ව්‍යාපාරික පුවත්

මෙවර ජනාධිපතිවරණයේ ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාස යන දෙදෙනා ඇතුළු ජනපති අපේක්ෂකයන්ගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශන දැනටමත් එළිදක්වා අවසන්ය. දැන් රට තුළ ඒ ගැන විශාල සංවාදයක් ඇතිව තිබේ. මේ සියලූම අපේක්ෂකයන්ගේ දේශපාලන කතාවලට සවන් දෙන විට ඔවුන් එකිනෙකා පරයා යමින් තරගයට මෙන් පොරොන්දු දෙන්නට පටන් ගෙන තිබේ. සෑම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයකම ඉතා හොඳ යෝජනා තිබෙනවා විය හැකිය. එහෙත් වඩාත් වැදගත් වන්නේ ඒවා ක‍්‍රියාත්මක වැඩපිළිවෙළක් බවට පත් කිරීමයි. ඒ සම්බන්ධයෙන් මේ ජනපති අපේක්ෂකයන්ගේ අතීත කෙරුවාව ද ඉතා වැදගත්ය. එහිදී ගෝඨාභය රාජපක්ෂ මහතාට ඉතා හොඳ අතීත කාර්යසාධන වාර්තාවක් තිබේ. එනම් යුද ජයග‍්‍රහණය සහ නාගරික සංවර්ධනය යන කරුණුවලිනි. මේ අතීත කාර්යසාධන වාර්තාවත් සමග ජනයාට ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනය දෙස බැලීමට හැකියාව තිබේ. එය නම් කර තිබෙන්නේ ‘ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම’ යනුවෙනි. කොටස් දහයකින් සමන්විත එම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ පස්වන කොටස නම් කර තිබෙන්නේ ‘ජනතා කේන්ද්‍රීය ආර්ථිකය’ යනුවෙනි. එහි ආරම්භයේම මෙසේ සඳහන්ය.

‘ආර්ථිකයේ අයිතිය ජනතාවට හිමිවන, ජනතා කේන්ද්‍රීය ජාතික ආර්ථික පිළිවෙතක් කරා ගෙන යෑමෙන් රටේ සම්පත් සහ ආර්ථික මර්මස්ථාන විදේශිකයන් සතු කිරීම වෙනුවට රට තුළම ඉතිරි කරමින්, දේශීය ව්‍යවසායකයා ශක්තිමත් කරන, ජාතික ආර්ථික ප‍්‍රතිපත්තියක් ඔබට සහ අනාගත පරපුරට උරුමකර දීම අපගේ අරමුණ වේ.’

ගෝලීය තත්ත්වය සහ රටේ සමාජ ආර්ථික ක්ෂේත‍්‍රයන්ගේ වර්තමාන තත්ත්වය සැකවින් අධ්‍යනය කිරීමෙන් පසු එක් එක් අංශවල අනිවාර්යෙන්ම සිදු කළ යුතු ව්‍යුහාත්මක වෙනස්කම් රාශියක් හඳුනාගෙන තිබෙන බව ද එහි සඳහන්ය. ඒ අනුව 2020 – 2025 පස් අවුරුදු කාලයේ දී ළඟා කර ගැනීමට අපේක්ෂිත සාර්ව ආර්ථික ඉලක්කයන් ද එහි සඳහන් කර ඇත.

දැනට ආර්ථික වර්ධන වේගය සියයට 3 ටත් වඩා පල්ලම් බැස ඇත. මෙසේ ආර්ථික වර්ධනය වැඩි කර ගැනීමට නම් අනිවාර්යෙන්ම රටේ ආර්ථික ක‍්‍රියාකාරිත්වය ඉහළ නංවා ගැනීමට සිදු වේ. ඒ සඳහා දැනට පවතින අධික බදු ඉතා අහිතකර ලෙස බලපා තිබේ. රජයකට බදු ආදායම් අත්‍යවශ්‍ය බවට කිසිම තර්කයක් නැත. 2018 වසරේ රජයේ මුළු ආදායමින් බදු ආදායම සියයට 89 ක් වන අතර බදු නොවන ආදායම සියයට 11ක් පමණි. මේ නිසා රජයක් වැඩි වශයෙන්ම ආදායම් උපයා ගන්නේ බදු අය කිරීමෙන් බව පැහැදිලිය. එහෙත් රජයේ බදු ආදායම් වැඩි කරගත හැකි විකල්ප

