දේශීය පුවත්

මෙම වසරේදී මැතිවරණයක් ලබාගැනීම සඳහා පාර්ලිමේන්තුව තුළදී හා ඉන් පිටතදී ආණ්ඩුවට අඛණ්ඩව බලපෑම් කළයුතු බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ (07) පැවැති එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීමේදී ප‍්‍රකාශ කර තිබේ.

එමෙන්ම මෙම වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටුවීමට උත්සාහ ගතයුතු යැයිද ජනාධිපතිවරයා පවසා ඇත.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (07) පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්විය.

මේ අතර ආණ්ඩුව විසින් රාජ්‍ය ආයතන තුළ දේශපාලනික පළිගැනීම් සිදුකරන බවට මන්ත‍්‍රීවරුන් මෙහිදී ජනාධිතිවරයා දැනුවත් කර ඇත. ඒ සම්බන්ධයෙන් විස්තර තමන්ට ලබාදෙන ලෙස ජනාධිපතිවරයා මෙහිදී මන්ත‍්‍රීවරුන්ට දැනුම් දී ඇති අතර එම පළිගැනීම් නතර කිරීමට තමන් මැදිහත්වන බවද පවසා තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ආණ්ඩුව කියන්නේ බොරු ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන...


Read More

මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන්.. එහෙත් මරණ දණ්ඩනය දෙන්න මම ගත්ත තීන්දුවේ වෙනසක් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති ම...


Read More

වනාතවිල්ලුව සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල දේශපාලනඥයා කවුද ?(Video)

වනාතවිල්ලුව අධි බලැති පුපුරන ද්‍රව්‍ය හමුවීමේ සිදුවීම පිටුපස සිටින අයි. එස්. අයි. එස්. ත්‍රස්තවාදීන්ට රැකවරණය දෙන බස්නාහිර පළාත් ප්‍රබල ද...


Read More