දේශීය පුවත්

පාතාල නායක මාකඳුරේ මධුෂ් ශ්‍රී ලංකාවට රැගෙන ඒම සඳහා වැඩපිළිවෙලක් සූදානම් කර තිබුණු නමුත් එය අසාර්ථක වූයේ ඒ පිළිබඳ මාධ්‍ය මඟින් හෙළිදරව් කළ නිසා බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මධුෂ්ව ලංකාවට ගෙන ඒමට සැලසුම් කර තිබුණේ ද LTTE ජාත්‍යන්තර ජාලයේ හිටපු නායක කේ.පී. ශ්‍රී ලංකාවට රැගෙන ආ ආකාරයට ම බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

“අද මධුෂ් කියලා පුද්ගලයෙක් අහුවෙලා ඉන්නවා ඩුබායිවල. දැන් මධුෂ්ව ලංකාවට ගේන්න පුළුවන්ද කියන එක ගැන කවුරුත් විමසිල්ලෙන් ඉන්නෙ. හැබැයි මොකද්ද මෙතන වුණේ ? මධුෂ්ව පිටරට ඉඳලා ලංකාවට ගේන්න ඔක්කොම සෙට් කරලා තිබුණෙ. අර කේ.පී. ගෙනාවා වගේ.

කේ.පී. ගෙනාවෙ උසාවිය හරහාද ? උසාවිය හරහා නෙවෙයි. වෙන ක්‍රමේකට කොහොමහරි ලංකාවට ගෙනාවා. ඒකට අපේ පොලිසියත් සම්බන්ධ නෑ, ඒ රටවල පොලිසියත් සම්බන්ධ නෑ. කොහොමහරි සූට්කේස් එක්ක දාලාහරි ඒ මිනිහා ලංකාවට ගෙනාවා.

ඉතිං ඒ ක්‍රමය සකස් කරලා තිබ්බෙ. නමුත් මොකද්ද අවාසනාවකට වුණේ ? මේ කතාව පත්තරේට ලීක් කෙරුවා. දුන්නයින් පස්සෙ ඒ රටේ පොලිසිය ඒකට මැදිහත් වෙලා එයාව අත් අඩංගුවට ගත්තා. මම කියන්නෙ නෑ මේ කළු මාධ්‍ය කියලා. මේක ලීක් වුණේ නැත්නම් අද මධුෂ් ලංකාවෙ. මේක ලීක් වුණු නිසා තමයි ඒ ක්‍රමය වැරදුණේ” යනුවෙන් ඒ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (10) මහනුවර ප්‍රදේශයේ පැවති ජනහමුවක් අමතමිනි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ඡන්ද දිනන්න පොදුජන පෙරමුණට හවුල් අවශ්‍ය නෑ…මහින්ද – මෛත්‍රී එකතුව දේශප්‍රේමී පොදු සන්ධානයට ප්‍රසන්නගෙන් පොල්ලක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමඟ සන්ධාන ගත නොවුණහොත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ජයග්‍රහණය කළ නොහැකි යැයි කියන්නේ කිසි දිනෙක මැතිවරණයකට තනිව තරග...


Read More

ජාතික ආණ්ඩු යෝජනා විවාදය අදත් නෑ

ජාතික ආණ්ඩුව පිහිටුවීමේ යෝජනාව අද (20) පාර්ලිමේන්තුවේ විවාදයට නොගන්නා බව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි. විවාදය පවත්වන දිනය...


Read More

කොකේන් භාවිත කරන මැති ඇමැති 24කගේ නම් රන්ජන් දුරකථනයෙන් පැවසුවා – කථානායක

කොකේන් භාවිත කරන මැති ඇමැතිවරුන් විසි හතර දෙනකු පාර්ලිමේන්තුවේ සිටී නම් ඒ පිළිබඳව තමන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය ඇමැති රන්ජන් රාමනායක...


Read More