‍එදා 1977 දී නිදහස්‌ පක්‌ෂය ලැබූ පරාජයෙන් පසුව පොලිසියට සතියක්‌ නිවාඩු දුන් එක්‌සත් ජාතික පක්‌ෂය අද ඊටත් එහා ගොස්‌ එෆ්. සී. අයි. ඩී. කියා අලුතෙන්ම පොලිසියක්‌ හදාගෙන රිසිසේ දේශපාලන දඩයම කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතා පැවසීය. වසර තුනකට පෙර ඇරඹුණ ඒ දේශපාලන දඩයම අදටත් නිමා කර නැති බව පැවසූ රාජපක්‌ෂ මහතා මේ අයට අවශ්‍ය වී ඇත්තේ සාධාරණ පරීක්‌ෂණ පැවැත්වීමට නොව පරීක්‌ෂණ මුවාවෙන් තමන්ට මඩ ගැසීමට පමණක්‌ බවත් පෙන්වා දුන්නේය. හිටපු ජනාධිපතිවරයා මෙම අදහස්‌ පළ කළේ හිටපු ඇමැතිවරයකු, ආණ්‌ඩුකාරවරයකු මෙන්ම ශ්‍රී ලංකා නිදහස්‌ පක්‌ෂයේ ජ්‍යෙෂ්ඨතම දේශපාලනඥයකු වන දිවංගත රෙජී රණතුංග මහතාගේ 81 වැනි ජන්ම දින සැමරුම් උළෙලට මිනුවන්ගොඩ, උඩුගම්පොළ දී ඊයේ (22 දා) සහභාගි වෙමිනි. මහින්ද රාජපක්‌ෂ මහතා එහිදී වැඩිදුරටත් මෙසේ ද ප්‍රකාශ කළේය. රෙජී රණතුංග මැතිතුමාගේ ගුණ සැමරෙන සෑම අවස්‌ථාවකම මම ඒවාට සහභාගී වී තිබෙනවා. පසුගිය වසරේ 80 වැනි ජන්ම දින සැමරුම පැවැත්වෙන අවස්‌ථාවේ දී වගේම මේ වසරේ 81 වැනි සමරුවටත් සහභාගී වන්නට ලැබීම මම භාග්‍යයක්‌ ලෙස සලකනවා. අපේ මිත්‍රයකු, ප්‍රතිපත්තිගරුක මිත්‍රයකු, කෙනකු අමාරුවේ වැටුණු අවස්‌ථාවල මගහැර නොගිය මිත්‍රයකු ලෙස රෙජී අපගේ ගෞරවාදරයට පාත්‍ර වෙනවා. mahindaඑවන් මිත්‍රයකු පුත්‍රයකු වශයෙන් ප්‍රසන්න මන්ත්‍රීතුමා අපත් සමග අත්වැල් බැඳගෙන ජනතාවගේ පැත්ත ගනිමින් කටයුතු කිරීම ගැන අපි ඉතාමත් සන්තෝශ වෙනවා. අපේ මිත්‍ර දිනේෂ් ගුණවර්ධන මැතිතුමා කිව්වා වගේ අද මේ රට තියෙන්නේ අස්‌ථාවර තත්ත්වයකයි. කිසිදු ආයෝජකයකු මෙරටට නොපැමිණෙන, දිනෙන් දින රුපියල බාල්දු වන, ජීවන වියදම අහස උසට නැගුණු යුගයක්‌ තමයි අද උදා වෙලා තියෙන්නේ. මෑතක දී අපේ නායක හාමුදුරු වහන්සේ නමක්‌ සමග කතා කරමින් සිටිය දී බඩු මිල ගැන අදහස්‌ පළ කෙරුණා. බඩු මිල පහළ ගියත් අද මිනිස්‌සුන්ගේ අතේ බඩු මිල දී ගන්න තරම් මුදල් නැති එක තමයි ප්‍රශ්නය වෙලා තියෙන්නේ. එවන් තත්ත්වයකට මේ ආණ්‌ඩුව අද රට ඇද දාලා ඉවරයි. අපේ කාලයේ මිනිස්‌සුන්ගේ අත්වල ඕනෑ තරම් මුදල් ගැවසුණා. මිනිස්‌සු කාර්, ලොරි, වෑන්, ටිපර් රථ මිල දී ගත්තා. අද මිනිස්‌සුන්ගේ අත්වල සල්ලි නැති