විදේශ පුවත්

මැතිවරණයකින් තේරී පත්වූ ලොව වයස්ගතම නායකයා බවට පත්වෙමින් මහතීර් මොහොමද් මැලේසියානු මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයක් ලැබීය.

මැලේසියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු ද වන මහතීර් මොහොමද් මේ වනවිට 92 වැනි වියේ පසුවෙයි. ඔහු මැතිවරණයට ඉදිරිපත් වූයේ දශක ගණනාවක් මුළුල්ලේ එරට බලය හොබවන බරිසාන් නැෂනාල් සන්ධානයට අභියෝග කරමිනි. එම පක්ෂය මැලේසියාව නිදහස ලැබූ 1957 වසරේ සිට බලයේ පසුවෙයි.

දේශපාලනයෙන් විශ්‍රාම යෑමෙන් පසු මහතීර් මොහොමද් විපක්ෂයේ කටයුතු කළේය. මහතීර් මොහොමද්ගේ ප්‍රතිවාදියා වූයේ අගමැති නජීබ් රාසක්ය. නජීබ් රසාක්ට දේශපාලන ගුරුහරුකම් කියා දී ඇත්තේ මහතීර් මොහොමද්ය. කෙසේ වෙතත් නජීබ් රසාක්ට දූෂණ චෝදනා එල්ල වී තිබෙන අතර පරාජයෙන් පසු මෙතෙක් ඔහු කිසිවක් ප්‍රකාශ කර නොමැත.

තම සන්ධානය ‘නීතියේ ආධිපත්‍යය ස්ථාපිත කරනවා’ යැයි ජයග්‍රහණයෙන් පසු මහතීර් මොහොමද් කීවේය.

මහතීර් මැතිවරණයට ඉදිරිපත් වූයේ ‘පකතාන් හරපාන්’ පක්ෂය ප්‍රමුඛ ‘බලාපොරොත්තුවේ සන්ධානය’ නැමැති සන්ධානයෙනි.

ඒ.එෆ්.පී/රොයිටර්



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අලුත් ව්‍යවස්‌ථාව සම්මත වුණොත් රටේ ප්‍රධානියා අගමැති

විසිවැනි ව්‍යවස්‌ථා සංශෝධනය සම්මත වුවොත් ජනාධිපතිවරයා ආණ්‌ඩුවේ ප්‍රධානියා ලෙස නොසැලකේ. එමෙන්ම සිරකරුවන් වෙත ජනාධිපති සමාව ලබාදීමේ බලතලද ඉ...


Read More

අර්ජුන් ඇලෝසියස්ගෙන් පගා ගැසූ 118ක් පාර්ලිමේනතුවේ..

බැදුම්කර ගණුදෙනුව රකින්න පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් 118 දෙනෙකු අර්ජුන් ඇලෝසියස්ගෙන් මුදල් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී දයාසිරි ජය...


Read More

”මංගල, බැසිල්ගේ කොන්ත්‍රාත්තුවකට කර ගහලා” – වියත් මඟ චෝදනා කරයි

ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම වැලැක්වීමේ අරමුණින් යුතුව අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ගෙනයන ප්‍රචාරක මෙහෙයුමේ පිට...


Read More