රැුසක් තිබේ. මේ සඳහා වන නොයෙකුත් විකල්ප යෝජනා බොහොමයක් මේ රටේ ව්‍යාපාරික ප‍්‍රජාව සහ ආර්ථික විද්වතුන් සතුව ද තිබේ. එම විද්වතුන් සතුව ඇති මේ සඳහා වඩාත් ප‍්‍රායෝගික විකල්ප යෝජනා ගැන ද රජයක් විසින් අවධානය යොමු කළ යුතුය. මේ විකල්ප සියල්ල ගැන හොඳින් අධ්‍යයනය කර මල නොතලා රොන් ගන්නා බඹරෙකු මෙන් බදු ගෙවන මහජනතාව තලා පෙලා පීඩාවට පත් නොකර, රජයේ බදු ආදායම් වැඩි කිරීමට පියවර ගන්නවා නම් එමගින් මහජනයාට වන පීඩනය අවම වෙයි. එසේම ව්‍යාපාරික ප‍්‍රජාවට ද පහසුවෙන් තම ව්‍යාපාර කටයුතු කළ හැකි වෙයි. එහෙත් දැන් නම් යහපාලන රජයේ බදු ප‍්‍රතිපත්තිය නිසා ජනයා මෙන්ම ව්‍යාපාර ප‍්‍රජාව ද ඉතාම අසහනයට පත්ව සිටින බව පෙනේ. ඒ නිසා ප‍්‍රධාන ජනපති අපේක්ෂකයන් දෙදෙනාගේම බදු ප‍්‍රතිසංස්කරණ යෝජනා ගැන සාමාන්‍ය ජනයා මෙන්ම ව්‍යාපාරික ප‍්‍රජාව ද වැඩි අවධානයක් යොමු කරනු ඇත. මේ අනුව සජිත් පේ‍්‍රමදාස මහතා විසින් ද බදු බර සැහැල්ලූ කිරීමේ යෝජනා මේ වනවිට ඉදිරිපත් කර ඇත. මේ අනුව පෙනෙන්නේ ජනාධිපති අපේක්ෂකයන් දෙදෙනාම මේ අවශ්‍යතාව හඳුනා ගෙන තිබෙන බවයි.

p8 2 පසුගිය මහින්ද රාජපක්ෂ රජය සමයේ රාජ්‍ය බදු ආදායම අඩු වී තිබුණු බව ඇත්තය. ඒ නිසා ඒ අඩුවී ඇති රජයේ ආදායම වැඩි කර ගැනීම සඳහා යහපාලන රජයට බදු ආදායම් වැඩි කර ගැනීම සඳහා පියවර ගැනීමට ද සිදුව තිබුණි. බදු ආදායම වැඩි කර ගැනීම සඳහා රජයකට අනුගමනය කළ හැකි පියවර බොහොමයකි. එසේම රජයකට අය කර ගත හැකි බදු වර්ග ද බොහොමයකි. මූලික වශයෙන්ම සෘජු බදු සහ වක‍්‍ර බදු ලෙස බදු ආදායම වර්ග කෙරෙන අතර මින් සෘජු බදු අය කරන්නේ බදු ගෙවන්නාගේ ආදායම් සහ ලාභ මතය. මේ නිසා ඒ ඒ බදු ගෙවන්නාගේ ආදායම් සහ ලාභ මට්ටම මත ඔවුන් ගෙවන බදු ප‍්‍රමාණය තීරණය වේ. එහෙත් වක‍්‍ර බදු අය කරන්නේ භාණ්ඩ හා සේවා මතය. සමාජයේ සියලූ දෙනාම භාණ්ඩ හා සේවා පරිභෝජනය කරන බැවින් ආදායම් මට්ටමේ කිසිදු වෙනසකින් තොරව මේ වක‍්‍ර බදු ගෙවීමට මහජනයාට සිදු වෙයි. මේ නිසා වඩාත් සුදුසු වන්නේ රජයේ මුළු බදු ආදායමෙන් වක‍්‍ර බදු ආදායම් ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් අඩු කර ගනිමින් සෘජු බදු ආදායම් ප‍්‍රතිශතය වැඩි කර ගැනීමයි. යහපාලන රජය ඒ සඳහා පොරොන්දු වුවත් එම වෙනස ඇති කිරීමට ඔවුන් අපොහොසත් වී තිබේ. මේ අනුව 2018 වසරේ මුළු බදු ආදායමින් වක‍්‍ර බදු ආදායම සියයට 81.9 ක් වූ අතර සෘජු බදු ආදායම මුළු බදු ආදායමින් සියයට 18.1 විය.

