ව්‍යාපාරික පුවත්

ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට 2018 අංක 04 දරණ මුදල් ප්‍රතිපත්ති විවරණය අද (06දා) ඉදිරිපත් කරමින් ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

ඒ අනුව, ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය, ඊයේ (05දා) පැවති රැස්වීමේදී ප්‍රතිපත්ති පොලී අනුපාතික දැනට පවතින මට්ටමේ පවත්වා ගැනීමට තීරණය කර තිබේ. එහිදී, නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය (SDFR) සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය (SLFR) පිළිවෙළින් සියයට 7.25 සහ සියයට 8.50 මට්ටමේ පවතිනු ඇත.

මුදල් මණ්ඩලයේ මෙම තීරණය මගින් මැදිකාලීනව උද්ධමනය තනි අගයක මට්ටමේ ස්ථාවර කිරීම සහ එමගින් ශ්‍රී ලංකා ආර්ථිකයේ හිතකර වර්ධනය සඳහා දායක වීමට අරමුණු කර ඇති බවද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

2020 ජනාධිපති අපේක්ෂකයා ගෝඨා නෙමෙයි – මහින්ද

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයක් ලෙස සකස් කළ කූඨ ලේඛනයක් කිසියම් පිරිසක් විසින් සමාජ ජාලාවලට මුදා...


Read More

මත්තල අවනඩුව ගුවන්සේවා ඇමතිට (Video)

ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම අද (18) මත්තල ගුවන්තොටුපළ විකිණීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වීම ස‍දහා ප්‍රවාහන හා ගුවන්සේවා අමාත්‍යා...


Read More

ශ්‍රී ලංකා-සිංගප්පූරු ගිවිසුම ගැන විමල්ගෙ කතාවෙන් මැතිසබය රත්වෙයි (Video)

සිංගප්පුරු – ශ්‍රී ලංකා වෙළද ගිවිසුමෙන් මෙරටට ආනයනය කෙරෙන භාණ්ඩ අතර ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය, විකිරණශිලී අපද්‍රව්‍ය, න්‍යෂ්ටික අපදව්‍ය ගන...


Read More