දේශීය පුවත්

ජනාධිපතිවරණයට ඉතා ආසන්න ඉදිරි දින කිහිපය තුළ පරාජය ඉදිරියේ වියරු වැටුණු පිරිස් අභූත මඩ ප‍්‍රහාර ප‍්‍රචාරයන් සිදු කිරීම සඳහා විවිධ කුමන්ත‍්‍රණකාරී වැඩසටහන් සැලසුම් කර ඇති බව අණාවරණය වී ඇති බැවින් ඊට නොරැවටෙන්නැයි ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඊයේ (10) පෙරවරුවේ නොච්චියාගම ප‍්‍රදේශයේ ජනහමුවක් අමතමින් ඒ මහතා මේ බව අවධාරණය කළේය.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ තමා ප‍්‍රතිපත්තීන් ආරක්ෂාව සහ ආර්ථිකය සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කරමින් සිටියදී වසර පහක් රට පාලනය කළ නමුත් ජනතාව වෙනුවෙන් කිසිදු දෙයක් සිදු කිරීමට නොහැකි ව පරාජය හමුවේ වියරු වැටී සිටින ඇතැම් පිරිස් ජනතාව නොමග යැවීම සඳහා විවිධ මඩ ප‍්‍රහාර සැලසුම් කරමින් සිටින බව ඔහු අවධාරණය කරයි.

මැතිවරණ ප‍්‍රචාරණ කටයුතු සිදු කළ නොහැකි 14, 15 දිනවල මෙවැනි පදනමක් නොමැති අභූත මඩ ප‍්‍රහාර එල්ල කිරීම සඳහා මේ පිරිස සැලසුම් සකස් කරමින් සිටින බවත් විශේෂයෙන්ම තමාගේ ද්විත්ව පුරවැසිභාවය පිළිබඳ සියලූ කටයුතු නීත්‍යානුකූලව විසඳාගෙන තිබෙන බවද මෙහිදී අවධාරණය කළ ගෝඨාභය රාජපක්ෂ මහතා මඩ ප‍්‍රහාර හමුවේ වුවද නොසැලී ඉදිරියට ගමන් කරන බව අවධාරණය කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More

ආණ්ඩුව ගැන තීරණයක් ගන්න මන්ත්‍රීවරු හෙට පාර්ලිමේන්තුවේදී රැස්වෙති

ආණ්ඩුව ලෙස ගත යුතු ඉදිරි පියවර සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් හෙට (18) පස්වරුවේ රැස්වී තීන්දුවක් ගැනීමට නියමිතය.
Read More