දේශීය පුවත්

රටපුරා ෆාමසි ජාලයක් හිමි කෝටිපති ව්‍යාපාරිකයකුගේ ඇණවුමට ව්‍යාජ ලෙස නිපදවූ ඖෂධ සහ කල් ඉකුත් වූ ඖෂධ නැවත ඇසුරුම් කිරීමේ ජාවාරමක් කැලණිය ප්‍රදේශයෙන් සොයා ගෙන ඇත.

ජාතික ඖෂධ නියාමන අධිකාරිය මේ වැටලීම සිදු කර ඇත.

කුඩා ළමුන්ට දෙන chlorpheniramine වර්ගයේ සිරප්, tramadol වර්ගයේ වේදනා නාශක පෙති, කාන්තාවන් සිරුර හැඩ වීමට ලබා ගන්නා ඖෂධ, කුඩා ළමුන්ට සහ ගැබිණි මව්වරුන්ට ලබා දෙන විටමින් වර්ග, memory guard, optiguard, liverguard, slimfast  ආදී ඖෂධ මෙසේ ව්‍යාජ ලෙස නිපදවා ඇත.

මෙය ඉතා පහත්  පෙලේ තුච්ඡ ජාවාරමක් බවත් මේ පිටුපස තිබු සැබෑ අරමුණ මුදල් ඉපයීම පමණක්ද ඉන් එහා ගිය අරමුණක් ද තිබුණි ද?  ව්‍යාජ ලෙස නිපද වූ ඖෂධ කරල්,පෙති, සිරප් වල සැබෑ සංයුතිය කුමක්ද? යන්න අප්‍රමාදීයව සොයා බැලිය යුතු බව රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ඖෂධ විද්‍යාව පිලිබඳ මහාචාර්ය වෛද්‍ය චන්න ජයසුමන මහතා මාධ්‍ය හමුවක් පවත්වමින් පැවසීය.

කෙසේ වෙතත් මෙම  ෆාමසි ජාලය අදත් කිසිදු වෙනසක් නොදක්වා සිය වෙළදාම් කටයුතු සිදු කරන අයුර දක්නට ලැබුණි.

– ප්‍රභාෂ්වර රත්නසුරිය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

‘අපි එකතු වෙලා වැඩ කරමු’ – කලාපීය බලවතාගෙන් ජනපතිට හා අගමැතිට යෝජනාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අසල්වාසී ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රිකව හා සමීපව වැඩකටයුතු කිරීම...


Read More

අපිට විශාල අභියෝග තිබෙනවා – කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති කියයි

කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව. "ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අප සඳහන් කළා අපිට හැකිවන පළමු අවස්ථාවේදී මහ මැතිව...


Read More

නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දෙයි…අලුත් ඇමතිවරු මෙන්න.. (Video)

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් නව කැබිනට් මණ්ඩලයේ ඇමැතිවරු අද පත් කර තිබේ. මීළඟ මහා මැතිවරණයතෙක් භාරකාර ආණ්ඩුවක් පවත්වා ගැනීම සදහ...


Read More