දේශීය පුවත්

ගෝඨාභය රාජපක්ෂ මහතා කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී පැවති එළිය වැඩසටහනට (මාර්තු 23) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා.

විශේෂයෙන්ම කිව්වොත් රටක දුර්වල රජයක් තියෙනවා කියන්නෙ ඒ රටත් දුර්වලයි කියන එක. වර්තමාන රජය ගෙන එන්නට හදන ව්‍යවස්ථාව හරහාත් බිහිවෙන්නෙ එවැනි දුර්වල රජයක්.
වර්තමානය වන විට අපි ඉදිරියේ අභියෝගයන් රැසක් තිබෙනවා. අපි ඉදිරි කාලයේ දී රට බාරගන්නවා නම් මේ අභියෝග වලට නිවැරදි පිළිතුරු සොයන්න අපිට හැකිවෙන්න ඕනෙ. ඒක තමයි ජනතාව අපෙන් බලාපොරොත්තු වෙන්නෙ.

එදා 2005 මහින්ද රාජපක්ෂ මැතිතුමා රට බාරගනිද්දි මීට වඩා අභියෝග රැසක් මැද තමයි රට බාරගත්තේ. වසර ගණනාවක් තිස්සේ රට පාලනය කළ ආණ්ඩු හා නායකයන්ගේ අදූරදර්ශී පාලනය ඔස්සේ ආර්ථිකය, සංවර්ධනය හා යුදමය තත්ත්වය පවා වර්ධනය වුණා මිස අඩුවීමක් අපි දැක්කේ නෑ. එවන් තත්ත්වයක් මත තමයි මහින්ද රාජපක්ෂ මැතිතුමා රට භාරගත්තේ. නමුත් ඉතා කෙටි කාලයක දී නිවැරදි නායකත්වය, නිවැරදි සැලසුම් හා ඒවා ක්‍රියාත්මක කිරීමේ හැකියාව නිසා අපිට හැකි වුණා වසර තිහක් පැවති ත්‍රස්තවාදය නිමා කරලා රට ගොඩනගන්නට. යුද්ධය ජයග්‍රහණය කළාටත් වඩා වැඩි ජයග්‍රණයක් පශ්චාත් යුද සමයේ රටට අත්කර දෙන්නට අපට හැකි වුණා.

යුද්ධ පැවති සමය ගැන මතක් කළොත් 2004 වන විට යාපනය අර්ධද්වීපය තිබුණේ කඳවුරක් වගේ. ඒ වටා බංකර් සංකීර්ණයක් පැවතුණා. එදා අපි යුද්ධ කළේ එක ජනකොටසක් ඉලක්ක කරගෙන නෙවෙයි. ත්‍රස්තවාදය ඉලක්ක කරගෙන. ඒ ජයග්‍රහණයෙන් පස්සේ එයි බැට කාපු උතුරු – නැගෙනහිර ජනතාව වෙනුවෙන්, ඔවුන්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් විශාල වැඩකොටසක් ඉතාම සුළු කාලයක් ඇතුළත කළා. වර්තමානයේ ජිනීවා වලට යෝජනා ගෙන එන්නන්ට මේවා පේන්නෙ නැත්තේ අපේ රටේ අවාසනාවට. රජයේ හමුදාවට බාරවුණු කොටි ත්‍රස්තවාදීන් 13000 කට අධික පිරිසක් වසර තුනහමාරක් වැනි කෙටි කාලයක දී ඉතා සාර්ථක ලෙස පුනරුත්ථාපනය කරලා සමාජයට මුදා හරින්නට අපට හැකිවුණා. මේ ප්‍රදේශ වල විශාල වශයෙන් තිබුණු බිම්බෝම්බ කෙටි කාලයක දී ඉවත් කරලා අවතැන් වූ ජනතාවට ඒ ඉඩම් නිදහස් කරලා දෙන්න අපට පුළුවන් වුණා. විශේෂයෙන්ම දුම්රිය මාර්ග දෙකක්, සියළුම මහාමාර්ග පාහේ සංවර්ධනය, සියයට සියයක්ම ප්‍රදේශ වලට විදුලිය, වාරිමාර්ග ප්‍රතිසංස්කරණය, පානීය ජල ව්‍යාපෘති ආදී බොහෝ වැඩ කොටසක් කෙටි කාලයක දී නිමා කරන්නට අපට හැකිවුණා. අපේ රජයේ තිබුණු හැකියාව මත එවැනි ජයග්‍රහණ රැසක් උතුරු නැගෙනහිර ජනතාවට අත්පත් කරදෙන්නට අප ක්‍රියා කළා.