බොහෝ දුරට යහපාලන රජය ක‍්‍රියා කළ ආකාරයෙන් නම් පෙනී ගියේ වැට් බදු වැඩි කිරීම හැර රජයට බදු ආදායම් වැඩි කර ගැනීමට වෙනත් විකල්පයක් නැති තරම් බවය. යහපාලන ආණ්ඩුව බොහෝ දුරට සිතුවේ ‘බදු’ කියන්නේ ‘වැට්’ (පමණයි* කියා ද යන ප‍්‍රශ්නය ද අපට මතු විය. වක‍්‍ර බද්දක් නිසා එහි බර සියලූ බදු ගෙවන ජනතාව මත පැටවේ. රජයේ මුළු බදු ආදායම තුළ තවමත් සියයට 82 ක් පමණම තිබෙන්නේ මේ කියන වැට් ඇතුළු වක‍්‍ර බදුය. මෙය ඉතා අහිතකර තත්ත්වයකි. මේ සඳහා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ වැට් බදු ප‍්‍රතිශතය අඩු කිරීමට යෝජනා කර ඇත්තේ මෙසේය.

‘එකතු කළ අගය මත බදු 15% හා ජාතිය ගොඩනැගීමේ බදු 2% වෙනුවට 8% ක සරල එකතු කළ අගය මත බද්දක් ක‍්‍රියාත්මක කෙරේ.’

මෙය ඉතාම ආකර්ෂණීය යෝජනාවක් බවට පත්ව ඇති අතර බොහෝ ව්‍යාපාරික ප‍්‍රජාවේ සාමාජිකයන් මෙය ඉතාමත් අගය කර ඇත. පාස්කු ප‍්‍රහාරයෙන් පසු අකර්මණ්‍ය වී ඇති ආර්ථික කටයුතු තවම යථා තත්ත්වයට පත්ව නැත. මේ නිසා දැනට පවතින අධික බදු බර සැහැල්ලූ කරමින් ආර්ථික කටයුතු පණ ගැන්වීම අත්‍යවශ්‍ය කරුණකි. ඒ ගැන ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයෙන් ප‍්‍රමුඛ අවධානයක් යොමු කර තිබීම අගය කළ යුත්තකි.

රාජ්‍ය බදු ආදායම ගත් විට වර්ෂ 2014 වසරේ සිට වර්ෂ 2018 දක්වා කාලයේදී රජය අය කරන බදු විශාල වශයෙන් වැඩිවීමක් සිදුව තිබේ. එනම් මහජනයාගේ බදු බර සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇති බවයි. රාජ්‍ය බදු ආදායම් ඉහළ නංවා ගැනීම හොඳ දෙයක් නමුත් රටේ ආර්ථික තත්ත්වය අනුව මෙසේ මහජනයාගේ බදු බර ඉහළ යෑම නිසා ඔවුන්ට විශාල පීඩනයක් ඇති වන බව අමුතුවෙන් කිව යුතු නොවේ. වැඩි කර ගත් බදු ආදායම තුළ වැඩි වශයෙන්ම ඇත්තේ වක‍්‍ර බදු නිසා අති මහත් බහුතර පොදු ජනයා වෙත යහපාලන රජය විසින් වැඩි බරක් පටවා තිබේ. එය සිදුව ඇති අයුරු අපට මෙසේ විස්තර කළ හැකිය. මේ කාලයේදී මුළු රජයේ බදු ආදායම රු.බිලියන 1,050 සිට රු.බිලියන 1,712 දක්වා ඉහළ ගොස් තිබේ. එසේම 2019 වර්ෂයේදී රුපියල්් බිලියන 2077 දක්වා රාජ්‍ය බදු ආදායම ඉහළ නංවා ගැනීමට ද රජය ඉලක්ක කර තිබේ. මේ අනුව වර්ෂ 2014 දී පැවති රුපියල් බිලියන 1050 ක බදු ආදායමට සාපේක්ෂව ජනතාවගේ බදු බර මේ වසර කිහිපයේදී දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබේ. රජයට වැඩි බදු ආදායමක් උපයා ගැනීමට නම් රටේ ආර්ථික තත්ත්වය ද හොඳ විය යුතුය. එහෙත් පසුගිය වසර හතරහමාරක කාලයේදී රටේ ආර්ථික තත්ත්වය දිගින් දිගටම අහිතකර වූ බවත් පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයෙන් පසු රටේ ආර්ථික කටයුතු බෙහෙවින් අකර්මණ්‍ය වූ බවත් අප සැම දන්නා කරුණකි.

