විදේශ පුවත්

ප්‍රංශය පුරා පවතින නොසන්සුන්කාරී වාතාවරණය පිළිබඳ වෙළෙඳ සංගම් හා සේවක සංවිධාන සමඟ සාකච්ඡා කිරීමට ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් තීරණය කර ඇත. එම සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය හරහා ජනතාව අමතා ගනු ලබන තීන්දු තීරණ ප්‍රකාශ කිරීමට ද නියමිතය.

ඉන්ධන බදු, ජීවන වියදම සහ ඉහළ යාම සහ තවත් ගැටලු කිහිපයකට එරෙහිව ප්‍රංශයේ ඇති වූ විරෝධතා රැල්ල සිවුවැනි සුමානය දක්වාත් ක්‍රියාත්මක වී තිබේ. මේ වන විට “කහ කබාකරුවන්” 136,000ක් පමණ වීදි බැස විරෝධතාවයේ නිරත වී සි‍ටින අතර ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණ 1,200කට වැඩි සංඛ්‍යාවක් අත්අඩංගුවට පත් වී ඇත.

මෙමගින් වැඩිම හානිය සිදු වී ඇත්තේ පැරීසියටය. ජනේල බිඳ දමා, මෝටර් රථ පුළුස්සා, කඩ සාප්පු වසා දැමීමට විරෝධතාකරුවන් කටයුතු කර තිබේ. මේ තත්ත්වය හමුවේ ආර්ථිකයට දැඩි බලපෑමක් සිදු වන බව ප්‍රංශයේ මුදල් අමාත්‍ය බෲනෝ ලෙ මෙයර් ප්‍රකාශ කර තිබේ. ප්‍රංශයේ අයිෆල් කුලුන හා ලූවර් කෞතුකාගාරය ඇතුළු සංචාරක ස්ථාන කිහිපයක් වසා දැමීමට ද පසුගිය සතියේ රජය පියවර ගෙන තිබුණි.

විරෝධතා අතරතුර ඇති වූ ගැටුම් නිසා වෙළෙඳසල් ගණනාවකටම අලාභ හානී සිදු වූ අතර විරෝධතාකරුවන් හා ආරක්ෂක අංශ අතර ගැටුම් හටගත් බවද එහිදී පොලිස් නිලධාරින් තිදෙනෙකු සමග පුද්ගලයින් 126 දෙනෙකු තුවාල ලැබූ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. “කහ කබා” විරෝධතාකරුවන්ගේ විරෝධතා පාලනයට කදුළු ගෑස් ප්‍රහාරයන්ට අමතරව රබර් උණ්ඩ වෙඩි ප්‍රහාර ද එල්ල කිරීමට සිදු විය.

ශ්‍රී ලංකාවේ සංචාරයට අනතුරු අගවන බටහිරේ බලවතෙක් වන ප්‍රංශයේ තෙල් මිල වැඩි කරහම මරාගන්න මී හරක් .

ශ්‍රී ලංකාවේ සංචාරයට අනතුරු අගවන බටහිරේ බලවතෙක් වන ප්‍රංශයේ තෙල් මිල වැඩි කරහම මරාගන්න මී හරක් ..අනුන්ගේ රටවල කෙසේ වෙතත් තමන්ගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කල යුතුය

Gepostet von Siyapatha am Montag, 10. Dezember 2018



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

20 සම්මත කිරීමේ සෙල්ලමට ඇමෙරිකානු මැදිහත් වීමක් – පාර්ලිමේන්තු මහලේකම්ට බලපෑම්

ලංකා ලීඩ් නිව්ස් වෙත ලැබී ඇති විශ්වාසනීය ආරංචිමාර්ගයකට අනුව ඊයේ(25) දින තාජ් සමුද්‍ර හෝටලයේ සිට පාර්ලිමේන්තුවට පැමිණි ඇමෙරිකානු රාජ්‍ය දෙ...


Read More

නොරොච්චෝලය ඉදි නොවුණානම් ජනතාව අද කලුවරේ – මහින්ද

තම ආණ්ඩුව බලයේ සිටින විට මෙවන් විදුලි කප්පාදු කිරීම් සිදු නොවූ බවත් යුධ සමයේ දී පවා ජනතාවට විදුලිය ලබාදුන් බවත් විපක්ෂ නායක මහින්ද රාජපක්...


Read More

යුද්ධය අවසන් කරන්න රාජ්‍ය සේවකයින් ලොකු සේවාවක් කළා-ගෝඨා

රාජ්‍ය සේවකයන් හට නොබියව තම සේවය ඉටු කිරීමට හැකිවන පරිදි නව නීතී සම්පාදනය කර ඔවුන් ආරක්ෂා කර ගත යුතු බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ...


Read More