට එක රටක් පාලනය කළ නොහැක. රාජ්‍ය පාලනය දිගටම අවුල් වීම වැළැක්වීමට නම් මේ තත්ත්වය අනිවාර්යෙන්ම වෙනස් කළ යුතු වේ. දෛවයේ සරදමකට මෙන්, 19 වෙනි සංශෝධනයෙන් ඇතිකර තිබෙන මේ ක‍්‍රමය පවුලේ සමගියට ප‍්‍රසිද්ධියක් දරන රාජපක්ෂ සහෝදර සමාගමට නම් ගැලපීමට ඉඩ ඇත. නමුත් මේ ක‍්‍රමය වෙනත් කිසිවකුටවත් සාර්ථකව කි‍්‍රයාත්මකව කිරීමට නොහැකි වෙනු ඇති. එය රනිල් වික‍්‍රමසිංහ – මෛතී‍්‍රපාල සිරිසේන සුසංයෝගයට ගැලපුනේ නැත. චන්ද්‍රිකා කුමාරතුංග හා අනුර බණ්ඩාරනායක යන අක්ක – මලෝ සුසංයෝගයටත් එය ගැලපේ යැයි සිතිය නොහැක. ඔය තනතුරු දෙක අද තිබුණේ ජේ. ආර්. ජයවර්ධන හා ආර්. පේ‍්‍රමදාස අතරේ වුවත් ගැටුම් ඇතිවීම වැලැක්විය නොහැක. සජිත් පේ‍්‍රමදාස හා රනිල් වික‍්‍රමසිංහ පිළිවෙළින් ජනාධිපති හා අගමැති ධුරවලට පත්වුවහොත් පළමු දිනයේ සිටම යුදමය තත්ත්වයක් පවතිනු ඇත.

මෙය දෙපැත්තකින් එක පැත්තකට තල්ලූකොට, එක්කෝ ජනාධිපතිවරයාට නැතිනම් අගමැතිවරයාට බලය යන ආකාරයට ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනවිත් විසඳුමක් දිය යුතු තත්ත්වයකි. විධායක බලය ජනාධිපතිවරයා දෙසට තල්ලූ කොට නැවතත් ජේ. ආර්. ජයවර්ධන පන්නයේ ජනාධිපතිවරයකු නිර්මාණය කිරීමට උත්සාහ ගතහොත් එයට එරෙහිව නැගී එන විරෝධයෙන් එවන් උත්සාහයක් ගන්නා පුද්ගලයා දේශපාලනිකව විනාශ වනු ඇත. එමනිසා මෙම ප‍්‍රශ්නය විසඳීමට ප‍්‍රායෝගිකව ඇති එකම විකල්පය වන්නේ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කොට පාර්ලිමේන්තු ආණ්ඩු ක‍්‍රමයක් ඇති කිරීමය. මේ යතාර්ථය තේරුම් ගැනීමට තරම් නූතන දසපනත ප‍්‍රායෝගික වී ඇති බව මෙහිදී සඳහන් කළ යුතුය.

නූතන දස පනතේ මැතිවරණ ක‍්‍රමයේ සංශෝධන පිළිබඳව ඇති යෝජනාව ගැන කිසිදු මතභේදයයක් නැත. මෙය දීර්ඝ කාලයක් මුළුල්ලේ සියලූ දෙනා විසින් කරන ලද ඉල්ලීමකි. ඒ ඒ ඡුන්ද කොට්ඨාශවලට තේරී පත්වන මන්තී‍්‍රවරයෙක් හා පාර්ලිමේන්තු මැතිවරණ දිනන පක්ෂයට පාලනයක් කරගෙන යාමට ප‍්‍රමාණවත් බහුතරයක් ලබාදෙන ඡුන්ද ක‍්‍රමයක් කාගේත් අපේක්ෂාව වෙයි. වර්තමානයේ පවතින සමානුපාතික ඡුන්ද ක‍්‍රමය යටතේ මහ මැතිවරණය දිනන පක්ෂයට පාර්ලිමේන්තුවේ පැහැදිලි බහුතරයක් ලැබී ඇත්තේ 1989 හා 2010දී පමණි. මේ නිසා විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීමට සමගාමීව මැතිවරණ ක‍්‍රමයේ වෙනසක්ද අනිවාර්යෙන්ම අවශ්‍ය වේ.
නූතන දස පනත ලෝකයට හඳුන්වා දෙමින් සම්පාදනය කර තිබෙන සම්මුතියේ මාලිමාව නමැති මේ ලියවිල්ලේ සුවිශේෂම ලක්ෂණය වන්නේ ජාතිය මුහුණ දී ඇති මෙවන් මතභේදාත්මක කාරණා සම්බන්ධයෙන් ගෙන ඇති ප‍්‍රායෝගිකවාදී ප‍්‍රවේශයයි.

සී. ඒ. චන්ද්‍රපේ‍්‍රම විසිනි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More