දේශීය පුවත්

පාස්කු ඉරිදා ක්‍රිස්තියානි දේවස්ථාන වල හා සංචාරක හෝටල් වලට එල්ල කරන ලද ත්‍රස්තවාදී ප්‍රහාරයන්ට ආණ්ඩුව මුළුමනින්ම වගකිව යුතු නිසා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ  මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයයට එරෙහිව කඩිනමින් නඩු පැවරරීමට ක්‍රියා කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසිල් ප්‍රේම්ජයන්ත  මහතා පවසයි.

‍ත්‍රස්තවාදය වැලැක්වීමේ පනතේ 5(අ) සහ (ආ) වගන්තිය යටතේ ත්‍රස්තවාදය සම්බන්ධයෙන් ලැබී තිබෙන තොරතුරු සැලවීම, එම තොරතුරු හෙළිදරව් නොකිරීම, එම තොරතුරු අදාල ආරක්ෂක අංශ වෙත දැනුම් නොදීම බරපතළ වරදක් බවත් එවැනි බරපතළ වරදකට අධිකරණය ඉදිරියේ වැරදිකරුවන් බවට පත් වුවහොත් වසර 7 ක බරපතල වැඩ සහිත සිර දඬුවමක් නියම වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමජයන්ත් මහතා පවසයි.

ඒ අනුව මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය ගැන කල් ඇතිව ආරක්ෂක අංශ මඟින් දැනුම් දී තිබියදී එය නොදන්නා බව අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කිරීම පිළිගත නොහැකි බවත් තමන් මේ සිද්ධිය දන්නා බව කැබිනට් අමාත්‍යවරයෙකු ප්‍රකාශ කිරීම තුළින් ආණ්ඩුව මෙම සිද්ධිය ගැන කල් ඇතිව දැනුවත්ව සිටි බවට සාක්ෂි ඕනෑතරම් තිබෙන බවත් මන්ත්‍රීවරයා පවසයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

දරුඵල අහිමිවූ මවුවරුන් හඬා වැටෙමින් වෛද්‍ය ෂාෆි ෆිහාබ්ඩීන්ට එරෙහිව පැමිණිලි කරති – තවත් මවුවරු පිරිසක් අද පැමිණිලි කරන බව දන්වති (Video)

වෛද්‍ය සෙයිගු සෙහාබ්ඞීන් මොහොමඞ් ෂාෆි විසින් සිදුකළ සිසේරියන් සැත්කම්වලින් පසුව දරුඵල අහිමි වූ බව කියන මවුවරුන් හයදෙනකු ඊයේ (26 දා) වන වි...


Read More

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More