දේශීය පුවත්

නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් නිල සාකච්ඡාවක් ඉදිරි දෙසතිය තුළ මහින්ද රාජපක්ෂ හා ජනපති මෛත්‍රීපාල සිරිසේන අතර සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මහින්ද රාජපක්ෂ සමග දිනේෂ් ගුණවර්ධන හා බැසිල් රාජපක්ෂද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමග මහින්ද අමරවීර හා එස්.බි. දිසානායක යන අයද සාකච්ඡාවට සහභාගි වීමට නියමිත බවද එම ආරංචි මාර්ග සඳහන් කළේය.

භාරකාර ආණ්ඩුවක් සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂයේ ඇතැම් පිරිස් විරුද්ධ වීමත් ආණ්ඩුවට සම්බන්ධ මෛත්‍රී පාර්ශ්වයෙන්ද ඒ සඳහා පූර්ණ එකඟතාවක් නොලැබුණහොත් අයවැයට පෙර නව ආණ්ඩු වැඩපිළිවෙළ අසාර්ථක වන බැවින් අය – වැය පරාජය කොට පාර්ලිමේන්තු මහ මැතිවරණයකට යාමේ අවස්ථාව උදාකර ගැනීම පිළිබඳ මෙම හමුවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරනු ඇති බවද සඳහන්ය.

අයවැය පරාජය කිරීම සඳහා එජාපයේ පිරිසක් දැනටමත් සහය වීමට කැමැත්ත පළ කර ඇති බැවින් අයවැයට පෙර ආණ්ඩුවක් පිහිටුවීම සිදු නොවුණු ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි. රාජපක්ෂ පවු‍ලේ ආරක්ෂාව සම්බන්ධයෙන්ද මෙම සාකච්ඡාවේදී විශේෂ අවධානයක් යොමු කරනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පෙත්සම් විභාගය අවසන් : මෙන්න තින්දුව

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට අදාළව නිකුත් කළ ගැසට් නිවේදනය අත්හිටවුමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නි...


Read More

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත විචාරණයකට යන්න

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යානුකූල නොවන බවට ශ්‍රෙෂ්ඨාධිකරණය තීන්දු කළහොත් වහාම ජනමත...


Read More

නීතිපතිගෙන් අවුලක් නෑ…ජනපතිට එරෙහි සියලු පෙත්සම් නිශ්ප්‍රභ කරන්නැයි නීතිපති අධිකරණයෙන් ඉල්ලයි

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම අභියෝගයට ලක්කරමින් ගොනුකර ඇති පෙත්සම් සියල්ල විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කරන ලෙස නීතිපතිවර...


Read More