දේශීය පුවත්

මේ අවස්ථාවේ රට ගොඩගැනීමට නම් ජනාධිපතිවරයා කළ යුතුව ඇත්තේ කුඩා රාජ්‍ය ආයතන පවරා ගැනීම් නොව අගමැතිකම පවරාගෙන සුදුස්සාට ලබා දීම බව ජාතික නිදහස් පෙරමුණ පෙන්වා දෙයි.

අද (21) ජාතික නිදහස් පෙරමුණේ පිටකෝට්ටේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පැවැති මාධ්‍ය හමුවේ දී එහි ප්‍රධාන ලේකම් නීතිඥ කපිල ගමගේ මහතා මෙසේ පෙන්වා දුන්නේ ය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ ඒ මහතා මෙසේද පැවසීය.

‘‘බලන්න 2015 සිට මේ දක්වා කොටස් වෙළදපොළට වුණු දේ. 2014 සාමාන්‍ය දිනක පිරිවැටුම රුපියල් මිලියන 1414.6යි. 2015 දී ඒක බහිනවා 1059.6ට. ගත්තු ගමන් බහින්න ගත්තා. 2016 ඉදන් කොටස් වෙළදපොළ හාන්සියි. 2016 සිට මේ වනවිට දිනක පිරිවැටුම රුපියල් මිලියන 700ක සාමාන්‍ය අගයකට පල්ලම් බැහැලා. මෙහෙම වෙන්නෙ සමහර දිනවල රුපියල් මිලියන 150ටත් බහින අතරෙයි. යහපාලන ආර්ථික ඔස්තාද්ලා ඉන්න මේ ආණ්ඩුව එක්ක තව අඩියක් ඉස්සරහට යන්න බෑ. කවුද මේවට වග කියන්නෙ? කෝ මේ විනිමය කොමිසම?

මේ රටේ අගමැතිවරයා යටතෙ තිබුණු විනිමය කොමිසමත් මහ බැංකුවත් පැවරුවා මුදල් ඇමතිට. කෝ මොකද්ද වුණු වෙනස? කොටස් වෙළදපොළ 2014 වෙනකොට ඉතා ඉහළ ප්‍රගතියක් පෙන්නුම් කරපු ආයතනයක්. සමස්ත කොටස් මිල දර්ශකය තිබුණෙ 7400 අගයෙ. දැන් 5700යි. තුනෙන් එකක් බැහැලා. රටක් රැකෙයි ද?

සමස්ත කොටස් මිල එදා රුපියල් ට්‍රිලියන 3.2ක් වුණා. අද කීයද? 2.6ට බැහැලා. මොකද්ද මේ බැහිල්ලෙ තේරුම? ලංකාවෙ තියෙන ප්‍රධාන පෙලේ පුද්ගලික සමාගම්වල අගයයි මේ. වටිනාකමයි මේ බහින්නෙ. කොටස් වෙළදපොලේ තියෙන ඔවුන්ගේ කොටස්වල අගයයි මේ බහින්නෙ. ඒ විතරක් නෙවෙයි. රටේ තියෙන ප්‍රධාන සමාගම් විස්ස බැලුවත් මේ තත්වයමයි. ටොප් 300ත් බැහැලා. ටොප් 20ත් බැහැලා. ඊළගට විනිමය කොමිසම. කොටස් වෙළදපොළට ජීවය දෙන්නෙ, එය නියාමනය කරන්නෙ විනිමය කොමිසම.

පුද්ගලික අංශයට අද මොකද වෙලා තියෙන්නෙ?

රටේ ආර්ථිකය වාහනයක් නම් එන්ජිමත් රියදුරුත් රාජ්‍ය අංශය වෙනකොට පෙට්‍රල් වෙන්නෙ පුද්ගලික අංශය. රෝද වෙන්නෙ පුද්ගලික අංශය. රාජ්‍ය අංශය විසින් නියාමනය කල යුතු අතර පුද්ගලික අංශය විසින් තමයි මේ පවතින ආර්ථිකය ධාවනය කරවන්නෙ. එහෙව් පුද්ගලික අංශයට අද මොකද වෙලා තියෙන්නෙ? ඇමෙරිකාව 2007දී කරපු දේ තමයි අපි රටක් ලෙස අද කරන්න ඕනේ. ඒ තමයි පුද්ගලික අංශයට සහන ලබා දීම. නමුත් අද කරන්නේ පුද්ගලික අංශයට වද දීම. මුදල් ඇමතිතුමා, පහුගිය දවසක මිල සූත්‍රය ගෙනල්ලා පෙන්නුවා. ඔන්න දැන් පෙන්නනවානම් පෙන්නන්න
කොටස් වෙළදපොළ නග්ගන සූත්‍රය.

