ප‍්‍රධාන පුවත්

ජනාධිපතිතුමා මේ රටේ යුද අපරාධ සිද්ධ නොවුණ බව විශ්වාස කරන්නේ නම් ඒ පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡා කර යුද අපරාධ චෝදනා වලින් අප රට නිදහස්‌ කරන ලෙස එම සංවිධානයෙන් ඉල්ලා සිටිය යුතු බව ජාතික සංවිධාන එකමුතුවේ කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා ප්‍රකාශ කර සිටියේ ඊයේ (24 දා) නාවල රාජගිරියේ පිහිටි ජාතික සංවිධාන පොදු මධ්‍යස්‌ථානයේදී පැවැති මාධ්‍ය හමුවේදීය. එහිදී තවදුරටත් අදහස්‌ දැක්‌වූ ඒ මහතා මෙසේද පැවැසීය.

පළමුවෙන්ම අපගේ අවධානය යොමු කළ යුත්තේ රණවිරු ජයග්‍රහණය සැමරූ ආකාරය පිළිබඳව තමයි. මේ පිළිබඳව සලකා බැලුවහම අවසාන වශයෙන් පෙනී යන්නේ මේ වන විට එම දිනය දෙමළ ජාතිවාදී බෙදුම්වාදීන්ගේ අවශ්‍යතා ඉටුකරන දිනයක්‌ බවට පත්වී ඇති බවයි. ඒ වගේම මේ ආණ්‌ඩුව බලයට පත්වූදා සිට යුද ජයග්‍රහණය සැමරීම නවතා දමා තිබෙනවා. මහින්ද අමරවීර ඇමැතිවරයා ප්‍රකාශ කර තිබෙනවා එම සැමරුම සඳහා විශාල වියදමක්‌ යන බවත්, දැන් එම මුදල් රණවිරුවන්ට ලබාදිය හැකි බවත්. ආණ්‌ඩුව මේ සූදානම් වන්නේ එම දිනය සම්පූර්ණයෙන්ම දියකරල හරින්න.

සමහර යුද කඳවුරුවලදී යුද ජයග්‍රහණය සමරා තිබෙනවා. නමුත් යාපනයේදී රෙජිනෝල්ඩ් කුරේ මහතාගේ ප්‍රධානත්වයෙන් එම සැමරුම පවත්වා තිබෙන්නේ මැයි 4 වැනි දින තමයි. උතුරේ මහ ඇමැතිවරයා වන විග්නේෂ්වරම් ප්‍රකාශ කරල තිබෙනවා මැයි 18 දිනය සිංහල ආණ්‌ඩුව කළ මනුෂ්‍ය ඝාතන සමරන දිනයක්‌ කියල. එය උපරිමයෙන් සිදුවූ දිනය ලෙස තමයි ඔහු මැයි 18 හඳුන්වා තිබෙන්නේ. ප්‍රභාකරන් විනාශ වූ එම දිනය දිගින් දිගටම සැමරිය යුතු බවත් ඔහු ප්‍රකාශ කරල තිබෙනවා.

ඒ වගේම එම සමරුවේදී සිද්ධ වූ සමහර දේ සමහරුන් දන්නෙත් නෑ. විග්නේෂ්වරම් කොටි සමරුව සිද්ධකළ අවස්‌ථාවේදී කිළිනොච්චියේ පිහිටි පෞද්ගලික බැංකුවකුත් එම සැමරුම සිද්ධ කර තිබෙනවා. එම සැමරුම කරල තිබෙන්නේ බැංකුවේ දෙමළ සංහාර දිනය යනුවෙන් බැනරයකුත් ප්‍රදර්ශනය කරමින්. එම බැංකුවේ ශාඛා 25 ක්‌ රට පුරා තිබෙනවා. ආණ්‌ඩුවේ ඇමැතිවරයකුගේ බෑණා තමයි එම බැංකුවේ සභාපතිවරයා වන්නේ. එම කටයුතු සිද්ධ කිරීමට ආණ්‌ඩුව ඉඩදීල තිබෙනවා.