fea8 256බදු බරින් මිරිකී පීඩනයට පත් වුවත් රජය ඒ බදු සහනයක් ලබා නොදෙමින් ඒ අයුරින්ම ජනතාවගෙන් බදු අයකර ගනිමින්, රාජ්‍ය බදු ආදායම වැඩි කරගත් බවට මහ ඉහළින් පම්පෝරි ද ගැසුවේය. බදු අය කිරීමේදී සැලකිය යුතු ප‍්‍රධාන මූලධර්මයක් වන්නේ සාධාරණත්වයයි. එනම් රජය අය කරන බද්ද, බදු ගෙවන්නාට ගෙවීමට හැකියාවක් තිබිය එකක් විය යුතු බවයි. එනම් එය සාධාරණ විය යුතු බවයි. මේ ගැන ව්‍යාපාරික ප‍්‍රජාවගෙන් ඇසුවත් එසේම සාමාන්‍ය ජනයාගෙන් ඇසුවත් ලැබෙන පිළිතුර එකමය. එනම් දරන්නට නොහැකි අධික බදු බරකට තමන් මුහුණ දී සිටින බවයි.

මේ සඳහා නව බදු පනතක් ගෙනවිත් නිතර වෙනස් නොවන වසර කිහිපයක් අඛණ්ඩව පවතින සරල මිත‍්‍රශීලී නව බදු ක‍්‍රමයක් ස්ථාපනය කිරීමට ද මෙමගින් යෝජනා කර ඇත. ඒ යටතේ වන බදු ප‍්‍රතිසංස්කරණ යෝජනා මෙම ප‍්‍රතිපත්ති ප‍්‍රකාශනයේ තවදුරටත් පුළුල් වශයෙන් දක්වා ඇත. දැනට පවතින අධික බදු බර නිසාම මේ ප‍්‍රතිපත්තියේ තිබෙන උපයන විට ගෙවීම් බදු අහෝසි කිරීමේ යෝජනාවට ද ඉහළ අවධානයක් යොමුව තිබේ. සියලූ ජනයා භාණ්ඩ හා සේවා මිලදී ගැනීමේදී රජයට අනිවාර්යෙන්ම බදු ගෙවයි.

