දේශීය පුවත්

නව කථානායකවරයෙකු පත්කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය ඇතුලු එක්සත් ජනතා නිදහස් සන්ධානය සැලසුම් කරගෙන යන බව වාර්තා වෙයි.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තුව කැඳවු පසුව මන්ත්‍රිවරුන් 113කගේ සහය මෛත්‍රිපාල-මහින්ද නව රජයට ලැබී තිබුණහොත් යෝජනාවක් ගෙනවිත් කරු ජයසූරිය මහතා කථානායකධූරයෙන් ඉවත් කිරීමට සැලසුම් කර ඇතැයිද වාර්තා වෙයි.

ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය තුළ සිටින ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කථානායක ධුරය ලබාදිය යුතු බවටද යෝජනා ඉදිරිපත් වී තිබේ.

ලබන 14 වැනිදා පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ අංක 01 වශයෙන් නව කථානායකවරයෙකු තෝරාගැනීම යොදාගනු ඇති බව ශ්‍රීලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පැවසීය.

ඊටපෙර බොහෝ දුරට කරු ජයසූරිය මහතා කථානායකධුරයෙන් ඉල්ලා අස්වනු ඇති බවත්, එසේ නොමැතිව විශ්වාසභංග යෝජනාවක් ගෙනැවිත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 113කගේ ඡන්දයෙන් කරු ජයසූරිය මහතා ඉවත් කිරීමට සිදුවුවහොත් එමගින් ඔහුගේ දේශපාලන දිවියට කළු පැල්ලමක් එකතු වනු ඇති බවත් එම මන්ත්‍රීවරයා සඳහන් කළේය.

කථානායක කරු ජයසූරිය මහතා සමග තවදුරටත් කටයුතු කළනොහැකි බවත්,ඔහුගේ ක්‍රියාකලාපය සම්බන්ධව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ සියලු මන්ත්‍රීවරුන්ගේ විරෝධය පළවී තිබෙන බවත් එම මන්ත්‍රිවරයා කියා සිටියේය.

කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂය ආරක්ෂා කරමින් සිටින බවත්,ඔහු ඉවත් කළ යුතු බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මන්ත්‍රීවරුන්ගේ ඉල්ලීමක් තිබෙන බවත් ඔහු කීය.



Leave a Reply

Your email address will not be published. Required fields are marked *

ප‍්‍රධාන පුවත්

ෂැන්ග‍්‍රිලා හා සිනමන් ග‍්‍රෑන්ඞ් බෝම්බකරුවන් වන අයියා මලෝ මෙන්න (Video)

පාස්කු ඉරිදා ත‍්‍රස්ත ප‍්‍රහාරයේදී කොළඹ ෂැන්ග‍්‍රිලා හෝටලයට හා සිනමන් ග‍්‍රෑන්ඞ් හෝටලයට මරාගෙන මැරෙන ප‍්‍රහාර එල්ල කළ සහෝදරයන් දෙදෙනාගේ ඡ...


Read More

“මද්‍රසා පාසල් තහනම් කරනු..! පරීක්ෂණ වලට බාධා කරේ බදියුදීන්, මුජිබර් රහුමාන්, අසාද් සාලි” – විමල් පාර්ලිමේන්තුව හොල්ලයි!

මේ වන විට පැවැත්වෙන පාර්ලිමේන්තු සභා වාරයේදි විමල් වීරවංශ මන්ත්‍රීවරයා සිදු කළ ප්‍රකාශයක් දැඩි ලෙස කතාබහට ලක්විය. එහිදී ඉස්ලාම් අන්තවා...


Read More

රිෂාඩ්ලාගේ ඡන්ද ටිකට ලෝබවෙලා මුස්ලිම් අන්තවාදය පරාජය කරන්න බෑ – ජාතික සංවිධාන

අද (24) පෙරවරුවේ රාජගිරිය ජාතික සංවිධාන පොදු මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අදහස් දැක්වූ වෛද්‍ය වසන්ත බණ්ඩාර මහතා සදහන් කළේ ර...


Read More