දේශීය පුවත්

පෝරකයට පණ එයි

July 10, 2018 11:51 pm | Lanka Lead News

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් කැබිනට් මණ්ඩලය වෙත කරන ලද යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ ඇමැතිවරු සිය එකඟතාව පළකර ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී මරණ දඬුවම නියමව බන්ධනාගාර ගතව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නාම ‍ලේඛනයන් තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා විසින් අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ඇමැතිනී තලතා අතුකෝරල මහත්මියට මෙහිදී දැනුම් දී ඇත.

මත්ද්‍රව්‍ය ජාවාරම්වලට වැරදිකරුවන් වී සිටින ජාවාරම්කරුවන්ට මරණ දඬුවම යළි ක්‍රියාත්මක කළ යුතු බවට දැඩි බලපෑමක් තමන්ට එල්ල වී ඇතැයිද ජනාධිපතිවරයා මෙහිදී පවසා තිබේ.

ඒ අනුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට සිදුව ඇතැයි ජනාධිපතිවරයා පැවැසීමත් සමග කැබිනට් මණ්ඩලයේ බහුතරයක් ඇමැතිවරු ඒ සඳහා අත ඔසවමින් ඊට අනුමැතිය පළකර ඇත.

මෙහිදී ඇමැතිවරු කිහිප දෙනකුම රට තුළ පැතිර ගොස් ඇති මත්ද්‍රව්‍ය ජාවාරම් වැළැක්වීමට නීතිය තදින් ක්‍රියාවට නැංවිය යුතු ආකාරය පිළිබඳව කරුණු පවසා තිබේ.

මේ අතර බුද්ධශාසන අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා රට තුළ මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු බවට ඊයේ පැවැති අමාත්‍ය මණ්ඩල හමුවේදී ඒකමතිකව තීරණය කළ බව පැවැසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට අදාළ නීති ප්‍රතිපාදන සකස් කිරීමට අධිකරණ ඇමැතිවරියට මෙහිදී බාර දුන් බවද ඒ මහතා කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පුළුවන්නම් ගඩාෆිවගේ මාව මරලා දාන්න, මම ඒකට සූදානම්- අගමැති ප්‍රමුඛ එජාපය ලග තියාගෙන ජනාධිපතිතුමන් සිදුකළ සැර කතාව මෙන්න(Video)

එක්සත් ජාතික පක්ෂ රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා දුන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායට සහ ප්‍රජාතන්ත්‍රවාදයට ගරු කරන නායකයෙකු ලෙ...


Read More

ඔබ දුන් සහායට ස්තූතියි – මහින්ද ජනපතිට කියයි

රට ආර්ථික පීඩනයකට සහ ජාතික පීඩනයකට යටත්ව තිබු වාකවානුවක එම තත්ත්වයෙන් රට මුදවා ගැනිම සඳහා තමන්ව අග්‍රාමාත්‍යවරයා ලෙස පත් කිරිම සම්බනධයෙන...


Read More

රනිල් වික්‍රමසිංහ අගමැති ධූරයේ දිවුරුම් දෙයි (Video)

රනිල් වික‍්‍රමසිංහ මහතා අද (16) පෙරවරු 11.16ට එළැඹි සුබ මොහොතින් නව අග‍්‍රාමාත්‍යවරයා ලෙස ධුරයේ දිවුරුම් දීම සිදු කර තිබේ. ඒ ජනාධිපති ම...


Read More