නිසා ඒවායින් ඈත් වෙලා. අද විවිධාකාර බදු පනත් ගෙනත් ජනතාව පීඩනයට පත් කරන්නට සූදානම් වෙනවා. අපි විශ්වාස කළේ රටේ ව්‍යාපාරිකයන්, ධනවතුන්ට ගොඩනැගෙන්නට දීලා ඔවුන්ගෙන් බදු අය කරගැනීමේ ප්‍රතිපත්තියයි. මල නොතලා රොන් ගන්නවා වගේ බදු අය කරගැනීමයි අපි අනුගමනය කළේ. නමුත් මේ ආණ්‌ඩුව කරන්නේ ඒකේ අනෙක්‌ පැත්තයි. මල තලලා දාලා රොන් ගන්නවා වගේ ජනතාව තලලා පෙලලා දාලා බදු අයකර ගැනීම තමයි මේ අයගේ ප්‍රතිපත්තිය වෙලා තියෙන්නේ. වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනාටම බදු ෆයිල් ඇරලා ඒ තරුණ තරුණියන් මිල දී ගන්නා ඔරලෝසුවේ සිට සියලු දේවල් ගැන හාරාවුස්‌සන්නට මේ අය උත්සාහ දරමින් සිටිනවා. පන්සලේ පින්කැටයටත් බදු ගහන ආණ්‌ඩුවක්‌ තමයි අද තියෙන්නේ. දඹදෙණිය විහාරස්‌ථානයක විහාරාධිපති හිමිනමක්‌ ඊයේ මාව මුණගැහෙන්නට ආවා. උන්වහන්සේ කිව්වා මීට ඉස්‌සර සංචාරකයන් විහාරස්‌ථානය නරඹන්නට ආවාම ලැබුණු ආදායම පන්සලට ලැබුණා කියලා. දැන් ආණ්‌ඩුව ඒ මුදලුත් උදුරගෙන. ඒ අස්‌සේ පනත් කෙටුම්පතක්‌ හදලා තියෙනවා පන්සල් හදනවා නම් අවසරයක්‌ ගන්න ඕනේ කියලා. ආණ්‌ඩුවම කියනවා වැසිකිළි, කැසිකිළි නැති පන්සල් 1900ක්‌ රට පුරා තියෙනවා කියලා. ඒ කියන ගමන් මීට පස්‌සේ වැසිකිළි, කැසිකිළි නැතිනම් පන්සල් හදන්න දෙන්නේ නැහැ කියලත් කියනවා. මේ අය කියන විදියට පන්සල හදන්න ඉස්‌සර වැසිකිළි, කැසිකිළි හදන්නයි වෙලා තියෙන්නේ. දැන් පන්සලක්‌ හදන්නත් අර කමිටුවෙන්, මේ කමිටුවෙන් අවසර ගන්න වෙලා. පන්සලක්‌ හදන්න තීන්දු කරලා මේ කියන කමිටුවලින් අවසර අරගෙන එනකොට වෙන්න ඕනේ හරිය වෙලා ඉවරයි. අපේ ව්‍යවස්‌ථාවේ තියෙනවා බුදුදහමට ප්‍රමුඛස්‌ථානය දෙනවයි කියලා. නමුත් මේ ආණ්‌ඩුව කරන වැඩවලින් ව්‍යවස්‌ථාවත් උල්ලංඝනය වෙනවා, ඒ නිසා අපි මේවට විරුද්ධව උසාවි යනවා කියලා හාමුදුරුවෝ ඇවිත් මාව මුණගැහිලා කියනවා. මේ විදියට රටක්‌ පාලනය කරන්න පුළුවන් ද කියලා කල්පනා කරලා බලන්න. ආණ්‌ඩුව මේවා අමතක කරන්න එක එක ජාතියේ මාතෘකා එවනවා. විපක්‌ෂයේ ඉන්න අපිත් ජනතා ප්‍රශ්න අමතක කරලා ආණ්‌ඩුව දෙන මාතෘකාවලට අහුවෙලා ඒවා පස්‌සේ දුවනවා. ආණ්‌ඩුව අපිට එක එක ගුලි එවනවා. පසුගිය කාලයේම අපි අර්ජුන් ඇලෝසියස්‌ ගැන කතා කළා. අද ඒක අමතක කරලා