දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති ‌මෛත්‍රීපාල සිරිසේන මහතාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලබා දී ඇති බව හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා පවසයි.

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීමට නියමිත බවට වාර්තා වන තොරතුරු සම්බන්ධයෙන් අදහස් දක්වමින් හෙතෙම මේ බව ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් අදහස් දැක්වූ හිටපු අගවිනිසුරුවරයා “පාර්ලිමේන්තුව විසුරුවා හැරීම කියන්නේ පැහැදිලිවම ශ්‍රීලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පැවරී ඇති බලයක්. ඒක සඳහන් වෙලා තියෙන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 33(2) (ඇ) ව්‍යවස්ථාවේ.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ වෙන කිසිම විධිවිධානයක් හෝ තිබුණද ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු සැසිවාරය ආරම්භකිරීමටත්, සැසිවාරය අවසන් කිරීමට හා විසුරුවාහැරීමට බලය ඇති බව පැහැදිලිව එහි සඳහන්ව තිබෙනවා.
පැහැදිලි බලය එතැන තිබෙනවා. ඒවගේම 70 වැනි ව්‍යවස්ථාවේ තිබෙන වගන්ති ඇතුළත් වුණෙත් 19 වැනි සංශෝධනයෙන්. 70 වැනි ව්‍යවස්ථාවේ බලය ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ පළමු වැනි වසර හතරහමාර තුළ තුනෙන් දෙකක යෝජනා සම්මතයක් අනුවයි.

33(2) (ඇ) ව්‍යස්ථාව 19 වැනි සංශෝධනයට ඇතුළත් කළේ 2002 දී ඇතිවුණ නඩු තීන්දුවක් අනුවයි. පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාගෙන් ඉවත් කරන්න බැහැ. එය ඉවත්කරනවානම් ඒකට ජනමත විචාරයක් අවශ්‍යයි කියන තර්කය මතුවුණා. ජනමත විචාරයක් අවශ්‍යනොවන විදිහට 33(2)(ඇ) තුළ පූර්ණ බලයක් ජනාධිපතිවරයාට ලබාදී තිබෙනවා.

පාර්ලිමේන්තුව විසුරුවන්න පාර්ලිමේන්තුව තුළින්ම යෝජනාවක් එනවානම් එය තුනෙන් දෙකක බහුතර බලයක් සහිත යෝජනාවක් ලෙස ඉදිරිපත් විය යුතුයි.

මේ විධිවිධාන දෙකම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතුළත් කරලා තිබෙනවා. මේවගන්ති දෙක පරස්පර වෙන්නේ නැහැ. එය අර්ථකථනය කරද්දි අර්ථකථනය කරන ආකාරයක් තිබෙනවා. ඒ අනුව මෙය අමතර බලයක්. ඒ අනුව ජනාධිපතිවරයා එය ක්‍රියාත්මක කරන්නෙ අවශ්‍යම අවස්ථාවේ.

මේ අවස්ථාවේ පාර්ලිමේන්තුව විසුරුවාහැරීම තමයි සුදුසුම ක්‍රියාදාමය කියලා මම හිතන්නේ. නැත්නම් ලොකු අරාජික තත්ත්වයක් මතුවෙලා තියෙන්නෙ” යැයි පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

රනිල් – සජිත් ගල උඩ සටන ඇරඹෙයි..

හිටපු අගමැති එක්සත් ජාතික පක්‍ෂයේ නායකත්වයෙන් වහාම ඉවත් වන්නැයි එම පක්‍ෂ නියෝජ්‍ය නායක සජිත් පේ‍්‍රමදාස මහතාගේ කණ්ඩායම රනිල් වික‍්‍රමසිංහ...


Read More

අධිකරණයට යාමේ අවශ්‍යතාවයක් නෑ.. ගැසට් නිවේදනය අනුව මැතිවරණය තියනවා.. මැ.කො.

ජනාධිපතිවරයා විසින් මහ මැතිවරණයක් ප්‍රකාශයට පත් කරනු ලැබීම ගැන සාකච්ඡා කිරීමට එක්සත් ජාතික පෙරමුණේ නායකයෝ අද(10) මැතිවරණ කොමිෂන් සභාවට ගි...


Read More

කථානායක නිර්මාණය කළ ව්‍යවස්ථා අර්බුදයට විසඳුම මහමැතිවරණයක් පමණයි – ජාතික සංවිධානවලින් තර්කානුකූල විග්‍රහයක්

කතානාතානායකවරයා විසින් කුමන ආකාරයකට ව්‍යවස්ථා අර්බුද නිර්මාණය කළත් NGO වියපත් ගණිකාවන්ට අරාබි වසන්තය ගෙන ඒමට නොහැකි බව ජාතික සංවිධාන එකමු...


Read More