දේශීය පුවත්

ජනාධිපතිවරණයෙන් කවුරුන් ජයග්‍රහණය කළද එළැඹෙන වසරේ (2020) මාර්තු මාසයෙන් පසුව මහමැතිවරණයක් පැවැත්වෙන බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ජනාධිපතිවරයා බලයට පත් වී මාස තුනක් ඉක්මවා ගිය තැන නව ජනාධිපතිවරයාට මහ මැතිවරණයක් කැඳවිය හැකිය.

මෙම තත්ත්වය මත ජනවාරි මාසයේදී ඉදිරිපත් කිරීමට කල් දැමුණු 2020 අයවැය ලේඛනය මාර්තු මාසයෙන් පසුව ඉදිරිපත් වීමට බොහෝ දුරට ඉඩ ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි. නව ජනාධිපතිවරයා හා බලයට පත්වන ආණ්ඩුවට අවශ්‍ය ආකාරයට අයවැය ලේඛනය සකස් කර ගැනීම එහි අරමුණ වෙයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තේරී පත්වී වසර හතරහමාරක් ගිය පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට ඇත. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් එම බලය හිමි වී තිබේ.

ඒ අනුව 2015 අගෝස්තු මස පැවැති මහ මැතිවරණයෙන් බලයට පත් වූ මෙම පාර්ලිමේන්තුවට වසර හතරහමාර සපිරෙන්නේ 2020 වර්ෂයේ මාර්තු මාසය වන විටය. එහෙයින් මෙම නොවැම්බර් 16 වැනිදාට පත්වන නව ජනාධිපතිවරයාට 2020 මාර්තු මාසයෙන් පසු පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලය හිමිවනු ඇත.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ගෝඨා ජනාධිපති වුණොත් බයවන පිරිසක් – ඩලස් (Video)

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වූ පසු කණ්ඩායම් කිහිපයක් බියට පත්වුවත් අනෙකුත් සියලුම ජනතාවට සතුටින් ජීවත්විය හැකි බව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ...


Read More

කෝටි 5000 ක බිල් අමාත්‍යාංශයේ හිරවෙයි.. ගෙවන්න සල්ලි නෑ… සජිත්ගේ මැතිවරණ පොරොන්දු පුස්සක් වෙයි

විවිධ අමාත්‍යාංශවලින් පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් ගෙවීම සඳහා ඉදිරිපත් කරන ලද රුපියල් කෝටි 5,000ක පමණ හිඟ බිල්පත්...


Read More

ප්ලොට්-ටෙලෝ දැඩි තීරණයක සජිත් නිසා දෙමළ සන්ධානය දෙකඩ වෙයි

ඉදිරි ජනාධිපතිවරණයේදී ද්‍රවිඩ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් හා එහි මාධ්‍ය ප්‍රකාශක එම්.ඒ. සුමන්තිරන් ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍ර...


Read More