ව්‍යාපාරික පුවත්

ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් වාහන ආනයනය නතර කිරීමට සිදුව ඇති බව ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සභාපති ඉන්දික සම්පත් මෙරෙන්චිගේ ප්‍රකාශ කරන්නේ රුපියල අවප්‍රමාණය වීම හේතුවෙන් මෙරටට ආනයනය කරනු ලබන වාහන සඳහා රුපියල් ලක්ෂ 03ක පමණ අමතර මුදලක් ගෙවීමට සිදුවනු ඇති බවය.

එසේම මේ වනවිට වාහන ඇණවුම් කිරීමේදී බැංකුවලට ගෙවන මුදල දෙගුණයකින් වැඩි කිරීම ඇතුළු කාරණා කිහිපයක් නිසා කර්මාන්තය කඩා වැටීමට හේතු වී ඇති බවද සඳහන්.

මේ හේතුවෙන් අද වනවිට වාහන අලෙවිය විශාල ලෙස පහත වැටී ඇති අතර ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වීම, ජපන් යෙන් එකක මිල රුපියල 1.75ක් දක්වා වෙනස් වී තිබීම යන කරුණු නිසා වාහන ආනයන වියදමද පෙර නොවූ පරිදි වැඩි වී ඇති බවද එම සංගමය ප්‍රකාශ කරයි.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රිෂාඩ්ට -හිස්බුල්ලාට එරෙහිව සීඅයිඩි යට පැමිණිලි 2 ක්

අමාත්‍ය  රිෂාඩ්   බදියුදීන් සහ නැගෙනහිර පළාත් ආණ්ඩුකාර  ඒ එල් ඒ එම්  හිස්බුල්ලා යන මහත්වරුන්  එරෙහිව පොලිස්  මුලස්ථානය වෙත ලැබී තිබු පැමි...


Read More

රිෂාඞ්ගේ අයථා වත්කම් සඟවා තැබුවේ කුරුණෑගල රෝහලේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද? විශේෂ හෙලිදරව්ව..

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර...


Read More

මුස්ලිම් මවුලවි කෙනෙක් විල්පත්තු මායිම් රක්ෂිතයේ අක්කර 2ක් ඩෝසර් කරයි..ගෙවල් හදන්න ගෙපල් තිහක් එක රැයෙන් කපයි…

විල්පත්තුවට මායිම් වූ කල්ලාරු රක්ෂිතයට සිකුරාදා (24) මහරෑ ඩෝසරයක් රැගෙන ඇතුළු වී ඇති මුස්ලිම් මවුලවි කෙනෙකු ඇතුළු කණ්ඩායමක් රක්ෂිතය ඩෝසර්...


Read More