කලා පුවත්

බොලිවුඩයේ අලුත්ම සිනමාපටය වන ආන්දෝලනාත්මක පද්මාවත් සිනමාපටය යළි තිරගත කිරීම ආරම්භකෙරුණු ඊයේ (25) දිනයේදී එරට තුළ දැඩි ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වූ බව විදෙස් මාධය පවසයි. ඒ අනුව දිල්ලි නුවර දී පමණක් පාසල් සියල්ලම වසාදමා මහාමාර්ග ඇතුලු ස්ථාන රැසකම ආරක්ෂාව වැඩි කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණි.

ඊයේ පෙරවරුවේදී එක් පාසල් බස් රථයක් වෙත ප්‍රහාරයක් එල්ලවීම ඒ සඳහා හේතු වී ඇත.
මෙම සිනමාපටය මගින් හින්දු රැජිනක් සහ මුස්ලිම් රජෙකු අතර ආදර වෘත්තාන්තයක් පිළිබිඹු වන බව ඔවුන්ගේ චෝදනාව වී තිබේ.

හින්දු අන්තවාදීන් රැසක්ම සිනමා ශාලා තුළ පද්මාවත් තිරගත වීම නවත්වන ලෙස ඉල්ලා එරට ප්‍රාන්ත රැසකදීම උද්ඝෝෂණද පවත්වා ඇත. මීට පෙර සිනමාපටය මුලින්ම තිරගතකිරීමට සුදානම්ව තිබියදීද ඊට බාහෝ පිරිසක් විරෝධතාව දැක්වූහ.

ඒ අනුව සිනමාපටයේ මුල් නම වූ පද්මාවතී යන්න පසුව පද්මාවත් ලෙස වෙනස් කිරීමටත්, සිනමාපටයේ ඇතැම් දර්ශන සංශෝධනය කිරීමටත් එහි අධ්‍යක්ෂවරයාට සිදුවිය.
මේ වන විට ශ්‍රී ලංකාවේද පද්මාවත් සිනමා පටය ප්‍රදර්ශනය කිරීම ආරම්භ කර ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ලංකාවේ වකුගඩු රෝගි අයටත් වන්දි – ග්ලයිෆොසේට්වලට එරෙහිව නඩු තීන්දුවක්

ලොව පළමුවරට "ග්ලයිෆොසේට් අඩංගු වල්නාශක පිළිකා සඳහා හේතුකාරක වී ඇතැයි යන්න මත පදනම් වෙමින් " අමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්ත ජූරි සභාව තීන්ද...


Read More

ඒකාබද්ධය ඓතිහාසික තීන්දුවක් ගනී…විපක්ෂ නායක ධූරය වෙනුවෙන් සන්ධානය අතහැර මන්ත‍්‍රීවරුන් 70ක් එකවර ස්වාධීන වෙයි…

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත්‍රීවරුන් වීමේ තත්වයක් ඇතිව තිබෙන බව ඒක...


Read More

මහින්දගේ නම මත්තලට අපලයක්

මහින්ද රාජපක්‍ෂ නමින් බෝඩ් ලෑල්ලක් තිබීම මත්තල ගුවන් තොටුපොළට පමණක් නොව වරායටද අපලයක්වී ඇති බව විමල් වීරවංශ මහතා පවසයි. මව්බිම ඉරිදා ...


Read More