ව්‍යාපාරික පුවත්

පසුගිය අයවැයෙන් කරන ලද සංශෝධනවලට අනුව උපයන විට ගෙවීමේ බදු හෙවත් Paye Tax ගණනය කරනු ලබන ආකාරය 2018 අප්‍රේල් 01 වන දින සිට සංශෝධනය කර තිබේ.

මේ අනුව යම්කිසි සේවකයෙකු විසින් මාසිකව ලබන ලාභය රුපියල් 100,000 සීමාව දක්වා බදු නිදහස් වන අතර ලක්ෂයේ සිට එක් එක් අදියරයන් සඳහා පහත දක්වා ඇති පරිදි Paye බදු ගෙවීම ගණනය කරනු ඇත.

මීට අමතරව සේවකයාගේ ලාභය යන්නට ඔහුට ආයතනයෙන් හිමිවෙන දුරකථන දීමනා, නිවාස කුලී දීමනා, විනෝදාස්වාද දීමනා ආදිය ද අන්තර්ගත වේ.

මෙහිදී සේවකයෙකු ලබන ලාභය යන්නට වැටුප්, වේතන, කොමිස්, අතිකාල, ප්‍රවාහන දීමනා, ඇතුළු අදාළ කාලපරිච්ඡේදය තුළ දී සේවකයා ලද සියලුම ලැබීම් අන්තර්ගත වේ.

මේ පිළිබඳ දළ සටහනක් පහත දැක් වේ.

එක් එක් වැටුප් මට්ටම්වල දී Paye බදු ගෙවීම ගණනය වන ආකාරය දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවියෙහි පහත සඳහන් පිටුව වෙත පිවිසීමෙන් දැන ගත හැකිය.

http://www.ird.gov.lk/si/publications/PAYE%20Tax%20Tables/2018-2019/Table%20%E2%80%93%201/Table%201%20-%20Tax%20Table%2001.pdf
biz.adaderana.lk



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

අලි දෙන්නෙක් නිසා ඇමති ෆොන්සේකා ගත් තීරණය

මාස 3 ක් ඇතුළත සිංහරාජ වනාන්තරයේ සිටින වන අලින් සම්බන්ධයෙන් විසඳුමක් ලබා දිමට රජයෙන් සහයක් නොලැබුනහොත් තමා අමාත්‍යධූරයෙන් ඉවත් වන බව වනජී...


Read More

නි. ඇමැති – රාජ්‍ය ඇමැතිවරු 2ක් 9 කෝටි 60 ලක්ෂයක් ඉල්ලති

නියෝජ්‍ය අමාත්‍යවරයකුට වාහනයක් ලබාගැනීම, රාජ්‍ය අමාත්‍යවරයකුගේ කාර්යාල නඩත්තුවට සහ තවත් රාජ්‍ය අමාත්‍යවරයකුගේ නිල නිවස අලුත්වැඩියා කිරීම ...


Read More

නව වෙළෙඳ ප්‍රතිපත්තිය හැදුවෙ කාගෙ උවමනාවටද? – ජයන්ත කථානායකගෙන් ප්‍රශ්න කරයි

පාර්ලිමේන්තුවේ මේ වනවිට සභාගත කර ඇති නව වෙළෙඳ ප‍්‍රතිපත්තිය නමැති ලේඛනය සකස් කළ ආකාරය හෝ ඒ සඳහා යොදා ගත් ක‍්‍රම වේදයන් හා ඊට දායක වූ පුද...


Read More