ඒ අතර ආණ්‌ඩුව විරු සමරුව පැවැත්වූ ආකාරයත් පුදුම සහගතයි. හමුදා පෙරඩ් එක පැවැත්වූයේ නෑ. ඒ වෙනුවට ජනාධිපතිතුමා පහන් පත්තු කරල අපේ හමුදාව මනුෂ්‍ය ඝාතන සිද්ධ කරල නැති බව සඳහන් කරල තිබෙනවා. එහෙම කිව්වට මානව හිමිකම් සංවිධානය දිගින් දිගටම ප්‍රකාශ කරල තිබෙනවා මේ රටේ මනුෂ්‍ය ඝාතන සිද්ධ වූ බව. එපමණක්‌ නොවෙයි එම චෝදනාව ඉදිරිපත් කරල ඇමරිකාව යෝජනාවක්‌ ගෙන ආ අවස්‌ථාවේ මේ ආණ්‌ඩුව වෙනුවෙන් මංගල සමරවීර එම යෝජනාව අනුමත කළා. බොහෝ දෙනා නොදන්නා කාරණයක්‌ තමයි ඇමරිකාව, දෙමළ සන්ධානය සහ මේ රටේ ආණ්‌ඩුව සාකච්ඡා කරල එම යෝජනාව ගෙන ආ බව. එහෙම ඉතිහාසයක්‌ තිබෙන නිසා ජනාධිපතිතුමා අපේ රණවිරුවන් යුද අපරාධ කරල නැහැ කියන එක නිකන් ප්‍රලාපයක්‌ පමණයි. නමුත් ජනාධිපතිතුමා විශ්වාස කරනවා නම් යුද අපරාධ සිද්ධ වුණේ නැහැ කියල ඒ පිළිබඳව එක්‌සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම සමග සාකච්ඡා කළ යුතුයි. එහිදී අපට ඉදිරිපත් කර තිබෙන යුද අපරාධ චෝදනා ඉවත් කර ගන්නා ලෙස ඉල්ලා සිටිය යුතුයි. ඒ වගේම රණවිරුවන් සමරණ හමුදා පෙරඩ් එක යළිත් පැවැත්වීමට කටයුතු කළ යුතුයි.

අනෙක්‌ කාරණය තමයි ජනතා විමුක්‌ති පෙරමුණ ගෙන ඒමට සූදානම් වන 20 වන සංශෝධනය. මෙම ව්‍යවස්‌ථා සංශෝධනය ගෙන එන්නේ රනිල් වික්‍රමසිංහට කරන්න බැරි වූ දේ අනුර කුමාරට කියල කරව ගන්න. මේක ඇමරිකාව සහ රෝ සංවිධානය ඒකාබද්ධව කරනලද කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක්‌. අනුර කුමාර ලස්‌සන කියමනක්‌ කියල තිබුණා. ඔහු කියල තිබෙනවා මහින්ද රාජපක්‍ෂ යුද්ධය දිනුවේ නෑ. යුද්ධය දිනන කොට ඔහු හිටියා පමණයි කියලා. ඒ හැර වෙන කිසිවක්‌ නැහැ කියලා. ඒ අනුව අනාගතයේදී කියන්න පුළුවන් ජ.වි.පෙරමුණ රට පාවා දුන්නේ නෑ. රට පාවා දෙනකොට ජ.වි. පෙරමුණ හිටියයි කියලා. ඒ වගේ ජඩ කතා කියන එම පක්‍ෂය මේ සූදානම් වන්නේ ඇමරිකාවට සහ රෝ සංවිධානයට අවශ්‍යවී තිබෙන රට බෙදීම සිද්ධ කරන්න.