මෙලෙස බදු සහන දුන් විට රජයේ බදු ආදායම අඩු වෙයි. එසේ නම් එම අඩු වන ආදායම් පියව ගන්නේ කෙසේ ද? බදු ආදායම් වැඩි කර ගැනීමේදී වඩාත් වැදගත් වන්නේ මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස වක‍්‍ර බදු හෙවත් භාණ්ඩ හා සේවා මත අය කරන බදු ආදායමේ ප‍්‍රතිශතය ක‍්‍රමානුකූල ලෙස අඩු වී සෘජු බදු හෙවත් ආදායම් සහ ලාභ මත අයකරන රාජ්‍ය බදු ආදායම් ප‍්‍රතිශතය ක‍්‍රමයෙන් ඉහළ නංවා ගැනීමයි. මේ රජය බලයට පත් වූ මුලදී (2015 දී* කීවේ එවකට පැවති වක‍්‍ර බදු ආදායම් ප‍්‍රතිශතය සියයට 80 සිට සියයට 60 දක්වා අඩු කරගනිමින් සෘජු බදු ප‍්‍රතිශතය සියයට 20 සිට සියයට 40 දක්වා ඉහළ නංවා ගන්නා බවයි. එවැනි වෙනසක් ඉතා ඉක්මනින් වසරකින් දෙකකින් කිරීමට අපහසු බව ඇත්තය. එහෙත් ගෙවී ගිය යහපාලන ආණ්ඩු කාලයේදී මේ වෙනස සිදු වෙනවා තබා එම දිශාවට ගමන් කිරීමක් හෝ පෙනෙන්නට නැත. ඒ අනුව 2018 වසරේදී ද රජයේ මුළු බදු ආදායමට ප‍්‍රධාන දායකත්වය සැපයූ මූලාශ‍්‍රය වූයේ වක‍්‍ර බදු ආදායමයි. කලින් සඳහන් කළ පරිදි එය 2018 වසරේදී ද මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 81.9 ක් වූ අතර ඒ අනුව සෘජු බදු ආදායම තවමත් පවතින්නේ මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 18.1 ක පමණ මට්ටමේය. කෙසේ වෙතත් 2017 වසරේ සෘජු බදු ආදායම පැවතියේ මුළු බදු ආදායමේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 16.4 ක ඊටත් වඩා අඩු මට්ටමකය. 2018 වසරේ දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස මුළු බදු ආදායම සියයට 11.9 ක් වන අතර එය 2019 වසරේ දී රු.බිලියන 2077 දක්වා දළ දේශීය නිෂ්පාදිතයේ ප‍්‍රතිශතයක් ලෙස සියයට 13.3 ක් දක්වා වර්ධනය කර ගැනීමට රජය අපේක්ෂා කර තිබුණි. එහෙත් පාස්කු ප‍්‍රහාරයත් සමග ආර්ථික කටයුතුවලට ඇති වූ බලවත් අහිතකර තත්ත්වය නිසා මේ අපේක්ෂා ඒ අයුරින් සපුරා ගැනීමට නිසැක වශයෙන්ම නොහැකි වනු ඇත.

ජනතාවට දැරිය හැකි සාධාරණ බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා – ජනාධිපති අපේක්ෂක සජිත් පේ‍්‍රමදාස

රටේ අධ්‍යාපනයට වෙන් කරන මුදල මීට වඩා වැඩි කරනවා. රෝහල් තුළ ඇති අඩුපාඩු සම්පූර්ණ කර සෞඛ්‍ය ක්‍ෂේත‍්‍රය විධිමත් කරනවා. මහරගම ව්‍යාපාරික ප‍්‍රජාව රැුක ගැනීමට අවශ්‍ය කටයුතු කරනවා සහන පොලියට ණය ලබා දී ව්‍යාපාරික ප‍්‍රජාව ශක්තිමත් කරනවා. කුඩා හා මධ්‍යම පරිමාණ කර්මාන්ත ආර්ථිකයේ එන්ජිමයි. මහරගම පමණක් නොව මෙය රටපුරා දියත් කරනවා. බදු බර සහමුළින්ම අඩු කරනවා ජනතාවට දැරිය හැකි සාධාරණ බදු ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කරනවා. නව දැක්මක් තුළින් පරාර්ථකාමී නායකත්වය තුළින් අපිට හොඳ ගමනක් යෑමට හැකි වෙනවා. ආණ්ඩුවේ වගකිවයුතු ස්ථානයන්ට උගත් පිරිසිදු පුද්ගලයන් පත් කරනවා. රාජ්‍ය බලය තුළ ජනාධිපති සිට මන්ත‍්‍රීවරු, මහජන නියෝජිතයන්ට ලබා දෙන නිදහස් වාහන බලපත‍්‍රය සම්පූර්ණයෙන්ම නතර කරනවා. එම මුදල් ජනතා සංවර්ධනයට යොදවනවා. රාජ්‍ය බලයෙන් සුර සැප විඳිමින් තම පවුලකට පමණක් එක හැන්දකින් බෙදා ගැනීම නොකළ යුතුයි. අපි පරාර්ථකාමීව ඉමහත් සේවාවක් ඉටු කළ යුතුයි. පවුලේ ඥාතීන් රාජ්‍ය සේවයට ඇතුළත් කර ගන්නේ නැහැ. කුසලතාවයට දැනුමට වෘත්තීය දක්‍ෂතාවයට මුල්තැන දෙමින් එය සිදුවෙනවා. මේ ගමනට ඔබගේ ශක්තිය ලබා දෙන්න.

ශ්‍යාම් නුවන් ගනේවත්ත



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව ජනවරමට නව ආණ්ඩුවක් හදන්න පුළුවන් – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

රටක සමස්ථ ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා  ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ග...


Read More

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More