දේශීය පුවත්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ පොදුජන පෙරමුණ ආණ්ඩු විරෝධී පුළුල් ජාතික සන්ධානයක් ලෙස පිහිටුවීමේ යෝජනාව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමේදී ඒකමතිකව සම්මත වූ බව ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක, ඒකාබද්ධ විපක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පා.ම. වාසුදේව නානායක්කාර මහතා පවසයි.

ඒකාබද්ධ පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති ප්‍රකාශය සහ එහි ව්‍යුහය සම්බන්ධයෙන් ඉදිරි පක්ෂ නායක රැස්වීම්වලදී සාකච්ඡා වීමට නියමිත අතර ආණ්ඩු විරෝධී සියලුම බලවේගවලට ඒකාබද්ධ පොදුජන පෙරමුණ වටා එක්වීමට අවස්ථාව තිබෙන බවද වාසුදේව නානායක්කාර මන්ත්‍රිවරයා පෙන්වා දෙයි.

ශ්‍රී ලනිපයෙන් විපක්ෂයට එක් වූ කණ්ඩායමේ ජේ‍යෂ්ඨයන් කිහිප දෙනකුට ඒකාබද්ධ විපක්ෂයේ මීළඟ පක්ෂ නායක රැස්වීමට ආරාධනා කිරීමටද මෙහිදී තීරණය කර ඇති අතර ඉදිරි සියලුම මැතිවරණවලට ආණ්ඩු විරෝධී සියලු බලවේග එක්කොට ආණ්ඩුවට එරෙහිව ඒකාබද්ධ පොදුජන පෙරමුණ තරග කිරීමටද තීරණය කර තිබේ.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඒකාබද්ධ විපක්ෂයේ මෙම පක්ෂ නායක රැස්වීම ඊයේ (10දා) සවස 5.30 සිට රාත්‍රි 8.00 දක්වා කොළඹ හතේ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිල නිවෙසේදී පැවැත්විණි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සුසිල් -ජෝන්- අනුර -ලක්ෂ්මන් යාපා ඇතුළු ශ්‍රීලනිප ප්‍රභලයින් 8ක් සංවිධායක ධූරවලින් ඉවතට

ආණ්ඩුවෙන් ඉවත්වූ ශ්‍රීලනිප 16 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් අට දෙනෙකු සංවිධායක ධූරවලින් ඉවත් කර අලුතින් සංවිධායකවරුන් පත් කිරීමට ශ්‍රී ලං...


Read More

“ත්‍රිකුණාමල තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට විකිණීම: හිඟනකමට එහා යන උපායමාර්ගික පාවාදීමක්”

හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ වැනි උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් මර්මස්ථාන පමණක් නොව විකිණිය හැකි ඕනෑම දෙයක් විකුණා මුදල්කර ගැනීමේ ...


Read More

විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!!

විග්නේශ්වරන් , සම්පන්තන්, සුමන්තිරන් ලා වැනි අය සමස්ත ලාංකික දෙමල ප්‍රජාවට අවමානයක්!! රියර් අද්මිරාල් සරත් වීරසේකර ජිනීවා මානව හිමිකම්...


Read More