ව්‍යවස්‌ථාව ගැන කතා කරනවා. අපි බෙදිලා අපේ අදහස්‌ කියාගන්නවා. අපි මොකටද කලබල වෙන්නේ? තව මේවට කල් තියෙනවා. පාර්ලිමේන්තුවට ගේන පුද්ගලික මන්ත්‍රී යෝජනාවක්‌ ගැන අපි කලබල වෙන්න ඕනේ නැහැ. ඒකාබද්ධ විපක්‌ෂය විදියට අපි තීන්දු ගන්නේ සාමූහිකවයි. අපි මුලින් නායකයන් කැඳවලා තීන්දුවක්‌ අරගෙන ඊට පස්‌සේ ඒ තීන්දුව අපේ මන්ත්‍රී කණ්‌ඩායමට දාලා අදහස්‌ විමසලා තමයි අවසන් තීන්දුවකට යන්නේ. ඒ නිසා අපි ජනතා ප්‍රශ්න අමතක නොකර ඉදිරියට යා යුතුයි. රෙජී රණතුංග මැතිතුමාගේ උපන් දිනය සමරන අවස්‌ථාවේ එතුමා දීපු දේවල්, ආදර්ශ මෙනෙහි කිරීමත් අපේ යුතුකම් බව සිහිතබා ගත යුතුයි. මට මතකයි 1977 දී අපේ රජය පැරදුණු අවස්‌ථාවේ දී රෙජී රණතුංග මැතිතුමා මුහුණ දීපු සිද්ධි. අනුර බණ්‌ඩාරනායක මැතිතුමා සමග මම ඒ වෙනකොට හිටියේ අත්තනගල්ලේ. එතකොට අපිට ආරංචි වුණා රෙජීගේ ගේ ගිනි තියලා කියලා. මමත් අනුරත් කාගෙද පුංචි කාර් එකක්‌ ඉල්ලගෙන අත්තනගල්ලේ ඉඳලා මිනුවන්ගොඩට එන්න පිටත් වුණේ මැතිනියගේ විරෝධය මැදයි. එතුමිය අපිට කිව්වා ඒ පැත්ත අනාරක්‌ෂිත හින්දා යන්න එපා කියලා. නමුත් අපි ඒක නොතකා රෙජී බලන්න මේ මිනුවන්ගොඩට ආවා. ඇවිත් එතකොට පුංචි වයසේ හිටපු දරු දැරියන් එක්‌ක කතා කරලා තමයි අපි ආපහු ගියේ. ඒ කාලයේ ආණ්‌ඩුව පොලීසියට සතියක්‌ නිවාඩු දීලා තිබුණේ. එදා පොලීසියට නිවාඩු දුන්නා වගේම අද වෙනම පොලීසියක්‌ හදලා ඒ පළිගැනීම් කරගෙන යනවා. එදා නිවාඩු දුන්නේ සතියයි. දැන් අවුරුදු තුනක්‌ තිස්‌සේ එෆ්. සී. අයි. ඩී. කියලා පොලීසියක්‌ හදලා දේශපාලන දඩයම ජයටම කරගෙන යනවා. මගේ ඩොලර් බිලියන 18ක්‌ හොයන්න කොයිතරම් මහන්සි වුණත් ඩොලර් තියා එක රුපියලක්‌වත් හොයාගන්න පුළුවන් වෙලා නැහැ. හැබැයි මේවා ඉස්‌සරහට දාගෙන යුක්‌රේන්, ඩුබායි, අමෙරිකා යනවා. ඔස්‌ටේ්‍රලියාවේ සති දෙකක්‌ නැවතිලා ඉඳගෙනයි පරීක්‌ෂණ කරන්නේ. හැබැයි අර්ජුන් මහේන්ද්‍රන් නම් තවම යහතින් ඉන්නවා. දවස්‌ දෙක තුනකට ඉස්‌සර පත්තරෙන් නම් දැක්‌කා රතු වරෙන්තුවක්‌ නිකුත් කරලයි කියලා. වරෙන්තු නිකුත් කළාට වැඩක්‌ නැහැ අල්ලන්න වුවමනාවක්‌ නැත්නම්. මේ අයට ඕනෙ වෙලා තියෙන්නේ අපිට මඩ ගහන්න විතරයි. ඒවාට දැන් අධිකරණයත් පාවිච්චි කරනවා. දේශපාලන පළිගැනීම් සඳහා නඩු