ඊළගට මහ බැංකුව. අගමැති මහ බැංකුව තමන් යටතට ගත්තා. ඒකෙ අධිපති කරගත්ත ලංකාවෙ පුරවැසියෙක්වත් නොවෙන පල් හොරෙක්. ඉන් පස්සෙ එපිටම හොරු සමග හෙලුවෙන්. ලැයිස්තුව හරි දිගයි හොරාගෙන් මුදල් ගත්තු සමහරු ගහනවා පොත්, ‘මහ බැංකු හොරකමක් සිදුව නැත’ කියලා. බැලින්නම් ඌත් සල්ලි අරගෙන. පොත ගහලා තියෙන්නෙත් ඒ සල්ලිම පාවිච්චි කරලා.

පවරාගන්නවානම් පවරාගමු නීතිවිරෝධීව පත්කරපු අගමැතිකම

දැන් මේ ආයතන අගමැතිගෙන් පවරාගෙන මුදල් ඇමතිට දුන්නා කියලා ඵලක් වෙලා නැහැ. අපි කියන්නේ පවරාගන්නවානම් පවරාගමු නීතිවිරෝධීව පත්කරපු අගමැතිකම. පවරාගන්න ආණ්ඩුව. 2015 ජනවාරිත් අගමැති පත් කළේ නීතිවිරෝධීව. 2015 අගෝස්තුවෙදීත් අගමැති පත්කළේ නීතිවිරෝධීව. දෙකම බල රහිත පත්කිරීම්. සිංගප්පූරු ගිවිසුම අත්සන් කළෙත් නීතිවිරෝධිව. ඒකත් බල රහිතයි. බලාගෙන යනතොට රටේ වැඩිම නීතිවිරෝධී වැඩ ප්‍රමාණයක් කරපු කෙනාගෙන් තමයි අපට ඉල්ලන්න සිද්ධවෙලා තියෙන්නෙ ඒකට විරුද්ධව පියවර ගන්න කියලා. ඒක තමයි අද දවසෙ ඛේදවාචකය. රටේ ජනාධිපති මරන්න කුමන්ත්‍රණය කළා කියල චෝදනා එල්ලවෙන පොලිසිය තමයි තවමත් නීතිය හා සාමය ආරක්ෂා කරන්නේ. සාමය ආරක්ෂා කිරීම කෙසේ වෙතත් සායම හේදෙන තත්වයට අද පොලිසිය පත්වෙලා. හැබැයි පවරාගන්න විදියක් නැහැ.

අද තියෙන්නෙ…

අද තියෙන්නෙ ජනාධිපති මරන්න කුමන්ත්‍රණය කලා කියන පොලිසියක්. කොටින් නිදහස් කරමින් බුද්ධී අංශ හිරකරගන්න බන්ධනාගාරයක්. ආබාධිත රණවිරුවන්ට පාරෙ දාගෙන ගහන ගමන් මියගිය කොටියට වන්දි දෙන්න පනත් සම්මත කරන මුදල් අමාත්‍යාංශයක්. ලංකාවට විරුද්ධ යෝජනාවන් සම අනුග්‍රාහකත්වය දරමින් පිළිගන්න විදේශ අමාත්‍යාංශයක්. විශේෂ අධිකරණ හදලා දේශපාල විරුද්ධවාදීන් පමණක් දංගෙඩියට දක්කන්නට නිර්දේශ කරන අධිකරණ අමාත්‍යාංශයක්. වැලි පර්මිට් දීලා ගාන හොයාගන්න පරිසර අමාත්‍යාංශයක්. ඇමතිගෙ ගිණුමට කොහෙන් ආවද කියලා හොයාගන්න බැරි – කෝටි ගණනක් සල්ලි වැටෙන -රට කුණු ගොඩක් කරන්න ලෝකෙම තියෙන මිනිස් මළ, කැපූ කෙස්, සායනික අපද්‍රව්‍ය සහ න්‍යෂ්ටික අපද්‍රව්‍ය මේ රටට ගොඩ ගහන්න අවසර දෙන ගිවිසුම් අත්සන් කරන, ආර්ථික උපායමාර්ගික සහ ජාත්‍යන්තර වෙළද අමාත්‍යාංශයක්. බෙහෙත් නැති ඉස්පිරිතාලයක්. පිං කැටේ සීල් තියපු පන්සලක්. First round knockout Cricket team එකක්. දේශීය ඉදිකිරීම් සමාගම් වහන තත්වයට පත්කරපු ඉදිකිරීම් අමාත්‍යාංශයක්.