ජාතික හිමිකම් සංවිධානයේ සභාපති පූජ්‍ය බෙංගමුවේ නාලක හිමි-

ආණ්‌ඩුව මැයි 18 වැනි දින ගැසට්‌ කරල තිබෙනවා සාපරාධි ක්‍රියාවලදී අෙන්‍යාන්‍ය සහයෝගය දැක්‌වීමේ සංශෝධන කෙටුම් පතක්‌. මෙම පනත 2002 දී තමයි පාර්ලිමේන්තුවේ සම්මත කර තිබෙන්නේ. එම පනත සම්මත කරල තිබුණේ පොදු රාජ්‍ය මණ්‌ඩලයේ රට වලට බලපාන ආකාරයෙන් පමණයි. එම පනතට අනුව පොදු රාජ්‍ය මණ්‌ඩලයට යටත් රටවල්වලින් යම් රටක්‌ තවත් රටකින් යම් සාපරාධි අපරාධයක්‌ කළ අයෙකු ඉල්ලා සිටියොත් භාරදිය යුතු වෙනවා. නමුත් මෙම සංශෝධන පනත නිසා එම සීමාව ඉක්‌මවා ගොස්‌ ඕනෑම රටකින් ඉල්ලුවොත් භාරදීමට සිද්ධ වෙනවා. භාරදෙන්නේ සාක්‍ෂිකරුවන් ලෙස තමයි. නමුත් ඒ රටට ගෙන ගිය පසු විත්තිකාරයකු බවට පත් වෙනවා. මෙම පනත ඉතාම සූක්‍ෂම ආකාරයට සංශෝධනය කර තිබෙනවා. මෙම පනත නිසා දෙමළ ඩයස්‌පෝරාවේ සාමාජිකයන්ට වෙනත් රටවල් සමග සම්බන්ධ වී විවිධ චෝදනා ඉදිරිපත් කර අපගේ රණවිරුවන්ව අත්අඩංගුවට ගැනීමට අවස්‌ථාව උදාවෙනවා. මෙම පනත සංශෝධනය කරන්නේම රණවිරුවන් දඩයම් කිරීම සඳහා තමයි.

මානව හිමිකම් කටයුතු පිළිබඳ නීතිඥ කල්‍යානන්ද තිරාණගම මහතා-

මේ රටේ ජන සංහාරයක්‌ සිද්ධ වූ බවට චෝදනා කරනවා. සාමාන්‍යයෙන් ඉංගී්‍රසි භාෂාවෙන් පුද්ගලයන් සංඛ්‍යාවක්‌ ඝාතනය කිරීම හඳුන්වන්නේ “මැසඩ” කියල. නමුත් දෙමළ බෙදුම්වාදීන් උතුරේ සිදුවූ බව කියන සිදුවීම් ඉංගී්‍රසි බසින් හඳුන්වන්නේ ජෙනොසයිඩ් කියල. එම වචනය යොදා ගන්නේ ජාතියක්‌ විසින් තවත් ජාතියක්‌ විනාශ කිරීම හැඳින්වීම සඳහා තමයි. මෙම හැඳින්වීම ඉතා භයානක ප්‍රතිඵල ඇතිවන තත්ත්වයක්‌. ජාතියක්‌ විසින් තවත් ජාතියක්‌ විනාශ කිරීම යුද අපරාධයක්‌. එබඳු අවස්‌ථාවකදී ජාත්‍යන්තරය මැදිහත් වීමකට අවස්‌ථාව තිබෙනවා. පසුගිය දිනවලදී ශිවාජිලිංගම්ලා, විග්නේෂ්වරම්ලා ජාත්‍යන්තර මැදිහත් වීමක්‌ ඉල්ලා සිටියේ එම කරුණු පදනම් කරගෙන තමයි. මෙම තත්ත්වය නිසා රට බිහිසුණු අනතුරකට පත්වී තිබෙනවා.

එරික්‌ ගාමිණී ජිනප්‍රිය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොහොට්ටුවේ ජනපති අපේක්ෂක බැසිල්…අම්පාරෙන් සටන අරඹයි

මීලග ජනාධිපති අපේක්‍ෂකයා ලෙස ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක හිටපු ඇමති බැසිල් රාජපක්‍ෂ මහතා නම් කරන්නේ නම් තමන් ඉතාම සතුටු වන බව ඒක...


Read More

කොටහේනෙත් 9:15 ට වෙඩි තැබීමක්

කොටහේන පොලිස් වසමේ ජම්පටාවිදිය, 137 වත්ත ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි නාඳුන පුද්ගලයින් දෙදෙනෙකු විසින් තවත් පුද්ගලයෙකුට වෙඩි තබා පලා...


Read More

මහා නායක පදවි දෙකෙන් සුද්දෝ රට කැඩුවා – කිරම හිමි (Video)

මේ දිනවල භික්ෂූන් වහන්සේලා සිදු කරන විවිධ ප්‍රකාශ දේශපාලන කරළිය උණුසුම් කරන්නට සමත් වී ඇත විශේෂයෙන් ම අස්ගිරි අනු නා හිමියන් ගංගාරාමයේ පො...


Read More