දේශීය පුවත්

බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිසමේ වාර්තාව සතියක පමණ කාලයක් තුළ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බවට ජනාධිපතිවරයා තමාට දැනුම්දුන් බව කථානායක කරූ ජයසූරිය මහතා අද(10) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබේ.

බැඳුම්කර වාර්තාව පිළිබඳ විවාද කිරීම සඳහා අද රැස් වූ පාර්ලිමේන්තු විශේෂ සැසිය ආරම්භයේදී කථානායකවරයා මේ පිළිබඳව සභාව දැනුවත් කළේය.

මේ අතර අගමැතිවරයා විසින් අද දිනයේ පාර්ලිමේන්තුව ඇමතීමේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කලහකාරීව පාර්ලිමේන්තු මධ්‍යට පැමිණ අගමැතිගේ කතාවට බාධා කළ අතර ඒ හේතුවෙන් ඇති වූ උණුසුම්කාරී වාතාවරණය තුළ මේ වන විට පාර්ලිමේන්තුව තාවකාලිකව අත්හිටුවා ඇති බව අද දෙරණ පාර්ලිමේන්තු වාර්තාකරු පවසයි.

කෙසේ වුවද නැවත පක්ෂ නායක රැස්වීම සඳහා පාර්ලිමේන්තුව රැස්වෙන බව ද කථානායකවරයා දැනුම්දී තිබේ.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රටම බලා සිටින තීන්දුව අද (Video)

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම පිළිබඳ තීන්දුව අද(13) සවස 4 ට...


Read More

117ගන්න සහාය දුන් දෙමළ සන්ධානයට රනිල් දුන් පොරොන්දුව

අලුත් ව්‍යවස්ථාවක් තුළින් උතුරු නැගෙනහිර ගැටලුව සම්බන්ධයෙන් සෑම දෙනාටම පිළිගතහැකි විසදුමක් ලබාදෙන බව එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රම...


Read More

‘‘ජනතාවට තියෙන එකම විකල්පය ජනමත විචාරණයක් ලබා ගැනීමයි’’ ආචාර්ය ගුණදාස අමරසේකර මහනායක හිමිවරුන් බැහැදකිමින් කියයි (Video)

ජාතික සංවිධාන එකමුතුවේ සම කැඳවුම්කරු ගුණදාස අමරසේකර මහතා අස්ගිරි පාර්ශවයේ මහා නායක හිමියන් ඇතුළු කාර්ක සංඝ සභාවේ හිමිවරුන් අද දින බැහැ දු...


Read More