දේශීය පුවත්

මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් ගෙන එනවාද නැද්ද යන්න තීරණය කිරීමට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාව වෙත පැවරීමට ආණ්ඩුව තීරණය කර ඇත. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුවේ සාමාජිකයන් සමඟ පැවති දීර්ඝ සාකච්ඡාවකින් පසුව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම තීරණය ගෙන තිබේ.

නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත අද (11 දා) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන්නේ ඒ සම්බන්ධයෙන් නිර්දේශ ඉදිරිපත් කළ විශේෂඥයින්ගේ, දේශපාලන පක්ෂවල උගතුන්ගේ සහ සිවිල් සංවිධාන ක්‍රියාකාරීන්ගේ ද වාර්තා සමගය.

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙන නව ව්‍යවස්ථා කෙටුම්පත මුළු පාර්ලිමේන්තුවම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සභාවක් ලෙස රැස් වූ පසු ඊට ඉදිරිපත් කෙරේ.

ඒ අනුව මෙරටට නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් අවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුතු ඉදිරියට ගෙන යෑමටත්, ව්‍යවස්ථාවක් අනවශ්‍ය බවට ව්‍යවස්ථාදායක සභාව තීරණය කළහොත් එම කටයුත්ත නවතා දැමීමටත් පියවර ගන්නා බව ආණ්ඩුවේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් පැවසීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

සිරියාව හා ඉරාකය අහිමිවූ ISIS ත්‍රස්තයන් ලංකාව හා ඉන්දියාව දෙසට හැරෙයි – ඉන්දීය බුද්ධි අංශ සීරුවෙන්

ඉස්ලාම් රාජ්‍ය ත්‍රස්ත සංවිධානයට සිරියාව හා ඉරාකය අහිමිවීම හේතුවෙන් ඔවුන්ගේ අවධානය ඉන්දීය සාගර කලාපය දෙසට යොමුව ඇති බවත් ඒ අනුව ශ්‍රී ලංක...


Read More

ලොකුම අවාසනාව රට ගැන කැක්කුමක් නැති අගමැති ලෝක ප්‍රජාව සතුටු කරන්න හීන දකින එකයි – බෙල්ලංවිල ධම්මරතන හිමි

රටේ වගකිව යුතු පුද්ගලයා වශයෙන් අග්‍රාමාත්‍යවරයාට දේශීය කිසිදු දෙයක් ගැන කිසිදු කැක්කුමක් නොමැති බව බෙල්ලංවිල ධම්මරතන හිමියන් පවසයි. ”ජ...


Read More

සිංහලයා වදවීම නිල වශයෙන් තහවුරුයි! මුස්ලිම් ළමා ජනගහනය සීඝ්‍රයෙන් ඉහලට.. ජන සංගණනයේ සැගවූ වාර්තා මෙන්න..

සමස්ත ජනගහනයට සාපේක්ෂව ළමා ජනගහනයේ දී ලංකා දෙමළ, ඉන්දියානු දෙමළ සහ මුස්ලිම් කියන ජනර්වගවල ප්‍රතිශතය ඉහළ ගොස් ඇති බව පිවිතුරු හෙළ උරුමයේ න...


Read More