දේශීය පුවත්

මැකො දේශපාලන පක්ෂ කැඳවයි

October 11, 2018 9:42 am | Lanka Lead News

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව පාර්ලිමේන්තුවේ දේශපාලන පක්ෂවල ලේකම්වරුන් අද පස්වරුවේ සාකච්ජාවකට කැඳවා තිබේ.

පළාත් සභා මැතිවරණය දිගින් දිගටම කල් යෑම සම්බන්ධයෙන් එහිදී මැතිවරණ කොමිෂන් සභාවේ විරෝධය දේශපාලන පක්ෂ ලේකම්වරුන් වෙත දැක්වීමට නියමිත යැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කරයි.

පළාත් සභා මැතිවරණය පැවැත්විය යුත්තේ අලුත් ක්‍රමයට හෙවත් කොට්ඨාස ක්‍රමයට ද එසේත් නැත්නම් පැරැණි මනාප ක්‍රමයට ද යන්න කඩිනමින් තීන්දු කර ඊට අවශ්‍ය නීතිමය පරිසරය සකස් කර දෙන්නැයි ද අද පැවැත්වෙන සාකච්ඡාවේදී දේශපාලන පක්ෂවලින් ඉල්ලීමක් කිරීමට මැතිවරණ කොමිෂන් සභාව අපේක්ෂා කරන බව ද ආරංචි මාර්ග සඳහන් කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More

පොදුජන පෙරමුණේ ගිණුම් වාර්තා හෙළිදරව් කිරීම් හොඳ දෙයක්.. ඒ සමග කළ දේ කුමක්දැයි රටට කියනවා නම් ඉතා වැදගත් – නියෝජ්‍ය ඇමතිවරයෙක්

පසුගිය දිනවල පොදුජන පෙරමුණ විසින් පක්ෂයේ ගිණුම් වාර්තා රටට හෙළිදරව් කිරීම දේශපාලන ක්ෂේත්‍රයේ ඇගයීමට ලක් විය. ඒ පිළිබඳව අප වෙත අදහස් ද...


Read More

ජනපති – විපක්ෂ නායක, ව්‍යවස්ථාදායක සභාව පතුරු ගහයි – සුදු රෙදි ඇඳගෙන ඉන්න මහත්වරුන්ගේ රෙදි ගැලවෙයි..

ව්‍යවස්ථාදායක සභාව පිළිබඳ එක්දින කල්තැබීමේ විවාද යෝජනාව එළැඹෙන බ්‍රහස්පතින්දා විවාදයට ගත් පසු ව්‍යවස්ථාදායක සභාවේ සුදු ඇඳගෙන සිටින මහත්වර...


Read More