ව්‍යාපාරික පුවත්

2018 වසරේ මුල් මාස 09 තුළ දී කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය 7.96% කින් පහළ ගොස් තිබේ. වසර ආරම්භයේ දී ඒකක 6,369.26 ක් ලෙසින් සටහන් වූ මෙම අගය පසුගිය සැප්තැම්බර් 28 දින ගනුදෙනු අවසානයේ දී සටහන් වූයේ ඒකක 5,862.18 ක් වශයෙනි.

මේ අතර වෙළෙඳපොළ ප්‍රාග්ධනීකරණය ඇතුළු නිර්නායක කිහිපයක් මත පදනම්ව කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත ඉහළ පෙළේ සමාගම් 20 ක් ඇසුරින් සකස් කරනු ලබන S&P SL20 දර්ශකය මෙම කාලපරිච්ඡේදය තුළ දී 18.24% කින් පහළ වැටී තිබේ. වසර ආරම්භයේ දී එහි අගය ඒකක 3,671.72 ක් ලෙසින් සටහන් වූ අතර වසරේ මුල් මාස 09 අවසානයේ දී S&P SL20 දර්ශකය සටහන් වී ඇත්තේ ඒකක 3,002.00 ක් ලෙසිනි.

මෙම වකවානුව තුළ කොළඹ කොටස් වෙළෙඳපොළේ දෛනික සාමාන්‍ය පිරිවැටුම රුපියල් මිලියන 790 ක් ලෙස දැක්වේ.

මේ අතර වසරේ මේ දක්වා රුපියල් බිලියන 5.7 ක ශුද්ධ විදේශීය ආයෝජන ඉවත් කර ගැනීමක් කොටස් වෙළෙඳපොළෙන් වාර්තා වේ.

2016 මාර්තු 09 න් පසු වාර්තා වූ අඩුම මට්ටමට කොළඹ කොටස් වෙළෙඳපොළ සියලු කොටස් මිල දර්ශකය මේ වන විට පැමිණ තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද අගමැති කරන ඉල්ලීම ශ‍්‍රීලනිපය ඉවත දමයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අගමැතිවරයා ලෙස පත් කරන ලෙස ඒකාබද්ධ විපක්‍ෂයේ නායකයන් සහ 15 දෙනාගේ කණ්ඩායමේ සාමාජිකයන් ජනාධිපතිවරයාගෙන...


Read More

රට අරාජිකයි; ජනාධිපතිට මැතිසබය විසුරුවන්න පුළුවන් – සරත් එන්. සිල්වා

රට දැඩි අරාජික තත්ත්වයකට පත්ව තිබෙන අවස්ථාවක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික ව්‍යවස්ථාවේ 3, 4 වගන්ති අනුව ජනතාවගේ පරමාධිපත්‍ය බලය හිමි ජනතාව...


Read More

කැබිනට් එකේ තොරතුරු එළියට දෙන ඇමතිවරු 2ක් රෝ එකටත් සම්බන්ධයි – ඇමති අමරවීර

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා විසින් චීනයට හා ඉන්දියාවට විරුද්ධව සිදුකලේ යැයි කියන ප්‍රකාශය සම්බන්ධයෙන් පල කල පුවතට අදාල තොරතුරු එම වාර්තාකාර...


Read More