උතුරේ පමණක් නෙවෙයි යුද්ධයෙන් පසු දකුණෙත් රටට විශාල ජයග්‍රහණ රැසක් අත්පත් කර දුන්නා. එයට හොඳම උදාහරණය කොළඹ නගරය ආසියාවේ වේගයෙන්ම දියුණු වන නගරය බවට පත්කිරීම. සෑම අතින්ම ජනහිතකාමී නගරයක් බවට අපි කොළඹ නගරය පත්කළා. මේ සියල්ලක්ම අපි කළෙත් ඉතාම කෙටි කාලයක දී. ඒ හරහා අපේ හැකියාව අපි රටට ඔප්පු කළා. ඒ ආකාරයෙන්මයි වර්තමානයේ තිබෙන අභියෝග වලට මුහුණදෙන්නටත් අපි සූදානම් වෙන්නේ. අද සංවර්ධනය ගැන විශාල කතිකාවන් කෙරෙනවා. විශාල ප්‍රචාරක පුවරු වලින්, පුවත්පත් දැන්වීම් වලින් සංවර්ධනය දකිනවා. නමුත් ඒ කිසිවක් භූමියේ දකින්නට නෑ. ඒවා යථාර්ත බවට පත්වෙලා නෑ. අපේ රටේ ඉන්න ව්‍යාපාරිකයන්ට ආයෝජනය කරන්න සුදුසු පරිසරයක් හදලා දෙන්නේ නැතිව සෘජු විදේශ ආයෝජනය ගැන වර්තමාන පාලකයන් කතා කරනවා. අද ඔවුන් මත විශාල ලෙස බදු පටවලා. නමුත් අපි එදා ඔවුන්ට ඒ තැන හදලා දුන්නා. වර්තමානයේ අපේ රටේ බුද්ධිමත් ශ්‍රම බළකායක් සිටිනවා. නමුත් ඔවුන්ගෙන් ප්‍රයෝජන ගන්න කිසිම සැලසුමක් තවමත් අපිට නෑ. අනිවාර්යයෙන්ම ඒවාට පිළිතුරු නොසොයා රට සංවර්ධනය කරන්නට අපට නොහැකියි.

වර්තමානයේ රටේ පවතින අධ්‍යාපන ක්‍රමවේද මගින් අවසානයේ සිසුන් අතරමං වන තත්ත්වයකට අද අපේ රට පත්වෙලා තිබෙනවා. මේ ක්‍රමයත් අපි වෙනස් කළ යුතුයි. ඔවුන් නිපුණතාවන්ගෙන් ශක්තිමත් කර රටේ සංවර්ධනයට සෘජු දායකත්වයක් දෙන පිරිසක් බවට පත්කිරීමයි අප කළ යුත්තේ.කෘෂිකාර්මික අතින් ස්වයං පෝෂිතව පැවති අපේ රටේ අද වන විට පවතින තත්ත්වය ඉතාම කණගාටුදායකයි. එදා සහල් අතිරික්තයක් පැවතුණු රට, අද විදේශ වලින් සහල් ආයෝජනය කරන තත්ත්වයට පත්වෙලා. දේශීයව වගා කළ හැකි බොහෝ දේ පිටරටින් ගෙන එන තත්ත්වය පත්වෙලා. මේ තමයි වර්තමාන රජය කෘෂි කර්මයට දී ඇති ස්ථානය. අපේ ගොවීන්ට අවශ්‍ය පහසුකම් හා තාක්ෂණය සපයන්නේ නැතිව ඔවුන්ගෙන් අවසානයේ සාධාරණ ප්‍රතිඵලයක් ලබාගන්නට අපිට හැකියාව ලැබෙන්නේ නෑ. නිවැරදි දැක්මක් ඔස්සේ අපි ඒවා කළමනාකරණය කළොත් එයින් අපට ජයග්‍රහණය කරන්නට අපහසු වෙන්නේ නැති බව සඳහන් කළ යුතුයි.

මුලින්ම අපි ජනතාවගේ අවශ්‍යතාවන් හඳුනාගෙන කටයුතු කිරීම ඉතා වැදගත්. මේවා වචන පමණක් නොවිය යුතුයි. අපි එදා කතා නොකර වැඩකර පෙන්වූ බව ජනතාවට අමතක නැතැයි මා සිතනවා.
21 වන ශත වර්ෂයේ ආසියාව ආර්ථික කේන්ද්‍රය බවට පත්වෙන කොට විශාල අවස්ථාවන් ප්‍රමාණයක් අපට විවෘත වෙනවා. ඒවාට නිසි සැලසුම් දැන් සිටම අප සකස් කරගත යුතුයි. ඒ බවක් අපට තවමත් පෙනෙන්නට නෑ. එ් වගේම රටක සෑම දෙයකම ප්‍රතිඵල සාර්ථක වෙන්නට දේශපාලන ස්ථාවරත්වය හා නිවැරදි ප්‍රතිපත්ති පැවතීම ඉතාම වැදගත්. නිවැරදි තීරණ ගැනීමට හැකි දේශපාලන නායකත්වයක් ඔස්සේ අපිට මේ ජයග්‍රහණ ලබාගන්න එක එතරම් අපහසු දෙයක් නොවන බවත් එම අවස්ථාව අපෙන් ගිලිහී යා නොදී අපේ රට නිවැරදි ඉලක්කයක් කරා ගෙනයන්නටත් එක්වෙමු යැයි ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසුවා.

– එළිය මාධ්‍ය ඒකකය



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

බුද්ධි තොරතුරු වසන් කළාට අගමැතිට සහ කැබිනට්ටුවට එරෙහිව නඩු

පාස්කු ඉරිදා ක්‍රිස්තියානි දේවස්ථාන වල හා සංචාරක හෝටල් වලට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු නිසා අග්‍රාමා...


Read More

ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න (Video)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡ...


Read More

“මද්‍රසා පාසල් තහනම් කරනු..! පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි” – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි!

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවා...


Read More