දේශීය පුවත්

ජාතික හෙළ උරුමයේ නායක අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා 9 වැනිදා රාත්‍රී මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසට පැමිණ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කොට ඇති බව දේශපාලන අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.

සියලු ප්‍රශ්න අමතක කර මේ අවස්ථාවේදී සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබා දෙන ලෙස පාඨලී චම්පික රණවක අමාත්‍යවරයා දිගින්දිගටම ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව ද වාර්තා වේ.

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා ගේ සහයෝගය තීරණාත්මක නිසා කෙසේ හෝ සජිත් ප්‍රේමදාස මහතාට සහයෝගය ලබාදෙන ලෙස ඉල්ලීමක් කර ඇති අතර එසේ සහයෝගය ලබාදෙන්නේ නම් ඉදිරි ආණ්ඩුවේ අගමැතිවරයා වශයෙන් පත් කිරීමටද කටයුතු කරන බවට අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කොට ඇති බවද වාර්තාවේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දක්වා තිබෙන්නේ කෙබඳු ප්‍රතිචාරයක් ද යන්න මේ දක්වා වාර්තාවී නොමැත.

කූඹියා නිව්ස්



One thought on “පාඨලී අන්තිම තුරුම්පුවත් අදී… අගමැතිකම ලබා දෙන බව කියමින් මෛත්‍රී ළඟ වැඳ වැටී සහාය ඉල්ලයි”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

නව ජනවරමට නව ආණ්ඩුවක් හදන්න පුළුවන් – හිටපු අගවිනිසුරු සරත් නන්ද සිල්වා

රටක සමස්ථ ජනතාවක් නියෝජනය කරමින් ප්‍රජාතන්ත්‍රිකව තෝරා පත්කරගන්නා එකම පුද්ගලයා  ජනාධිපතිවරයා වන බැවින් ඔහුට පූර්ණ විධායක බලය ලැබෙන බවත් ග...


Read More

හදිසි පාර්ලිමේන්තුමැතිවරණයක්

හදිසි මහ මැතිවරණයක් පැවැත්වීම සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ රජය තීරණය කර තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ...


Read More

මහින්දගේ අවධානය 19 වැනි සංශෝධනයට

නව ජනාධිපතිවරයා දිවුරුම් දීමෙන් පසුව 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇති කර තිබෙන අලුත් තත්ත්වය සම්බන්ධයෙන් සමාලෝචනය කර පවතින නීත...


Read More