තීන්දු දෙන බව පාර්ලිමේන්තුවේ කරන කතාවලින් පැහැදිලි වෙනවා. පාර්ලිමේන්තුවේ ඉදන් සමහර ඇමැතිවරුන් කියනවා අපි අහවල් දවසේ හිරේ යවනවා, අහවලාට ජම්පර් අන්දනවා කියලා. ඇමැති කෙනෙක්‌ වුණාම කතා කරන්න ඕනෙ වගකීමක්‌ ඇතිවයි. එහෙම ඇමැතිවරුන් කියන විදියට වැඩ කරනවා නම් අධිකරණයේ තියෙන ස්‌වාධීනත්වය කුමක්‌ද? නමුත් අපිට අස්‌වැසුමක්‌ තියෙනවා මහින්දානන්ද, ගාමිණී සෙනරත්, යෝෂිත වගේ අයගේ තීන්දු ලැබුණු ආකාරය සම්බන්ධයෙන්. නමුත් විවිධ බලපෑම්වලට යටවුණ අයත් ඉන්නවා. මේ අය උත්සාහ කරන්නේ විරුද්ධ වෙන හැමකෙනාම උස්‌සගෙන යනවා කියලා ජනතාව බය කරන්නයි. දේශපාලනඥයන් කිහිපදෙනකුට පමණයි මියගිය පසුවත් මේ වගේ සැමරුම් උත්සවවල දී ජනතා ගෞරව ලැබෙන්නේ. ඒ අතින් රෙජී රණතුංග මැතිතුමා වාසනාවන්තයි. රෙජී රණතුංග කියන්නේ මියගියත් ජනතා හිත්වලින් ඈත් නොවුණු දේශපාලනඥයෙක්‌. අපි රෙජී රණතුංග මැතිතුමාට නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒකාබද්ධ විපක්‌ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා විශේෂ සමරු දේශනය පවත්විය. ඒකාබද්ධ විපක්‌ෂයේ කැඳවුම්කරු, ගම්පහ දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා. මම මගේ දේශපාලන ගමනේ ගුරුවරයා ලෙස සැමවිටම සලකන්නේ මගේ පියා වන රෙජී රණතුංග මහතාවයි. එතුමා මම දේශපාලනයට එන විට දුන් එකම උපදෙස වුණේ හම්බ කරන්නට නම් දේශපාලනයට එන්න එපා කියන එකයි. ඒ වගේම දේශපාලනය කරනවා නම් ගමේ ඉන්න ඕනේ කියලත් එතුමා මට උපදෙස්‌ දුන්නා. මම හැමදාමත් කටයුතු කළේ මගේ පියාගේ උපදෙස්‌ මතයි. අද සමහරු කිය කියා යනවා මහින්ද මහත්තයා රෙජී රණතුංග මහතාට සැලකුවේ නැහැ කියලා. ඒ කියන අය අද ඉන්නේ එක්‌සත් ජාතික පක්‌ෂයේ නායකයන්ගේ තුරුලට වෙලයි. රෙජී රණතුංග මහතාගේ දර්ශනය ප්‍රතිපත්ති අනුගමනය කරන කිසිවකුටත් එක්‌සත් ජාතික පක්‌ෂයේ තුරුලට යන්න බැහැ. මම දකින විදියට රෙජී මහත්තයාට කරන්න පුළුවන් ලොකුම අපහාසය තමයි එක්‌සත් ජාතික පක්‌ෂයත් එක්‌ක දීග කන එක. මහා සංඝරත්නයත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ප්‍රසන්න රණවීර, ඉන්දික අනුරුද්ධ, සිසිර ජයකොඩි, ඩුලිප් විඡේසේකර, නිමල් ලන්සා මහත්වරුන් ඇතුළු විශාල පිරිසක්‌ මෙම අවස්‌ථාවට සහභාගි වී සිටියහ.

