විදේශ පුවත්

මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසු නව මිසයිල පද්ධතියක් නිර්මාණය කිරීමට සැලසුම් කරන බව රුසියාව පවසයි.

රුසියානු ආරක්ෂක අමාත්‍ය සර්ජි ශොයිගු සඳහන් කළේ, ලබන වසර 2ක තුළ මෙම මිසයිල පද්ධතිය නිර්මාණය කර අවසන් කිරීමට අපේක්ෂා කරන බව ය.

අමෙරිකාව ඉවත් වීමෙන් අවලංගු වූ මෙම න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට අනුව දෙරටට කෙටි සහ මැදිදුර මිසයිල භාවිතය තහනම් වී තිබිණි.

රුසියාව මෙම ගිවිසුම කඩ කර ඇතැයි චෝදනා කළ අමෙරිකානු ජනාධිපතිවරයා ඉන් සිය රට ඉවත් කර ගන්නා බව ඉකුත් සතියේ ප්‍රකාශ කිරීමෙන් පසු රුසියාව ද සිය රට එම ගිවිසුමෙන් ඉවත් කර ගනු ලැබුවේ ය.

මෙම තත්ත්වය දෙරට, නව අවි එක් රැස් කර ගැනීමේ තරගයකට යොමු කරනු ඇතැයි ජාත්‍යන්තර විචාරකයෝ මත පළ කළහ.

යුරෝපීය රටවල් ආශ්‍රිතව අමෙරිකාව සහ රුසියාව මිසයිල ස්ථානගත කිරීමෙන් හට ගත් අර්බුදය සමනය කිරීමේ අරමුණින් මෙම මැදිදුර න්‍යෂ්ටික මිසයිල ගිවිසුමට දෙරට අත්සන් තැබුවේ 1987 වසරේදී ය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

පාඨලීගෙන් ස්වයං විවේචනයක් (Video)

ජනපතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ පරාජයට පත්වීම පිළිබඳව විග්‍රහයක් හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා සිය ෆේස්බුක් පිටුව හරහා ප්...


Read More

‘අපි එකතු වෙලා වැඩ කරමු’ – කලාපීය බලවතාගෙන් ජනපතිට හා අගමැතිට යෝජනාවක්

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ප්‍රකාශයක් කරමින් කියා සිටියේ අසල්වාසී ඉන්දියාව සමග රාජ්‍යතාන්ත්‍රිකව හා සමීපව වැඩකටයුතු කිරීම...


Read More

අපිට විශාල අභියෝග තිබෙනවා – කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති කියයි

කැබිනට් මණ්ඩලය අමතමින් ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා කරන කථාව. "ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් අප සඳහන් කළා අපිට හැකිවන පළමු අවස්ථාවේදී මහ මැතිව...


Read More