විදේශ පුවත්

ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති බංග්ලාදේශ මහ මැතිවරණයේ ජයග්‍රහණය අගමැතිනී ෂෙයික් හසීනාගේ නායකත්වයෙන් යුත් පාලක අවාමි ලීගයට හිමි විය.

මේ අතර මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයි වාර්ථා වේ.

පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් පාලක අවාමි ලීගය විශිෂ්ට ජයග්‍රහණයක් ලබාගෙන තිබේ.

ඒ අනුව, පාලක අවාමි ලීගය නියෝජනය කරන 71 හැවිරිදි ෂෙයික් හසීනාට අඛණ්ඩව තෙවන වරටත් බංග්ලාදේශයේ අගමැති ධුරය හිමිවනු ඇති.

පාර්ලිමේන්තු ආසන 350ක් සඳහා පැවති මෙවර මැතිවරණයෙන් ෂෙයික් හසීනා ගේ නායකත්වයෙන් යුත් පාලක පක්ෂයට ආසන 281ක් හිමි විය.

මේ අතර අගමැතිනී ෂෙයික් හසීනා සහ ඇගේ අවාමි ලීගයට ප්‍රබල අභියෝගයක් වූ විපක්ෂ සන්ධානය ප්‍රචණ්ඩ ක්‍රියා මධ්‍යයේ පැවති මැතිවරණයේ ප්‍රතිඵල ප්‍රතික්ෂේප කළේය.

මැතිවරණයෙන් ඔවුන්ට ජයග්‍රහණය කිරීමට හැකිව ඇත්තේ ආසන 7ක් පමණක් වන අතර ඒ අනුව ඔවුන් යළිත් මැතිවරණයක් ඉල්ලා ඇති බව සඳහන් වේ.

මේ අතර මැතිවරණයේදී සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලින් 17 දෙනෙකු පමණ මිය ගොස් ඇතැයිද වාර්ථා වේ.

පවතින පාලනය වන ෂෙයික් හසීනාගේ පාලක පක්ෂයේ සහ විපක්ෂයේ ආධාරකරුවන් අතර හටගත් ගැටුම් එම මරණවලට හේතුවයි.

මෙවර මැතිවරණය සාමකාමී එකක් නොවූ බව එරට මැතිවරණ කොමිසමද පවසන බව විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේය.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම සඳහා ආරක්ෂක අංශ සාමාජිකයන් 600 000 යොදවා තිබියදී මෙසේ ගැටුම් උත්සන්න වීම පිළිබඳව බලධාරීන් කණගාටුව පළ කර ඇත.

බලධාරීන් විසින් මැතිවරණය අවසන් වන තුරු එරට අන්තර් ජාල පහසුකම තහනම් කර තිබීම ද කැපී පෙනිණි.

චිතගොන් නගරයේ ඡන්ද විමසීම ආරම්භ කරන්නටත් පෙර ඡන්ද පෙට්ටි ඡන්ද පත්‍රිකා වලින් පිරී තිබී ඇති අතර මේ පිළිබඳව බලධාරීන් සිය අදහස් ප්‍රකාශයෙන් වැළකී සිටි බව බීබීසී පුවත් සේවය උපුටා දක්වමින් විදෙස් වාර්තා සඳහන් කරයි.

මෙවර මැතිවරණය සඳහා ඡන්ද දායකයන් මිලියන 100ක් සුදුසුකම් ලබා ඇති අතර ප්‍රකාශ නොකළ ඡන්ද ප්‍රතිශතය මෙවර ඉතා වැඩි අගයක් ගත්තාය.

එයට හේතුව ලෙස විචාරකයින් දක්වන්නේ දැඩි ආරක්ෂාවක් යොදා තිබීමෙන් ඡන්ද දායකයන් තුළ භීතියක් ඇති කිරීමට පාලක පක්ෂය ක්‍රියා කර තිබීමයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද ජනාධිපති අපේක්ෂකයා පස්සේ කියන්නම් කියනවා – අපි තෝරගෙන ඉවරයි-ඒ ගෝඨාභය (Video)

ඉදිරි ජනාධිපතිවරණය සඳහා තෝරාගෙන ඇති එකම අපේක්ෂකයා ගෝඨභය රාජපක්ෂ මහතා බව ආචාර්ය නලින්ද සිල්වා මහතා පවසයි. ”ජාතික සමතා බලවේගය ” ඊයේ (19)...


Read More

ත්‍රිවිධ රත්නයට ගැරහූ අබ්දුල් රාසික් පාස්කු බෝම්බ කමිටුවේ වැඳ වැටෙයි -(Video)

බුදුරජාණන් වහන්සේ මිනීමස් අනුභව කළේ යැයි 2013 වසරේදී ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරන ලද ලංකා තවුහිත් ජමාත් සංවිධානයේ මහ ලේකම් අබ්දුල් රාසික් අද...


Read More

සිරියාව හා ඉරාකය අහිමිවූ ISIS ත්‍රස්තයන් ලංකාව හා ඉන්දියාව දෙසට හැරෙයි – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංක...


Read More