දේශීය පුවත්

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

නව රාජ්‍ය අමාත්‍යවරු දෙදෙනෙක් සහ නියෝජ්‍ය අමාත්‍යවරු පස් දෙනෙක් අද (12) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

ඔවුන්ගේ නම් පහත පරිදි වේ.

රාජ්‍ය අමාත්‍යවරු

01- රංජිත් අළුවිහාරේ මහතා – සංචාරක, සංවර්ධන හා කි‍්‍රස්තියානි ආගමික කටයුතු රාජ්‍ය අමාත්‍ය

02- ලකී ජයවර්ධන මහතා – කඳුරට නව ගම්මාන, යටිතල පහසුකම් හා ප‍්‍රජා සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

නියෝජ්‍ය අමාත්‍යවරු

01- අජිත් මාන්නප්පෙරුම මහතා – පරිසර නියෝජ්‍ය අමාත්‍ය

02- අංගජන් රාමනාදන් මහතා – කෘෂිකර්ම නියෝජ්‍ය අමාත්‍ය

03- කාදර් මස්තාන් මහතා – නැවත පදිංචි කිරීම, පුනරුත්ථාපන, උතුරු සංවර්ධන හා හින්දු ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය

04- එඞ්වඞ් ගුණසේකර මහතා – අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය

05- නලින් බණ්ඩාර ජයමහ මහත – රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය

————————————————————
රංජිත් අලූවිහාරේ සංචාරක, නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන, අද දිවුරුම් දෙන එජාපයේ පසුපෙළ 06දෙනා මෙන්න

එක්සත් ජාතික පක්‍ෂයේ පසුපෙළ මන්තී‍්‍රවරුන් හය දෙනෙකු නියෝජ්‍ය අමාත්‍ය ධුරවල අද (12) දිවුරුම්දීමට නියමිතය. එ්, ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

මෙම උත්සවය පෙරවරු 9.00 ට ආරම්භ වනවන අතර පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන අජිත් මාන්නප්පෙරුම, රංජිත් අලූවිහාරේ, නලින් බණ්ඩාර, බුද්ධික පතිරණ, ලකී ජයවර්ධන සහ එඞ්වඞ් ගුණසේකර මෙලෙස නියෝජ්‍ය අමාත්‍යවරුන් ලෙස මෙහිදී දිවුරුම් දීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.

ඒ අනුව අද දිනයේදී ලකී ජයවර්ධන කදුරට උරුමය හා මහනුවර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අජිත් මාන්නප්පෙරුම මහා නගර හා බස්නාහිර සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් දිවුරුම් දෙනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.

රංජිත් අලූවිහාරේ සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස සහ එඞ්වඞ් ගුණසේකර අභ්‍යන්තර කටයුතු හා වයඹ සංවර්ධන නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම්දීමට නියමිතය.

නලින් බණ්ඩාර රාජ්‍ය පරිපාලන නීතිය හා සාමය නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් බුද්ධික පතිරණ වෙළද වාණිජ හා කර්මාන්ත නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙසත් අද දිවුරුම් දීමට නියමිතය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ අගමැති කමින් ඉල්ලා අස්කරවීමට ඇතුලෙන් කුමන්ත්‍රණයක් – මහින්ද කඩුව බිම තබන්නේ නැත

රනිල් වික්‍රමසිංහ මහතා සමග යම් එකඟතාවකට පැමිණ සිටින පොහොට්ටුව පක්ෂයේ යම් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාට ඉල්ලා අස්වන ලෙස බල කරන බව වාර්තාවේ....


Read More

අද දින පාර්ලිමේන්තුවේ සිදුවූ සියල්ල නීති විරෝධීයි – විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය

අද දින (14) පාර්ලිමේන්තුව අභිනවයෙන් රැස්වීමේ දී සිදුවූ සියල්ල නීති විරෝධී බව ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය වරුන්ගේ සංගමයේ ප්‍රකාශක ජේෂ්...


Read More

ජවිපෙ හදිසිය නිසා විශ්වාස භංග යෝජනාව අවුල් වේ

ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත් හේරත් මන්ත්‍රීවරයා විසින් ඉදිරිපත් කළ අගමැතිවරයාට එරෙහි විශ්වාසභභංග යෝජනාව විවාදයටයට ග...


Read More