සැමට සමානව විනාශය

තව මාස හයක් ඇතුළත මේ රටේ ප්‍රධාන ඉදිකිරීම් සමාගම් කිහිපයක් වසා දැමීමට නියමිතයි. සිනමන් ග්‍රෑන්ඩ් සහ සිනමන් ලේක්සයිඩ් හෝටල් විකුණා දැමීමට නියමිතයි. ඒවා මිලදීගන්න ඕස්ට්‍රේලියන් සහ ඉන්දීය සමාගම් දැනටමත් කටයුතු කරමින් ඉන්නවා. ඊයේ මගේ මිතුරෙක් කිවුවා, ඔහුගේ සහෝදරයා රැකියාව කරපු ආයතනය සියලු දීමනා කපා හැරලා ලක්ෂ දෙකහමාරක් වුණු ඔහුගේ වැටුප ලක්ෂ එකහමාරට අඩු කරලා කියලා. ඒ මදිවට ඒ දෙන මුදලටත් අමතර බදු ගහලා ඒකෙනුත් ගානක් කපා ගන්නවා කියලා. ලක්ෂ දෙකහමාරක් ගත්තු ඒ මනුස්සයත් මාසෙකට විසිපන්දාහක් වැටුප් ගන්න නව තරුණ පරම්පරාවත් විතරක් නෙවෙයි දෙදාස්පන්සියයක්වත් හොයාගන්න බැරි අන්ත දුප්පත් මනුස්සයත් මේ හැමෝම අද ඉන්නෙ දරාගන්න බැරි අපහසුවකින්. ඒ අතින් නම් සියල්ලන්ටම සමානව සලකලා සමානත්වය ස්ථාපිත කරලා තියෙනවා. ජවිපෙට සතුටු වෙන්න පුළුවන් ඔවුන්ගෙ දැක්මට අනුව රට ගමන් කරනවා කියලා. සැමට සමාන අපහසුතා. සැමට සමානව කරදර. සැමට සමානව විනාශය.

මේ සියල්ල සිදු වන්නේ අගමැතිවරයා සාමාජිකත්වය දරන නව ලිබරල්වාදී ‘මොන් පෙලරින් සමාජයේ’ උපදෙස් නිසයි. රට හතුරු නොවන එජාප සාමාජිකයන් මේ ගැන සැලකිලිමත් නොවුණොත් එජාපයත් අලියා ලකුණත් නැති වෙන දවස වැඩි ඈතක නොවෙයි. අද ජනතාව කියන්නේ ‘කෝච්චිවලට වන අලි වෙනුවට මේ රටකන අලි ටික හැප්පියන්’ කියලයි ’’

ඉහත මාධ්‍ය හමුවට ජානිපෙ වෘත්තීය කටයුතු ලේකම් ජයන්ත වන්නිඅාරච්චි මහතා ද සහභාගි විය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ



One thought on “‘පොඩි පොඩි ආයතන නොවෙයි නීති විරෝධීව පත්කරපු අගමැතිකම පවරාගෙන සුදුස්සෙකුට දෙන්න’ -ජානිපෙ ජනපතිගෙන් ඉල්ලයි”

  1. මහ බැංකුව. අගමැති මහ බැංකුව තමන් යටතට ගත්තා. ඒකෙ අධිපති කරගත්ත ලංකාවෙ පුරවැසියෙක්වත් නොවෙන පල් හොරෙක්. ඉන් පස්සෙ එපිටම හොරු සමග හෙලුවෙන්. ලැයිස්තුව හරි දිගයි හොරාගෙන් මුදල් ගත්තු සමහරු ගහනවා පොත්, ‘මහ බැංකු හොරකමක් සිදුව නැත’ කියලා. බැලින්නම් ඌත් සල්ලි අරගෙන. පොත ගහලා තියෙන්නෙත් ඒ සල්ලිම පාවිච්චි කරලා. hi….hi…hi…

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More

අධිකරණයට යාමේ අවශ්‍යතාවයක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය තියනවා.. මැ.කො.

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගි...


Read More

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමු...


Read More