දේශීය පුවත්

ශ්‍රී ලංකාවේ බහුතරයක් ජනතාව දේශපාලකයන්ගෙන් ඉල්ලන්නේ ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන් වැනි කරුණු නොව තුන්වේල ආහාර ගෙන දරුවන්ට අධ්‍යාපනය ලබා දිය හැකි ආර්ථික වටපිටාවක් බව හිටපු ක්‍රිකට් ක්‍රීඩක මුත්තයියා මුරලිදරන් පවසයි.

උතුරේ මෙන්ම දකුණේ දේශපාලකයන් ජනතාවගේ මූලික අවශ්‍යතා ඉටු නොකර වෙනත් කරුණු ගැන අවධානය යොමු කිරීම තමන්ට ගැටලුවක් බව මුරලිදරන් බීබීසි සමග සංවාදයකට එක්වෙමින් ප්‍රකාශ කර ඇත.

“මිනිස්සු මට බනියි මේකට.. ප්‍රජාතන්ත්‍රවාදය, අයිතීන්, නීතිය වගේ කරුණු දෙවනුවට බලන්න ඕනේ, පාර්ලිමේන්තුවට ඒ පළාත්වලින් නියෝජිතයෝ යවලා මිනිස්සු ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න කියලා ඉල්ලන්නේ නැහැ, ඔවුන් අහන්නේ කෝ කෑම තුන්වේලක්, කෝ ළමයින්ට හොඳ ඉගෙනීමක් වගේ කරුණු.” යනුවෙන්ද මුරලිදරන් පවසා ඇත.

මෑතකදී උතුරේ 9 වියැති දැරියක් ආර්ථික ගැටලු නිසා සිය දිවි නසා ගෙන ඇති බව පැවසූ මුරලිදරන් උතුරේ කිසිදු දේශපාලකයෙකු ඒ ගැන සොයා නොබැලූ බවට ද චෝදනා කර තිබේ.

උතුරට දේශපාලන විසඳුමක් අවශ්‍ය බවට උතුරේ දේශපාලකයන් නගන ප්‍රකාශ ගැන අදහස් දක්වමින් මුත්තයියා මුරලිදරන් ප්‍රශ්න කළ ඇත්තේ උතුරට එවන් විසඳුමක් අවශ්‍ය ඇයි ද යන්නයි.

“මේ රටේ 80% ක් විතර ඉන්නේ සිංහල බෞද්ධ කට්ටිය, ඒගොල්ලන්ට අයිතියි මේ රට, කොච්චර නෑ කිව්වත් අපි සුළු ජාතිකයෝ.” යනුවෙනුයි ඔහු සඳහන් කර ඇත.

සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කිරි පිටි ත්‍රස්තවාදයේ ඇත්ත නැත්ත – විශේෂ හෙළිදරව්ව (සජීව විකාශය)

කිරිපිටි පිළිබඳව මේ වන විට ඇති වී ඇති ගැටළුකාරී තත්වය සම්බන්ධයෙන් වූ විද්වත් කතිකාවක් අද සඳුදා සවස 3.30ට කොළඹ 07 විජේරාම මාවතේ පිහිටි හෙක...


Read More

අද සිට නිල වශයෙන් දිනකට පැය 4ක් විදුලිය කැපේ – දහවලට පැය 3ක්: රාත‍්‍රියට පැයක් සෙනසුරාදාට පැය 2.15යි – ඉරිදා නෑ

- අධික විදුලිය ඉල්ලූම හමුවේ ප‍්‍රමාණවත් විදුලි සැපයුමක් ලබාදීමට නොහැකි වීම හේතුවෙන් එක් ප‍්‍රදේශයකට දිනකට පැය 04 ක කාලයක් විදුලි සැපය...


Read More

මේ අවස්ථාව ගිලිහී යන්නට නොදී අපේ රට නිවැරදි ඉලක්කයක් කරා ගෙනයන්නට එක්වෙමු.

ගෝඨාභය රාජපක්ෂ මහතා කොටිකාවත්ත සණස උත්සව ශාලාවේ දී පැවති එළිය වැඩසටහනට (මාර්තු 23) සහභාගි වෙමින් මෙසේ අදහස් දැක්වූවා. විශේෂයෙන්ම කි...


Read More