ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්‍ෂ සමග මොන ප‍්‍රශ්න තිබණද අද වගේ වැඩ ඔහු කලේ නැති බව ඇමති ෆිල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ඊයේ (10) පෙරවරුවේ කැලණිය ප්‍රදේශයේදී මාධ්‍ය අමතමින් අමාතයවරයා මේ බව ප්‍රකාශ කළේය.

‘කැළණිය පැතිවල දේශපාලනය කරන්නෙ කොළඹ හතේ ටයි කෝට් කාරයෝ නොවේ. මම යනකොට කැලෑවල යනකොට අලි බලන්න කොට මේ අය එනවා පස්සෙන් වරින්වර එනවා. ඒ ගොල්ලන්ගෙ වියදමින්.

එහෙම ගියපු හතරදෙනෙකුට මඩ ගැහුවා. එදායින් පස්සෙ අවුරුදු දෙකහමාරකට මේ අයට කවදාවත් කුඩු චෝදනා නෑ. සුමාන තුනක් ඇතුළත ඒ ගිය හතර දෙනාගෙන් තුන් දෙනෙක් ඇල්ලුවා. ගෙදර කුඩු තිබුණා පිහි තිබුණා කඩු තිබුණා කිය කිය.

මේ ඔක්කොම කරන්නේ දේශපාලන වැඩ. මේකට විරුද්ධව මම සටනක් ගෙනියනවා. බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා.

මේ රටේ නීතිය හා සාමය ක්‍රියාත්මක වෙන්නේ නෑ අනිවාර්යෙන්ම වෙන්නේ නෑ. අඩුගානෙ මං එකක් කියන්න ඕන මහින්ද රාජපක්‍ෂ එක්ක මරාගෙන මැරෙන සටනක ඉද්දිවත් අපේ ආධාරකරුවන්ට කුඩු පැකට් දාල ගෙනච්චෙ නෑ. දැන් ඒ තත්වෙට වැටිලා. මේක නැවැත්තුවේ නැත්නම් මේක ඉතා ලැජ්ජා සහගත දෙයක්’



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පොදු ලකුණක් – පුළුල් සන්ධානයක්! මෛත්‍රී – මහින්ද තීන්දු කරයි

ඉදිරි මහ මැතිවරණයට පුළුල් සන්ධානයක් ගොඩනැගීමටත් පොදු ලකුණක් යටතේ තරග කිරීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති මහින්ද රාජපක්ෂ ම...


Read More

බලය රැක ගන්න දකුණේ දේශපාලකයන් කුලල් කා ගන්නවා…මේ අවස්ථාවෙන් අපි ප්‍රයෝජන ගත යුතුයි – සම්බන්ධන්

පාර්ලිමේන්තු මහමැතිවරණය සඳහා නාම යෝජනා ලබා දීමට පෙර සියළු දෙමළ දේශපාලන පක්ෂ එකට එකතු කර ගැනීමට උත්සහ කරන බව දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්....


Read More

මහින්ද රාජපක්ෂයන් බෙදුම්වාදී මර උගුලකට තල්ලු කරන්න එපා: කෙහෙලිය ඇමතිට අමරසේකරගෙන් අවවාද

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු සාහිත්‍යසූරී ගුණදාස අමරසේකර මහතා විසින් කෙහෙළිය රඹුක්වැල්ල අමාත්‍යවරයා අමතා යවන ලද ලිපියක්...


Read More