මුහුණු පොතෙන්

පාස්කු ඉරිදා දිනයේ ශ්‍රී ලංකාවට එල්ල වූ මහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් වළක්වා නොගෙන ජනාධිපතිවරණයට තරඟ වැදීමට ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්දැයි හිටපු හමුදාපති ජනාධිපති වත්මන් අපේක්ෂක මහේෂ් සේනානායක මහතාගෙන් විමසිය.

මෙම විමසීම පාසල් සිසුවෙකු විසින් කරන ලද්දේ ස්වර්ණවාහිනියේ පැවති ‘නාඩිය’ විවාදාත්මක වැඩසටහවේදීය.

පාස්කු ප්‍රහාරය එල්ල වෙද්දී හමුදාපතිවරයා ලෙස සිටිමින් හමුදා බුදධි අංශ තමන් යටතේ තිබියදී මෙම ප්‍රහාරය වළක්වා නොගත් මහේෂ් සේනානායක මහතා ඉදිරියේ දී යම් ලෙසකින් ජනාධිපතිවරයා රටේ ආරක්ෂාව කෙසේ සලසන්නේදැයි එම සිසුවා ඔහුගෙන් විමසීය.

හිටපු හමුදාපතිවරයා ඉතා අසීරුවෙන් එම ප‍්‍රශ්ණය සදහා පිළිතුරු අමුණනු දක්නට හැකි විය.

මහේෂ්_සේනානායක_අපේක්ෂකතුමනි……පාස්කු ප්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජා නැද්ද…?🤔😡😓ඔබතුමාගේ වගකීම ඒ 21 ප්‍රහාරය වෙද්දි ඔබතුමා හමුදාපතිවරයා.. ඔබතුමා ය⁣ටතේ තමයි හමුදා බුද්ධිඅංශය තිබෙන්නේ. එතකොට ඔබතුමාගේ වගකීම හරිහැටි ඉෂ්ට වුනාද..?සම්පුර්ණ වැඩසටහන අමුණා ඇත https://www.youtube.com/watch?time_continue=2951&v=R_ecN3zkn-o&feature=emb_logo

Gepostet von 𝐒𝐑𝐈𝐋𝐀𝐍𝐊𝐀 𝐏𝐎𝐃𝐔𝐉𝐀𝐍𝐀 𝐏𝐄𝐑𝐀𝐌𝐔𝐍𝐀 – 𝐈𝐒𝐑𝐀𝐄𝐋 am Donnerstag, 7. November 2019



4 thoughts on “‘‘පාස්කු ප‍්‍රහාරය වලක්වා නොගෙන ජනතාව ඉදිරියට එන්න ලැජ්ජ නැද්ද?‘‘ සජීවී සංවාදයක පාසැල් සිසුවෙක් යොදමු කළ පැනයෙන් මහේෂ් නිරුත්තර වෙයි.”

  1. Bambuwa thamaa amunanne. Rate neethiya, hamudaawata balaya lebena widiya danne nethi gonnu ahana prashnayak me podi eka ahuwe… 😀

  2. අයියෝ මහේෂ්ට මේකට සිම්පල් උත්තරයක්නේ දෙන්න තිබ්බේ.
    කියන්න තිබ්බේ,
    “පුතා, ඔයා දන්නවද විධායක ජනාධිපතිවරයෙකුයි අගමැතිවරයෙකුයි යුධ හමුදාපතිවරයෙකුයි අතර වෙනස? ඒ තමයි බලතල ක්‍රියාත්මක කිරීමට ඇති නීතිමය බලය. මම හමුදාපතිවරයා බව ඇත්ත හැබැයි මට ජනාධිපතිට වගේ විධායක බලයක්වත් අගමැතිට වගේ ව්‍යවස්ථාදායක බලයක්වත් හිමි නැහැ. මට තනි තීරණ ගන්න බලයක් නැහැ. මට ජනාධිපති හෝ අගමැති නියෝගයක් දෙන්න ඕනේ. මට වැඩ කරන්න පුළුවන් ඊට පස්සේ. මුළු රටටම පෙනෙන්න ඇති හදිසි නීතිය ගෙනල්ල ජනාධිපතිවරයා මට බලය පැවරුවාට පස්සේ මම දිගට දිගට යන්න තිබ්බ ත්‍රස්ත ප්‍රහාර නැවැත්තුව හැටි. හැමෝම කියද්දී තව බෝම්බ ප්‍රහාර ඇති වෙයි කියල මම මැදවච්චියේ ඉඳන් කොලොඹට පා ගමනකුත් ගියා. ඒ හින්ද සිංහලයන්ගේ බය නැතිවුනා. අදටත් තියෙන්නේ මම ඇති කරපු ඒ සාමකාමී වාතාවරණය.”

