දේශීය පුවත්

9වැනි පාර්ලිමේන්තුවේ 2වැනි සැසිවාරය ආරම්භවීමට නියමිත මැයි මස08 වැනිදා දේශපාලන පෙරළි රැසක් සිදුවීමට ඉඩ තිබෙන බව ආණ්ඩුවේ හා විපක්ෂයේ අභ්‍යන්තර දේශපාලන ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයෙකු ප්‍රකාශ කළේ එක්සත් ජාතික පෙරමුණේ තනි ආණ්ඩුවක් බොහෝවිට 08 වැනිදා පිහිටුවීමට ඉඩ ඇති බවයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අර්බුදය හේතුවෙන් එක්සත් ජාතික පෙරමුණට තනි ආණ්ඩුවක් සෑදීමට ඉඩ තිබෙන බවත් එසේ නොවුණහොත් ජාතික ආණ්ඩුවේ වැඩි වගකීම් ප්‍රමාණයක් අනිවාරයෙන්ම එක්සත් ජාතික පෙරමුණට හිමිවන බවත් එම ප්‍රබල සාමාජිකයා සදහන් කළේය.

ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන මහතා මැයි 08 වැනිදා පාර්ලිමේන්තුවේ නව සැසිවාරය ආරම්භ කරමින් පැවැත්වීමට නියමිත රාජාසන කතාව මගින් ඉදිරි වර්ෂ දෙකේ රට පාලනය කිරීමට ගන්නා වැදගත් ප්‍රතිපත්ති ගණනාවක් ගැන කරුණු ඉදිරිපත් කිරීමට නියමිත බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජේෂ්ඨ අමාත්‍යවරයෙකු ප්‍රකාශ කළේය.

එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලිය ගැන කළකිරී සිටින සැළකියයුතු පිරිසක් මෙන්ම පසුගියදා ජාතික ආණ්ඩුවෙන් ඉවත් වූ හිටපු මැති ඇමති වරුන් 16 දෙනා අළුත් ආණුඩුවක් වෙනුවෙන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට යම් විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇති බවද දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රිවරුන් කිහිපදෙනෙකු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පිරිසක් හා ඒකාබද්ධ විපක්ෂයේ පිරසක් අතර රහස් සාකච්ඡා මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ අනුව මැයි 08 වැනිදා නව ආණුඩවකට පාර්ලිමේන්තුව තුල එම පාර්ශවයෙන්ද යෝජනාවක් ඉදිරිපත්වීමට ඉඩ ඇත.
එසේ වුවත් නැතත් ජාතික ආණුඩුවෙන් ඉවත්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මැති ඇමතිවරුන් 16 දෙනාම මැයි 08 වැනිදා ආණ්ඩු පක්ෂයෙන් ඉවත් වී විපක්ෂයෙන් අසුන් ගැනීමට නියමිතයි. එදිනට එම 16 දෙනාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තවත් 18 දෙනෙකු පමණ එක්වනු ඇතැයි හිටපු අමාත්‍ය එස්. බී. දිසානායක මහතා පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්

උතුම් රාජ්‍ය පාලනයක් සහිත ඉතාම සාදාචාරසම්පන්න සාමකාමී ගුණවත් සමාජයක් ස්වදේශිකත්වය මුල්කරගත් වටිනාකම් ඇති සංස්කෘතිය අපේ දේශීයත්වය ස්වදේශික...


Read More

මහින්ද මෙවරත් කුරුණෑගලින් මැතිවරණ සටනට

අග‍්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මෙවරද කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් මහා මැතිවරණයට ඉදිරිපත්වීමට නියමිත බව දේශපාලන ආරංචි මාර්ග සඳ...


Read More

ජනතාවට ලැබී ඇති ප්‍රජාතන්ත්‍රවාදයේ පරම අයිතිය ඥානාන්විතව භාවිතා කරමු. – ගෝඨාභය

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා කළුතර පැනොරාමා හෝටලයේ දී පසුගියදා පැවති එළිය වැඩසටහනට (නොවැ. 10) සහභාගි වෙමින් මෙසේ අදහස් දැ...


Read More