දේශීය පුවත්

තමා පාවිච්චි කළේ එක තුරුම්පුවක් පමණක් බවත් අවශ්‍ය වුවහොත් පාවිච්චි කිරීමට තවත් තුරුම්පු බොහෝමයක් තිබෙන බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ(8) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ විධායක සභාවේදී හා සමස්ත ලංකා කාරක සභාවේදී ප්‍රකාශ කර ඇත.

තමන් ගෙන ඇති තීන්දු තීරණ කිසිම හේතුවක් මත අතරමග නතර නොකරන බව බවසා ඇති ජනාධිපතිවරයා ඒවා ආපස්සට ගන්නේ නැති බවද සඳහන් කර තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවේ වැඩ පිළිවෙළට සහයදෙන ලෙස එක්සත් ජතික පක්ෂයෙන් ඉල්ලීමක් කරන බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා එසේ නොකරන්නේ නම් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් එකඟව කළහැකි තුරුම්පු ළඟ තිබෙන බවද පවසා ඇත.

එම වැඩ පිළිවෙළට සහය දෙන්නේ නම් මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුපද බේරාගෙන පාර්ලිමේන්තුවේ සම්පූර්ණ කාලය ගත කිරීමට හැකි වන බවද ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කිසිඳු අවශ්‍යතාවයක් නැතැයිද ජනාධිපති සිරිසේන මහතා ප්‍රකාශ කර ඇත.

තමා මෙතෙක් ගත් තීන්දු තීරණ සියල්ල ගත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවටත් නීතියටත් අනුව බව පවසා ඇති ජනාධිපති සිරිසේන මහතා ඒ සඳහා නීති විශාරදයින්ගේ හා ව්‍යවස්ථාවේ විශාරදයින්ගෙන් උපදෙස් ලබා ගත් බවද සඳහන් කර ඇත.

මේ අතර එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන් පිරිසක් තමා හමුවීමට අවස්ථාව ඉල්ලා ඇතැයිද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂය මන්ත්‍රීවරුන් තබා ගැනීමට ඔවුන්ට මුදල් දෙන බවට තොරතුරු ලැබී ඇතැයි ජනාධාපතිවරයා සඳහන් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභාව සහ සමස්ත ලංකා කාරක සභාව බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ අද රාත්‍රීයේ පැවැති අතර හිටපු අගමැති දී.මු ජයරත්න,15 දෙනාගේ කණ්ඩායමේ මන්ත්‍රීවරුන් සියලු දෙනාද සහභාගි වී ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

එජාප නායකත්වයෙන් නව සන්ධානයක්… ලකුණ දියමන්තිය

එක්සත් ජාතික පක්‍ෂය ප‍්‍රමුඛ පක්‍ෂ ගණනාවක නියෝජනයක් සහිතව ‘ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජනතා සන්ධානය’ නමින් නව පුළුල් දේශපාලන සන්ධානයක් ඉදිරියේදී ...


Read More

TNA එක රනිල්ව ප්‍රාණ ඇපයට අරගෙන – මහින්ද (Video)

රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පාලනය කිරීමේ ‘රිමෝට් එක‘ දෙමළ ජාතික සන්ධානය අතට පත්ව ඇති බව මහින්ද රාජපක්ෂ මහතා පවසයි. ඒ මහතා මේ බව පැවස...


Read More

මෛත්‍රී – මහින්ද සමගියට ගැහුවොත් අපිත් ගහනවා – ජාතික සංවිධාන

ජාතික සංවිධාන නියෝජනය කරමින් වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා විසින් දිවයින පුවත්පතට සහපාය තිබූ ලිපියක් පිළිබඳ අදහස් විමසීමේදී ඒ මහතා එසේ සදහන් ක...


Read More