මුහුණු පොතෙන්

ඇල්පිටිය ඡන්දයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග සන්ධානගත වී පොහොට්ටුවේ කන්‍යාභාවය පළුදුකර ගන්නවාට විරුද්ධ වූ අයට සිතන්නට යමක් තිබේ. ඒ තමයි ඔවුන් හිතන තරම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දියවී නැති බවයි.

ඇල්පිටියේ සමස්ත ප්‍රතිඵලය ගත්විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ ( UPFA) එකට ඡන්ද 5273 ක් ලැබී තිබෙනවා. එය ප්‍රතිශතයක් ලෙස 12.7% ක් . මෙය ජවිපෙ චන්ද ප්‍රමාණයද අභිබවා යෑමක්. රටේම තත්ත්වය ගත්විට මේ ඡන්ද ප්‍රමාණය ලක්ෂ කීපයක්. එය ජනාධිපතිවරණයේ දී තීරණාත්මකම ම සාධකයක්.

මුස්ලිම් කොංග්‍රසය, දෙමළ ජාතික සන්ධානය එජාප අපේක්ෂකයා වැළඳ ගන්නා පසුබිමක ගෝඨාභයගේ ජය තීරණය කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මෙන්න මේ ඡන්ද ටික. මෙය කල්තියා දැක ගෝඨාභයට දිනිය හැකි මේ සිංහල බෞද්ධ ඡන්ද පදනම (පොහොට්ටුවයි+ ශ්‍රී ලංකා එකයි) එක්කාසු කිරීමේ මතවාදය නින්දා,මඩ, අවලාද, සමග සිරි ජාතිකවාදී ලේබල් ගහගෙන දිගින් දිගටම ගෙනගියේ ආචාර්ය නලින්ද සිල්වා මහතායි. ජයග්‍රහණයෙන් චූන් වී තවත් මාන්නක්කාර වූ පොහොට්ටුවේ ෆේස්බුක් පඩියන්ට නම් රටෙන්ම එකතු වෙන මේ ඡන්ද ප්‍රමාණය ජනාධිපතිවරණය වැනි රටේ සමස්ත ප්‍රතිඵලයකදී තීරණාත්මක බලපෑමක් කරන බව තාමත් තේරුම් ගන්න එකක් නැහැ.

ඔවුන් එය තේරුම් ගන්නේ ශ්‍රී ලංකා එකේ සුළගක්වත් නොවැද්දගෙන ගිහින් ගෝඨාභය ලබන පරාජයකින් පමණයි. කොහොම හරි ඒ පාඩම ඉගෙන ගන්නට පෙර මහින්ද + මෛත්‍රී සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස සන්ධානගත වීම හොදයි. දැන් මේ දෙපිරිසේ එකතුවක් ගැන කතාකරපු නලින් ද සිල්වා ගැන වගක් නැති අතර මේ සම්මුතියට විරුද්ධ වූ අය වීරයන් වී තිබේ. ඒකත් හරියට අර මහින්ද මෛත්‍රී එකතුවක් ගැන මතවාදයක් ඇති කරපු සංවාදවලට පැමිණ මරාගෙන මැරෙන්න හදපු අය කාටත් හොරෙන් මහින්ද අගමැති කළාම වැඩබාර ගන්න දවසේ තනතුරු ගන්න අග්‍රාමාත්‍ය කාර්යාලයේ පෝලිම්වල ඉදිරියෙන් හිටියා වගේ තමයි.

රත්තනදෙණියේ මේධානන්ද හිමි



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More