මුහුණු පොතෙන්

බැසිලිකාවෙ Mahinda Pathirana ශූරීන්ට අනුව ලිප්ටන් එකේ කෙරුවෙ කොරන්න ඕනැ නැති වැඩක්.. මේ රටේ මිනිස්සුන්ට ඇත්තටම උද්ගෝෂණේ කරන්න තරම් ප්‍රශ්ණ නෑ.. මේ රටේ මිනිස්සුන්ට ආණ්ඩුවත් මහ අවුලක් නෑ.. ආණ්ඩුවට විරුද්ධව මිනිස්සු එන්නෙ නෑ.. එහෙම ගෙන්නන්න නම් බැසිල් රාජෝත්තමයාණන් වහන්සේ මහා පෙලහර පාන්න ඕනැ.. එහෙම පෙලහර නොපාපු නිසා ලිප්ටන් වටරවුමට ගෝල්ෆේස් වගේ සෙනඟ ආවෙ නෑ.. ඒ නිසා ලිප්ටන් වටරවුමෙ උද්ගෝෂණේ පට්ට අසාර්ථකයි.. 😭

දැන් අපි තේරුම් ගන්න ඕනැ බැසිලිකාවෙ මන්ත්‍රී සංසදය හැරුණු කොට උද්ගෝෂණේට ආපු මුළු ඒකාබද්ධයම ෆේල්.. කලින් සහභාගී වෙනවා කියලා ප්‍රචාරයක් නොකර තියෙද්දිත් අසාර්ථක රැස්වීමකට එන්න තරමට මහින්ද රාජපක්ෂත් ලොසේ ලොස්.. බැසිලිකාවෙ යාන්ත්‍රණය වැඩේ බ්ලොක් කරොත් ඒකාබද්ධෙ සල්ලං.. බැසිල් මහෝත්තමයාණන්ගේ රශ්මි කදම්භ ඉස්සරහා මහින්ද රාජපක්ෂත් පුස්සක්.. අපේ මහෝත්තමයාණන්ගේ අතේ තමයි වැඩ කෑල්ල තියෙන්නෙ කියන එක තමයි..

ඔටුවා කූඩාරමට රිංගන බව අපි කියන කොට ඒක සමහරුන්ට පෙනුනෙ නෑ.. අපිව පෙනුනෙ නැති ප්‍රශ්ණ හදන වාත කේස් විදිහට.. එහෙම නොතේරුණ මහත්තුරු නෝනලාටත් ‘කතන්දරේ’ තේරුම් ගන්න බොහොම සරලවම කියන මේ පෝස්ට් ගොඩක් වටිනවා හිටං..

ඔබට සතුටුයිද අහන්න එපා.. මට පට්ට සතුටුයි.. මුංට ඕනෙ රට ගැන හිතන්න නෙවි.. බැසිල් මහෝත්තමයා ඇමරිකාවෙ විවේක ගත්ත කාලෙ මේක පිළිවෙලක් කරපු ඉතුරු එවුන් ටිකටත් මේක එපා කරවලා බැසිලිකාවෙ ‘මමයි රජා’ ෂෝ එක 2015වේ කෙලවගත්ත තැන සිට නැවත අරබන්න..

මේ හාදයා කියන විදිහට මේකෙ බලය දැනටම තියෙන්නෙ මහෝත්තමයා ඇතුළු ඒ හාදයන්ට නම් මොකටද බ්‍රෝලා අපි මේ යක්කුන්ට ඡන්දයක්වත් දෙන්නෙ..??

Wishwa Chinthana



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවට සූදානම්!

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට එරෙහිව එක්සත් ජාතික පක්ෂය, ජනතා විමුක්ති පෙරමුණ, දෙමළ ජාතික සන්ධානය හා ශ්‍රී ලංකා මුස්ල...


Read More

117ගන්න සහාය දුන් දෙමළ සන්ධානයට රනිල් දුන් පොරොන්දුව

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම...


Read More

‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි (Video)

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දු...


Read More