දේශීය පුවත්

ජ්‍යෙෂ්ඨ විශ්ව විද්‍යාල ආචාර්යවරු පිරිසක් සහ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාබය රාජපක්ෂ මහතා අතර හමුවක් ඊයේ දින සවස ඒ මහතාගේ නුගේගොඩ නිවසේදී පැවැත්විණි. විශ්ව විද්‍යාල රැසක් නියෝජනය කරමින් ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය, මහාචාර්ය, ජ්‍යේෂ්ඨ මහාචාර්යවරු 40 පමණ පිරිසක් ඒ සඳහා සහභාගී වුහ. විශ්ව විද්‍යාල අධ්‍යාපනයේ සිදුවිය යුතු වෙනස්කම් ගැන මෙන්ම රටේ ඉදිරිමග සකස්විය යුතු ආකාරය ගැනද දීර්ඝ සංවාදයක් එහිදී සිදුව ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ පරිඝනක විද්‍යාව හදාරන සමයේ එතුමාට අධ්‍යාපනය ලබා දුන් ආචාර්යවරයෙක්ද මේ අවස්ථාවට පැමිණ සිටීම විශේෂත්වයක් විය.

පේරාදෙණි විශ්ව විද්‍යාලයේ ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය මුෆිසාල් අබුබකර් මහතා අදහස් දක්වමින් මෙවර ගෝඨාබය රාජපක්ෂ මහතා රටේ නායකත්වයට පත් නොවුවහොත් සිංහල, දෙමළ, මුස්ලිම් සියලු ජන කොටස් සියල්ලන් අසරණ වන බවත්, අද මුස්ලිම් නායකයන් ගැන මුස්ලිම් ජන සමාජයේ බලවත් අප්‍රසාදයක් වර්දනය වෙමින් පවතින බවත්, ඍජුව ගෝඨාබය මහතා සමග සම්බන්ධ වී වැඩ කිරීමට සාමාන්‍ය මුස්ලිම් ජනතාව කැමැත්තෙන් පසුවන බවත් කරුණු දැක්වීය. “ඔබතුමා හොඳ සිංහලයෙක් වගේ කෙලින් ඉන්න.අපි කැමති ඒ වගේ මිනිස්සුන්ට, සාමාන්‍ය මුස්ලිම් මිනිස්සුන්ගේ කැමැත්ත තියෙන්නේ ඇත්ත කියන කෙලින් ඉන්න මිනිහෙක්ට, කව්රු මොනවා කිව්වත් ඔබතුමා වෙනස් වෙන්න එපා. ඒ වගේම තමයි ආරක්ෂාව ගැන මීට වඩා ඔබතුමා සැලකිලිමත් වෙන්න. ඔබතුමන්ට මොනවා හරි වුනොත් මුළු රටම අසරණ වෙනවා” යනුවෙන්ද පැවසීය.

රැස්වීම අවසානයේදී අදහස් දැක්වූ විශ්ව විද්‍යාල ආචාර්යවරු පැවසුවේ “ගෝඨාබය රාජපක්ෂ මහතා සැර පරුෂ පුද්ගලයකු බව” සමාජ මධ්‍යවල පෙන්වා ඇති චිත්‍රය මුළුමුනින්ම මුසාවක් බවත් ඒ මහතා අනිත් අයගේ අදහස් වලට ඉතා හොඳින් සවන් දෙන, මිත්‍රශීලී, ලෙන්ගතු පුද්ගලයකු බවත්ය. ජාතික විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය වෙනුවෙන් එහි ලේකම් මහාචර්ය චන්න ජයසුමන මහතා රැස්වීම සංවිධානය කළේය.



One thought on “මේක අන්තිම අවස්ථාව; ඔබතුමා හොඳ සිංහලයෙක් වගේ කෙලින් ඉන්න; එහෙම අයට තමයි මුස්ලිම් අපි කැමති; මුස්ලිම් විශ්ව විද්‍යාල ආචාර්යවරයා ගෝඨාගේ මුණටම කියයි!”

  1. All these so-called University academics are responsible for Mahinda Rajapakse’s defeat in 2015 which led to the downfall of this country. These bastards again rallying around Gotabhaya is very dangerous. They are no worried about the country. They want to bring Rajapakses to power so that they can enjoy the perks of the positions in their respective positions. All these idiots became Vice Chancellors without any experience or qualifications. Even their spouses got positions and destroyed the university system. Gotabhaya, get their support. But please don’t do the same mistake again. That will be the end of our country

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහා වැස්සෙත් ආබාධිත රණවිරුවන් උපවාසයේ.. ජාත්‍යන්තර බලපෑම් නිසා ආණ්ඩුව මුණිවත රකින බවට චෝදනා

තම විශ්‍රාම වැටුපට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලා අධික වර්ෂාව නොතකා ආබාධිත රණවිරුවන් කොටුවේ දුම්රිය ස්ථානය අසල අද හත්වන දිනටත් සිය උපවාසය පව...


Read More

ජවිපෙ ගෙන එන බවට රාජිතගෙන් සහතිකයක්: ජවිපෙ ‘සීනුව’ ලකුණ අතහරී!

ජනාධිපති අපේක්ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස ඉදිරිපත් නොකර කතානායක කරු ජයසුරියව ඉදිරිපත් කරන්නේ නම්, ජනතා විමුක්ති පෙරමුණේ සහය ඔහුවෙත ලබා ගැ...


Read More

පොහොට්ටුවේ කණ්ඩායම පාර්ලිමේන්තු මන්ත්‍රීවරු විදිහට තියන් ඉන්නේ අපි-ජනපති

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මන්ත්‍රී ධූරයන් තවමත් ආරක්ෂා වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගත් තීරණය...


Read More