දේශීය පුවත්

පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කතානායක ධුරය භාර ගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කිසිවකුත් ඉදිරිපත්නො වුණොත්…එය එක්සත් ජාතික පක්ෂයට හිමිවීමේ අවස්ථාවක් තිබෙන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය සහ මහවැලි රාජ්‍ය අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේය.

පුරප්පාඩු වී තිබෙන නියෝජ්‍ය කතානායක ධුරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හිමි බවත් එය භාරගැනීමට මේ දක්වා කිසිවකු ඉදිරිපත් වී නොමැති බවත් අමාත්‍යවරයා පෙන්වා දෙයි.

ආණ්ඩුව නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලුම දෙනා කැබිනට් අමාත්‍ය ධුර. රාජ්‍ය අමාත්‍ය ධුර, නියෝජ්‍ය අමාත්‍ය ධුර දැරුවොත් එජාප අමාත්‍ය ධුරයක් දරද්දී නියෝජ්‍ය කතානායක ධුරයද දැරීමට නොහැකි වන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.

එම නිසා අමාත්‍ය ධුර නොදරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු විසින් එම තනතුර භාරගත යුතුව ඇත.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අද (24දා) පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමේදී සාකච්ඡා කෙරෙනු ඇතැයි තමන් අපේක්ෂා කරන බවද මහින්ද අමරවීර අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

මැලේසියාවේ හිටපු අගමැති ළඟ ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 28ක්

මැලේසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට අයත් පෞද්ගලික නිවසක තිබී සොයාගන්නා ලද මුදල් අතර ‘ශ්‍රී ලංකා මුදල්’ රුපියල් මිලියන 2.87ක් (රුපියල් ලක...


Read More

ජුනි03 වැනිදායින් පසු මහින්ද ඉවතට.

ජුනි 03 වැනිදා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන ක්‍රියාවලියේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ අනුශාසක ධූ...


Read More

ශ්‍රී.ල.නි.ප.ය කුණු වෙනවා කියා ‍මෛත්‍රී කියද්දී චන්ද්‍රිකා නැගිට යයි.

තවදුරටත් ශ්‍රීලංකා නිදහස් පක්ෂය ජාතික ආණ්ඩුවේ සිටියහොත් පක්ෂය කුණුවී දියවී යන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කර තිබේ.එම නිසා...


Read More