දේශීය පුවත්

මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් අධිකරණයෙන් මරණීය දණ්ඩනය නියමවී, දඩුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට තමා ඉදිරියේදී අත්සන් තබන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මරණීය දණ්ඩනය පිළිබඳ බෞද්ධ සමාජයක් ලෙස විවිධ මත පැවතිය ද, ලෝකයේ කිසිදු රටක නොමැති අන්දමින් බණ කියන සහ බණ අසන සමාජයක් මෙතරම් වැරදි මග යනවා නම් එය පාලනය කිරීම සඳහා ගත යුතු තීන්දු තීරණ නිසි කලට ගතයුතු බව ද එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද (11) මහනුවර ගැටඹේ නාගරික ක්‍රීඩාංගණයේ දී පැවැති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මහනුවර දිස්ත්‍රික් සමුළුව අමතමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ කීවේය.

මේ අතර අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් රාජිත සේනාරත්න මහතා පවසා සිටියේ මත්කුඩු ඡාවාරමට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීමට යෝජනා වුවත් තමා ප්‍රතිපත්තියක් ලෙස එයට විරැද්කාධ වන බවට.

කැබිනට් මණ්ඩලයේ දී ඒකමතිකව ජනාධිපතිවරයා විසින් ගෙන ආ මෙම තීරණයට එකඟතාවය පළ කරමින් සියලු දෙනා සතුටු වුවත් මෙවැනි තීරණ ක්‍රියාත්මක කිරීමෙන් ප්‍රතිඵලයක් ලබා ගත නොහැකි බව අනාවරණය වී ඇති බව ද අමාත්‍යවරයා අවධාරණය කළේය.

මත්කුඩු ඡාවාරමේ නියැලී සිටින දැනට වැරදිකරුවන් වී බන්ධනාගාරවල සිටින හා නැවත නැවතත් එම ඡාවාරමට වැරදිකරුවන් වු පුද්ගලයින් 19 දෙනෙකු මේ වන විට හඳුනා ගෙන ඇති බව ජනාධිපතිවරයා පැවසු බවත් ඔවුන්ට මෙම නීතිය යටතේ එල්ලා මැරීමට තීන්දුවක් ගත් බවත් අමාත්‍යවරයා පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රට යන්න අවසර ලැබෙයි: බැසිල් ඇමෙරිකාවට

ඉකුත් ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට ජී.අයි. පයිප්ප බට මිලදී...


Read More

න්‍යාය පුස්තකයෙන් ඉවත් කළ පනත් දෙකක් යළිත් කරළියට

වසර දෙකකට පෙර පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කර තිබියදී පාර්ලිමේන්තුවට නැවත ඉදිරිපත් නොකරන බවට තීරණය කර තිබූ ථෙරවාදී කථිකාවත් පනත හා...


Read More

විශේෂ මහාධිකරණය අද සිට ක‍්‍රියාත්මකයි.. දින කිහිපයකතින් දඬුවම් දෙන පලමු නඩුව මෙන්න…

අධි වේගයෙන් දින කිහිපයක් ඇතුලදී නඩු අසා දඬුවම් දෙන විශේෂ මහාධිකරණයේ පළමු නඩුව අද දිනයේ විභාගයට ගැනෙයි. එම අධිකරණයේ පළමු නඩු කටයුත්ත ව...


Read More