දේශීය පුවත්

පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී පාර්ලිමේන්තුව කැඳවීමට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව බලයක් නොමැති බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් මැයි මස 13වනදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (10) දින ලබා දුන්නේය.

මෙම පෙත්සම ගොනු කර තිබුණේ හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර සරත් වීරසේකර මහතා ගෝලීය ශ්‍රී ලාංකික සංසදය විසිනි.

කෙසේවෙතත්, ශ්‍රේෂ්ඨාධිකරණය මේවනවිට පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ලබා දී ඇති බැවින් මෙම පෙත්සම නිශ්ප‍්‍රභ කරන ලෙස නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා සිටියේය. කතානායකවරයා පාර්ලිමේන්තු මහලේකම්වරයා සහ නීතිපතිවරයා පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම් කර තිබේ.



One thought on “පාර්ලිමේන්තුව කැඳවීමට එරෙහිව පෙත්සම සළකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කරයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මහින්ද රාජපක්ෂ පාර්ලිමේන්තු විපක්ෂ නායක කාර්යාලයේ වැඩ භාර ගනියි (Photos)

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී මීට නොබෝ වේලාවකට පෙර වැඩ භාර ගනු ලැබීය. මෙම...


Read More

ආණ්ඩුව කියන්නේ බොරු ව්‍යවස්ථා කෙටුම්පත පාර්ලිමේන්තු වෙබ් අඩවියේ

යෝජිත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කෙටුම්පතක් සකස් කර නැති බව රජය පුන පුනා කීවත් පාර්ලිමේන්තු වෙබ් අඩවියේ ඉංග්‍රීසි භාෂාවෙන් සඳහන් වන පාර්ලිමේන...


Read More

මරණ දණ්ඩන ලිපිගොනු අතුරුදන්.. එහෙත් මරණ දණ්ඩනය දෙන්න මම ගත්ත තීන්දුවේ වෙනසක් නෑ – ජනපති

මත්ද්‍රව්‍ය හේතුවෙන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයින්ගේ මරණීය දණ්ඩය නියම කිරීම සඳහා අත්සන් කළයුතු ලිපිගොනු අතුරුදහන් වී ඇති බව ජනාධිපති ම...


Read More