ව්‍යාපාරික පුවත්

වර්ධනය නොවූ ප්‍රාග්ධන වෙළෙඳපොළ මගින් සංවර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය අඩුකර ඇති බව ජනාධිපතිවරයා හා අගමැතිවරයා විසින් පසුගිය දා දියත් කරන ලද ‘V2025 පොහොසත් රටක්‘ ආර්ථික දැක්මෙහි සඳහන් වේ. එහි වැඩිදුරටත් මෙසේ සඳහන් කොට ඇත.

“දකුණු ආසියාවේ ඇති ප්‍රධාන කොටස් වෙළෙඳපොළ හතර අතුරින් අවම ප්‍රාග්ධනීකරණය ඇත්තේ ශ්‍රී ලංකාවටය. ශ්‍රී ලංකා කොටස් වෙළෙඳපොළ තුළ පවතින සීමිත ධාරිතාව සහ එහි ප්‍රමාණය සැලකිය වුතු වත්කම් පදනම් සහිත පෞද්ගලික අංශයේ විශාල ආයෝජකයන් කලාපීය අනෙක් කොටස් වෙළෙඳපොළවල මූලික හිමිකම් නිකුතු, අරමුදල් වෙත යොමු කිරීමට ප්‍රබල හේතුවේ.“

“සංස්ථාපිත ණය සුරැකුම්පත් වෙළෙඳපොළ ප්‍රධාන වශයෙන් බැංකු, මූල්‍ය සහ රක්ෂණ අංශයන්ගෙන් සමන්විත වන අතර ද්විතීයික වෙළෙඳපොළ කටයුතු සීමාසහිත වීමෙන් දිගුකාලීන යටිතල පහසුකම් මූල්‍යයනය කිරීමේ අවශ්‍යතාවන්ගේ වැදගත්කම නොසලකා හැරීමට සිදුවේ. පෞද්ගලික ප්‍රාග්ධන හා ව්‍යවසාය ප්‍රාග්ධන වෙළෙඳපොළ කටයුතු ඉතා ආරම්භක අවධියක පවතී.“

මේ අතර රජය විසින් ප්‍රාග්ධන වෙළෙඳපාළ නියාමන පරිසරය දියුණු කරනු ලබන බව මෙම ආර්ථික දැක්මෙහි වැඩිදුරටත් සඳහන් වේ. ඊට අනුව සුරැකුම්පත් සහ විනිමය කොමිෂන සභා පනත සහ සාමූහිකරණය කිරීමේ බිල්පත සංශෝධනය කිරීම සහ විශාල පාරිභෝගික පිරිසක් වෙත ආයෝජන ගලා යෑමට පහසුකම් සලසමින් ව්‍යුත්පන්න සහ භාණ්ඩ වෙළෙඳාම සඳහා වන නියාමන පුළුල් කිරීම කඩිනමින් සිදු කිරීමට නියමිතය.

තවද පෞද්ගලික අංශයේ ආයේජන සඳහා සහාය දැක්වීමට වෙළෙඳපොළ පදනම් කරගත් ප්‍රතිසංස්කරණ දිරිමත් කරනු ලබන බව මෙම ප්‍රකාශනයෙහි සඳහන් වේත සෘජු විදේශීය ආයෝජන සහ විවිධාංගීකරණය වූ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පවතින නෛතික හානියාමන රාමුව නිවැරදි කිරීම, මූල්‍ය වෙළෙඳපොළ යටිතල පහසුකම් සහ ආයතන වැදගත් වන බව එහි අවධාරණය කර සිටී.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එෆ්.සී.අයි.ඩී. කියා අලුතින් පොලිසියක්‌ හදාගෙන ආණ්‌ඩුව අද දේශපාලන දඩයමේ යනවා – හිටපු ජනපති මහින්ද රාජපක්‍ෂ

එදා 1977 දී නිදහස්‌ පක්‌ෂය ලැබූ පරාජයෙන් පසුව පොලිසියට සතියක්‌ නිවාඩු දුන් එක්‌සත් ජාතික පක්‌ෂය අද ඊටත් එහා ගොස්‌ එෆ්. සී. අයි. ඩී. කියා ...


Read More

මීලග ජනාධිපති කවුද.. මත විමසුමෙන් ගෝටා 55% පනී.. රනිල් තුන්වැනියා.. මෛත‍්‍රි පස්වැනියා..

මීලග ජනාධිපතිවරණයේදී ශ‍්‍රි ලංකාවේ ජනාධීපතිවරයා ලෙස පත් කරන්නේ කවුදැයි සිදු කරන මත විමසුමක් ෆේස්බුක් ජාලය ඔස්සේ ක‍්‍රියාත්මක කර ඇත. ආ...


Read More

ළඟදීම තනි ආණ්ඩුවක් හදනබවට එස්. බී. ගෙන් ඉඟියක්.

එක්සත් ජාතික පක්ෂයට මහජන හිතවාදීව ආණ්ඩු කිරීමේ හැකියාව නොමැති නම් බහුතර බලය සහිත ආණ්ඩුවක් නුදුරේදී බිහි කරන බව හිටපු අමාත්‍ය එස්. බී. දිස...


Read More