දේශීය පුවත්

ජනාධිපතිවරයා, කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය, නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ පෞද්ගලික කාර්ය මණ්ඩලවල සේවය කරන 700ක් පමණ වූ පිරිසකගේ සේවය ස්ථිර කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කර තිබේ.

සම්බන්ධීකරණ ලේකම්වරු, මාධ්‍ය ලේකම්වරු, කාර්යාල කාර්ය සහායක, පෞද්ගලික සහකාර, පර්​ෙ ය්ෂණ සහකාර නිලධාරීන් ස්ථිර කිරීම සඳහා වූ අමාත්‍ය මණ්ඩල සංදේශය අමාත්‍ය වජිර අබේවර්ධන විසින් ඉදිරිපත් කර ඇත. එය අද (11 වැනිදා) පෙරවරු 1.00ට පැවැත්වීමට නියමිත බව අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කිරීමට නියමිතය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන විසින් ද ඒ හා සමාන අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් ජනාධිපති පෞද්ගලික කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකු ස්ථිර කිරීමට අනුමැතිය ඉල්ලා ඇත.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ මාධ්‍ය අධ්‍යක්ෂ ධර්ම ශ්‍රී ඒකනායක, ජනාධිපතිවරයාගේ පාර්ලිමේන්තු කටයුතු ලේකම් මියුරු භාෂිත සහ සම්බන්ධිකරණ ලේකම් ඒ.එස්. ජයවික්‍රම මහත්මිය යන අය විවිධ තනතුරුවල ස්ථිර කිරීම සඳහා අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපතිවරයා විශ්‍රාම යන විට මෙම නිලධාරීන් තිදෙනා වසර 05ක සේවා කාලය සම්පූර්ණ කර නොමැති බැවින්, වසර 05ක් සේවා කාලය සම්පූර්ණ කළ බව සලකා අනුමැතිය ඉල්ලා තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සහභාගි වන අවසන් අමාත්‍ය මණ්ඩල රැස්වීම අද (11 වැනිදා) පැවැත්වෙන බැවින් මෙම අමාත්‍ය මණ්ඩල සංදේශ දෙකටම අනුමැතිය ලැබෙනු ඇතැයි රජයේ ආරංචිමර්ග සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More