දේශීය පුවත්

වත්මන් යහපාලන රජයට පාර්ලිමේන්තුවේ බහුතර මන්ත්‍රී සහාය අහිමිවීමේ අනතුරක් හටගතහොත් දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවෙන් පිටත සිට රජයට සහාය පළකිරීම ගැන පක්ෂයේ අභ්‍යන්තර සාකච්ඡාවක් ආරම්භ කර ඇතැයි වාර්තා වෙයි.

යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කරගැනීමට යහපාලන රජය ස්ථාවරව පවත්වාගෙන යා යුතු හෙයින් අවශ්‍ය අවස්ථාවක රජයට සහාය විය යුතු බවට දෙමළ සන්ධානයට උපදෙස් දී ඇත්තේ ප්‍රබල යුරෝපා රටවල් තුනක තානාපතිවරුන් බවද දැනගන්නට ඇත.

මේ ගැන දෙමළ ජාතික සන්ධානය තුළද ප්‍රබල මතගැටුමක් හටගෙන තිබේ. ඊට හේතුවී ඇත්තේ දෙමළ සන්ධානය රජයට සහාය පළකරන්නට ගියහොත් මහ ඇමැති විග්නේෂ්වරන්ගේ විකල්ප දේශපාලන පක්ෂය උතුරේ හිස ඔසවනු ඇතිබවට දෙමළ සන්ධාන නායකයන් තුළ හටගෙන තිබෙන සැකයයි.

කෙසේ වෙතත් තානාපති අංශවලින් එල්ලවන ප්‍රබල බලපෑම් හමුවේ මේ ගැන අවසන් තීන්දුවක් ගැනීම කල්දමා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පෙත්සම් විභාගය අවසන් : මෙන්න තින්දුව

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නි...


Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යන්න

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත...


Read More

නීතිපතිගෙන් අවුලක් නෑ…ජනපතිට එරෙහි සියලු පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවර...


Read More