  3. පලමුව, ජනාධිපති අපේක්ෂක ජෙනරල් මහේෂ් සේනානායක මැතිතුමාට මගේ ආචාරය! විමුක්ති රහල්, මාතර රාහුල විදුහලේ සිසුවා අති බක පණ්ඩිත බවක් පෙන්නුම් කරයි. අප රටේ අති භයංකර යුද්ධයක් පැවති අවධියක විමුක්ති රහල් ලදරුවෙකි. තම ජීවිතය පරදුවට තබා යුද බිමේ සටන් කල යුද සෙන්පතියෙකුගේ කොඳු නාරටිය ගැන තවමත් ලදරු මට්ටමේ සිට ඔහු ප්‍රශ්න අසයි. මෙම ලදරුවා මීටත් වඩා විනය ගරුක විය යුතුයි. ජෙනරල් මහේෂ් සේනානායක මැති තුමනි, ස්වර්ණවාහිණී නාඩිය වැඩසටහනේ මාතර රාහුල විදුහල නියෝජනය කළ මෙම විමුක්ති රහල් කියන ලදරුවාගේ ඔල මොට්ටල මෝඩ ප්‍රකාශයට ඔබ තුමාගෙන් ලැබුනේ අනගි විනය ගරුක පිලිතුරකි. රටේ පැවති යද්ධයට සක්‍රීය දායකත්වය දුන් යුධ සෙන්පතියෙකුග කොඳුනාරටිය පිලිබඳව මෙම ලදරු සිසුවා මෙන්ම ඔහු නියෝජනය කළ මාතර රාහුල විදුහලද අවබෝධ කරගත යුතුය. මෙය ලියන මා හට පක්‍ෂයක්, පාටක් නැත. එහෙත් අනාගත පරපුරට රටක් ඉතිරි කර දීමට සෙන්පතියෙකු හෝ ඉදිරිපත් වේ නම් මම ඔහුට හිස නමා ආචාර කරමි. ජෙනරල් මහේෂ් සේනානායක මැති තුමනි ඔබට මගේ ආචාරය!

  4. මේහි ලියන අය තමන්ට පක්ෂ, පාට නෑ කියලා තමන්ටම චරිත සහතික ලියාගෙනම විවේචන වල යෙදෙනවා. ඒ උනාට අපිට පේනවා ඒ අයට පක්ෂ පාට තියෙනවා කියලා. මට පක්ෂයක් හා පාටක් තියෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

කොටි හුරතල් ඉවරයි …උතුරු – නැනෙහිර සුසාන භූමිවල සැමරුම් බෑ – ආරක්‍ෂක අංශ තදින් සිටියි

නොවැම්බර් 27 දාට යෙදෙන මියගිය කොටි සැමරීමේ උත්සව උතුරේ සහ නැගෙනහිර කොටි සුසාන භූමිවල පැවැත්වීම සඳහා ඉඩ නොදෙන බව ඉහළ පෙළේ ආරක්‍ෂක ආරංචි මා...


Read More

මහින්ද අගමැති ලෙස අද දිවුරුයි…කැබිනට්ටුවට නම් 15ක්… පොහොට්ටුවට 12යි – ශ‍්‍රීලනිපයට 3යි…ඇමතිකම් බෙදෙන හැටි මෙන්න

අගමැති ධුරයෙන් රනිල් වික්‍රමසිංහ ඉල්ලා අස්වීමෙන් පැවැති රජය අහෝසි වීම නිසා භාරකාර රජයක් ස්ථාපිත කිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත. නව ඇම...


Read More

විපක්ෂනායක පුටුවට රනිල් – සජිත් සටනක – රනිල් පන්නන්න සජිත් පිල සිරිකොත වටලයි

අගමැතිවරයා ධුරයෙන් ඉවත් වීමත් සමග විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ අගමැති ධුරයේ දිවුරුම් දීමට නියමිතව ඇත. භාරකාර රජයේ විපක්ෂ නායක ධුරයට සජිත...


Read More