දේශීය පුවත්

පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කරමින් හදිසි ගැසට් නිවේදනයක් නිකුත් කළේ එළඹෙන 19 වනදා එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් විසින් ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමේ සුදානමක් පිළිබඳ වාර්තාවීම නිසා බව දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරයි.

මෙම දෝෂාභියෝගය එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ මැදිහත්වීම මත නීති ක්‍ෂේත්‍රයට සම්බන්ධ සංස්ථා සභාපතිවරයකු විසින් සකස්කර ඇති බවට ජනාධිපතිවරයාගේ පාර්ශවයට තොරතුරු ලැබී තිබුණු බවද එම ආරංචිමාර්ග වැඩිදුරටත් පෙන්වා දෙයි.

ඒ අනුව අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව පාර්ලිමේන්තුව එළඹෙන 19 වනදා නැවත රැස්වීමට නියමිතව තිබුණත් ජනාධිපතිවරයා විදෙස්ගතවීම හමුවේ දෝෂාභියෝගය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම වළක්වාලීම සඳහා පාර්ලිමේන්තු වාරය 12 වනදා මධ්‍යම රාත්‍රියෙන් කඩිනමින් අවසන් කරමින් එය මැයි 08 දක්වා කල් තැබීමට ජනාධිපතිවරයා කටයුතු කර ඇත.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාවේ බලතල අනුව අංක 2066/43 අතිවිශේෂ ගැසට් නිවේදනය හරහා ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවාරය අවසන් කිරීම සිදුකර ඇත්තේ ඒ අනුවය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පන්සලට ලැබුන මුදල් ආධාර ආණ්ඩුව උදුරාගෙන.. පන්සල් හදන්න අවසර ගන්න පනතක්.. මහින්ද

එදා 1977 දී නිදහස් පක්ෂය ලැබූ පරාජයෙන් පසුව පොලීසියට සතියක් නිවාඩු දුන් එක්සත් ජාතික පක්ෂය අද ඊටත් එහා ගොස් එෆ්. සී. අයි. ඩී කියා අලුතෙන්...


Read More

ත්‍රිරෝද රථ මීටර් නීතිය හිසේ අමාරුවට කොට්ටය මාරුකිරීමක්

ත්‍රී රෝද රථ ගාස්තු සදහා ස්ථාවර මිලක් හදුන්වා දිය යුතු අවස්ථාවක මීටර් සවිකිරීම හා බිල් පතක් නිකුත් කිරීම අනිවාර්ය කර නීති සෑදීම හිසේ ...


Read More

පටු අරමුණු තුනක් සපුරා දෙන්නැයි ජවිපෙ විධායකය අහෝසි කිරීමේ යෝජනාව ගෙන එන්නේ

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ජවිපෙ සූදානම් වන්නේ ආණ්ඩුවේ පැටව් ගහන අර්බුදය සමනය කර ඒකාබද්ධය ඇතුළු සැබෑ ව...


Read More